โค๏ธ๐Ÿ’”....๐™’๐™ž๐™ฉ๐™ ๐™ฎ๐™ค๐™ช ๐™’๐™ž๏ฟฝ...

By _TaeKitty_

8.9K 2.1K 694

One day๐Ÿ‚ you will cry for me....... As much as I cry for you today........ One day๐Ÿ‚ you will miss me... More

โค๏ธ/๐Ÿ’”...Introduction...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I See you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I see you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I Meet you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I meet you(Chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(Chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Dynamite Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...Special A/N...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I want you(chapter 06)...โค๏ธ/๐Ÿ’”
โค/๐Ÿ’”...I want you(chapter 07)...โค/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 01)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 02)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 03)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 04)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ/๐Ÿ’”...I feel you(chapter 05)...โค๏ธ/๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 06)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 07)...โค๏ธ๐Ÿ’”
โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 08)...โค๏ธ๐Ÿ’”

โค๏ธ๐Ÿ’”...I feel you(Chapter 09)...โค๏ธ๐Ÿ’”

317 35 32
By _TaeKitty_

Choi Inha p.o.v.

මං අතෙන් කටත් වහගෙන ජන්කුක්ගෙ රූම් එකෙන් එළියට ආවෙ හිනාව නවත්තගන්න බැරුව.ලැජ්ජාවට ජන්කුක්ගෙ කන් දෙකත් රතුම රතු පාට වෙලා.😂.......අයියෝ මේ කොල්ලා.ඇත්තටම වෙන කරන්න දේකුත් තිබ්බෙ නෑනේ......එයාගෙ සයිස් එකට අන්දන්න ඇදුම් මෙහෙ කොයින්ද 🙄 ගෝනියක් තමා දෙකට කපල අන්දන්න වෙන්නෙ 😂
මට මතක් වුනේ ඊයෙ රෑ ජන්කුක් කරපු විකාර වැඩ.මං එහෙම්මම ඇදෙන් හාන්සිවෙලා ඇස් දෙකත් පියාගෙන කල්පනා කළේ ඊයෙ රෑ එයා කියෝපු දේවල් ගැන.

Flash back
,
,
,
"හරි ඔයා නිදාගන්න....බාත්රූම් එක අතන......."

මං ලාවට හිනාවීගෙන ආපහු හැරෙන්න හදද්දිම එකතැන ගල්වුනේ ජන්කුක්ව දැකලා.බාගෙට ගැලවිලා තිබ්බ ෂර්ට් එක ගලවලම විසික් කරලා දාලා.දුහුල් තිර වැටිලා තිබුණු බැල්කනියෙ ජනේලෙ රැදිලා හුළගට දෙපැත්තට වැනෙන ජන්කුක්ගෙ ෂර්ට් එක දිහායි ජන්කුක් දිහායි මං මාරුවෙන් මාරුවට බැලුවෙ අන්දමන්ද වෙලා.තව ටිකක් ඒක ඔතන තිබ්බොත් අනිවාරෙන් ගගගෙන යයි.මේ කාලෙ හුළං වැඩියි.අනික බැල්කනියෙ 😑 අයියෝ මේකනම්..........😑 මට පිස්සු හදෝලයි නවතින්නෙ........😑........
මං අඩි හප්ප හප්ප ගිහින් ජනේලෙ එල්ලිලා තිබ්බ ෂර්ට් එක අතට අරගත්තෙ කේන්තියෙන්.දැන්නම් රතු කට්ට පැනලා.😑

"ආහ්.......ජන්කු__ක්........ලෙමන් ජූස් එකක් ගේන්නද ඔයාට.........😑"

මං කේන්තිය පැත්තකට දාලා දත්මිටි කාගෙන එහෙම අහන ගමන් ජන්කුක්ගෙ පැත්තට හැරුනා.

"ඒහ් ඒහ්..........ඔයා ඔය........හහ්......😨😟.............."

මට වචන පටලැවිලා දිවත් ගොත ගැහුනේ කලිසමත් ගලෝලා දොර දිහාවට විසික් කරලා ෂෝර්ට් එක පිටින් ඇදේ හතරගාතෙන් අඩු දිගෑරගෙන ඉන්න ජන්කුක්ව දැකලා.

"මොකද.........😏........"

මේකා තව අහන හැටි.....😤......ෂික් ලැජ්ජාවක් නැතුව රෙදි ගලෝගෙන ඉන්න හැටි 😤 කෙල්ලො ඉස්සරහ හැමදාම මෙහෙම ඉන්නවා ඇත්තෙ.😤ආහ්........කෙල්ලො නෙමේනෙ.......😒........ඔන්න ඉතින් ආපහු මට දුක හිතෙනවා......😒

"ආහ්........මේකයි ඔයා ඔය.......... මොකක්ද කරේ ජන්කුක්😨.........."

"රෙදි ගැලෙව්වා 😏 අනික කවුද ඔය කියන ජන්කුක්........😏........."

හයියෝ මෙයා ආයෙම පටන් අරන්.........මං තොලත් හපාගෙන කල්පනා කළේ කකුළත් වන වනා සිවිලිම දිහාට මූණ හරෝගෙන ඉන්න ජන්කුක් දිහා බලාගෙ‍නයි...........මොන ලැජ්ජාවක්ද මේ..........😒.........ටේවත් මෙහෙම කවදාවත් නෑ.......😒......හහ්.......මේ යකා........😤.......මගෙ ඇස් දෙකත් දූෂනය කළා 😤 ඒත් නෑ.......ඒ වචනෙ කැතයි 😬 ආහ් මේ ඇස් අපවිත්‍ර කලා 😬😤

"මේ මිස්ටර් ජන්කුක් රෙදි ගැලෙව්වා කියලා මොකක්ද ඔයා අදහස් කරන්නෙ 🤨 ඔහොම හරිද ආ 😒 "

"රෙදි ගැලෙව්වා මීන් චේන්ජ් කලා😎 බේබි ගර්ල්😏........"

හෑ..........😤 බේබි මොකාක්......😨........මට යක්ෂාවේෂ වීගෙන එද්දි මං හයියෙන් හුස්මක් අරන් කොහොමහරි පාලනය වුනා.

"ඒයි මැටි හාවා 😤 ඕකට කියන්නෙ චේන්ජ් කරනව කියලද 😤 මොන රටේද දන්නෑ එහෙම කියන්නෙ 😨 ඕ...ඕ...ඕකට කියන්නෙ.........___"

"ඒකනෙ කලින් කිව්වෙ රෙදි ගැලෙව්වා කියලා 😏 ඔයා වැඩිය හිතන්න එපා.....රස්නෙ නිසා ගැලෙව්වෙ 😒 හරි කෝමහරි මං මෙන්න මේකත් ගැලෙව්වොත් ඉතින් ප්‍රශ්නයක්.😎 ඒත් මං සංවරව ඉන්නවනෙ 🥺 "

"ජන්කුක්ක්ක්ක් 😤..........."

"I'm not 😏"

"ජන්කුක්.........😤.........."

"Yahh.....I want 😭....."

"මොකක්ද ඒ පාර 😕🙄......"

"අනේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ් 😭"

මං අන්දමන්ද වෙලා බලාගෙන හිටියේ ඇදේ කකුල් ගහණ ගමන් අඩන ජන්කුක් දිහා.මොකක්ද එක පාරටම වුනේ.ඇස් වලින් කදුළු වැටුන් නැතත් , බොරුවටද මන්දා 😒 කොහොම වුනත් ජන්කුක් අඩනවා.මං ඇද ළගට දුවගෙන ගියෙ බයටමයි.කට උල් කරන් අඩන ජන්කුක් ගාවින් වාඩිවෙලා මං එයාගෙ අතකින් අල්ලගත්තේ ගැස්සුනු හදවතින්.මගෙ අත වගේ දෙගුනයක් ලොකු එයාගෙ අතේ ලස්සන ටැටූ එකක්.මං ඒ දිහා බලන් හිටියෙ ආසාවෙන්.

"Yah.....I want....hh....."

මං කල්පනා ලෝකෙන් එළියට ආවෙ ජන්කුක්ගෙ ඇඩිල්ලට.දිගටම අත අල්ලගෙන ඉන්න ගමන් මං ඒ ඇස් වලට එබුනෙ එයාට ඕන මොනවද කියලා දැනගන්න.බඩගිනිද දන්නෑනේ.

"මට ඕනා.......😭"

"ජන්කුක් කියන්නකො මොනවද ඕන "

"ම්ම් ඔයා මට බනිනවද 🥺 "
ජන්කුක් බෙල්ලත් ඇද කරගෙන අහන්නෙ හරියට අයිස්ක්‍රීම් ඉල්ලන පොඩි බබෙක් වගේ.

"නැහ්.....බනින් නෑ....."

"හී හා.......ඒනම් මට ගුන්නයිට් කිස් එකක් දෙන්න........."

"හැහ්........"

"ඕව්ව්.........කුකීට හියුන් හැමදාම දෙනවා.....මට නින්ද යන් නෑ නැත්නම් 😭"

ජන්කුක් ආයෙ අඩන කටහඩකින් එහෙම කියලා තොල් දෙකත් උල්කරන් ඇස් දෙකත් පියාගෙන ඉන්න විදිහට මට හිනා ගියා.ඒත් මං කොහොමද..........ජන්කුක් ඉන්නෙ හොද සිහියෙනුත් නෙමෙයි.ඒත් එයා මට මගේම මල්ලි කෙනෙක් වගේ කියලා හිතන්න පුළුවන්නෙ.ඔව් එයාව ඕනාටත් වඩා එයාගෙ හියුන්ලා හුරතල් කරලා.මං ඇදට දණහිස තියලා හිමීට නැමුනේ කොණ්ඩ කෑලි වලින් වැහිලා තිබ්බ ජන්කුක්ගෙ නළලට.ඇගිලි තුඩුවලින් පිටිපස්සට කරපු කෙස් රොදවල් අතරින් පේන ජන්කුක්ගෙ නළලට මං දෙතොල් තදකරා. ජන්කුක්ගෙ උණුසුම් හුස්ම හයියෙන් හයියෙන් මගෙ බෙල්ලෙ වැදිලා විසිරුනේ එයා මේ වෙලාවෙ නොසන්සුන් කියලා පෙන්නලා.

"ආහ්........නාලා නෑ....ගදේ බෑ....ගදයා......"

මං ජන්කුක්ගෙ උරහිසට පාරක් ගහලා එහෙම්මම ආපහු ඇදෙන් වාඩිවුනේ හිනාවීගෙන.ඒක එයාට හියුන්ලා දෙන විදිහෙ නිකන්ම නිකන් කිස් එකක් කියලයි ජන්කුක්ට දැනෙන්න ඕනි.මිනිස්සුන්ගෙ හැගීම් අහස වගේ........හිටිහැටියෙයි අකුණු ගහන්නේ...........

"ගුඩ්නයිට් ජන්කුක්......."

කොණ්ඩෙ අතරින් ඇගිලි තුඩු ගෙනියනකොට සනීපෙට ඇස් වහගත්තු ජන්කුක් දිහා බලාගෙන මං මිමිණුවා.

"හ්ම්......ජන්කුක් කවුද "
කෙදිරිල්ලක් වගේ ඇහුනු ජන්කුක්ගෙ කටහඩින් ආපහු කලින් ප්‍රශ්නෙමයි.ඒත් ඒක තවදුරටත් උත්තරයක් නැති ප්‍රශ්නයක් නෙමෙයි.

"ජන්කුක් කවුද කියලා හොයාගත්තා.ම්ම්.......අපි කුකී කියන හාවව ජන්කුක් කියන නපුරා වෙනුවට තියාගම්මු.

තදට පියවුනු ඇස් කොන් හීනි වෙලා ලාවට වැහුනු තොල් එකට ළංවෙලා නිකට ළගින් ලාවට වල ගැහීගෙන එද්දි ජන්කුක්ගෙ චිත්‍රයක් වගේ කඩවසම් මූනේ ඇදුනෙ හීනි හිනාවක්.ඒ හිනාවට ඕනි කෙනෙක් වශී වෙනවා.ඒ තරමටම ලස්සනයි.මට දැනුනෙ කවදාවත් නැති තරම් සතුටක්.ඔව් අන්තිමට අඩන බබා හිනාවුනා.....එයා සතුටින්..........

"ගුඩ්නයිට් කුකී........ස්වීට් ඩ්‍රීම්ස් "

හිමීට වැහීගෙන එන දොරෙන් ටිකෙක් ටික නොපෙනී යන ජන්කුක්ගෙ නිදිරුව දිහා බලාගෙන මං හිමින් වචන එකතු කළා.

.
.
.
.
.

No one's p.o.v.

ජන්කුක් වොෂ් දාගෙන පහළට ආවෙ මොනාහරි බඩට දාගන්න.ඊයෙ දවල්ටත් කන්නෙ නැතුව රෑට ඩ්‍රින්ක්ස් ගත්ත නිසාද මන්දා කොල්ලට දැනුනෙ බඩ අස්සෙන් පිච්චෙනව වගේ.කොට කලිසමක් යටට ඇදගෙන උඩින් හව්ස්කෝට් එකක් පොරවගෙන පඩිපෙල දිගේ මූනත් බෙරි කරන් පහළට බහින කොල්ලව දැක්කොත් ඕනි කෙනෙක්ට හිනා යනව කියලනම් විශ්වාසයි.කොල්ලා පහළට ඇවිල්ලා වටේටම ඔළුව කරකව කරකව බැලුවෙ කවදාවත් ඇවිල්ලා නොතිබුණු ඉන්හගෙ ගෙදර කිචන් එක තියෙන තැන හොයාගන්න.

"ආහ් මේ ගෙදර ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑනෙ.....😕.....මෙච්චර ලොකුවට හදාගත්තු එකේ මැප් එකක් ප්‍රින්ට් කරල දොර ළගින් තියන්න බැරි වුනාද මෙයාට 😒........."

කොල්ලා ඔළුවත් කහ කහ සාලෙ එහෙටයි මෙහෙටයි ඇවිදින ගමන් හිත යටිනුත් කලේ කෙල්ලට බනින එක.බැන්නට මොකද මේ විදිහට කොල්ලගෙ යටි හිත ආස වුනා.ඒක එහෙම නෙවෙයි කියනවනම් ඒක කොල්ලා තමන්ටම කරගන්න ලොකු බොරුවක් කියලා කොල්ලත් දැනගෙන හිටියා.කොහොම මෙහෙට කඩාපාත් වුනත් ඉන්හත් එක්ක එකට එක පොඩි වෙලාවක් හරි ඉන්න ලැබුන එකට කොල්ලට දැනුනෙ දිව්‍යලෝකෙ ගියා වගේ සතුටක්.ඉන්හගෙ ගෙදර අස්සක් මුල්ලක් නෑරම කොල්ලා හොදට ඇවිද ඇවිද බැලුවෙ ඒ තිබ්බ අමුතු ලස්සන නිසා.කිසිම අඩුවක් නැතුව හැම දෙයක්ම පිළිවෙලට පිරිසිදුවට තියෙන විදිහට කොල්ලගෙ හිත ඇදිල ගියා.කොල්ලට මතක් වුනේ කොල්ලගෙ කාමරේ 🙄 කොච්චර ලොකු ගෙවල් ගොඩක් තිබ්බත් කොල්ලා කාමරේ අස් කරන්න හරි කම්මැලියිනෙ.🙄

"මං හෙටම කාමරේ අස් කරන්න ඕන 😒🙄........"

ජනේලෙ ළඟ තියලා තිබ්බ ගෝල්ඩ් ෆිෂ්ලා දෙන්නෙක් පීන පීන හිටිය ෆිෂ් බෝල් එකක් දිහා බලාගෙන කොල්ලා කල්පනා කලා.

"ආහ්......අර තියෙන්නෙ කිචන් එක.....😋.........මගෙ බඩටත් ඇස් තියෙනවද මන්දා......🙄 කිචන් එක දැක්ක විතරයි දැක්කා දැක්කා කියලා කෑගහනවනෙ මෙයා 😂........."

කොල්ලා කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එක ඇරල අතට ගත්ත කූල් වතුර එකත් බොන ගමන් එතනම තිබ්බ පුටුවකින් වාඩිවුනේ ඉන්හා එනකන් ඉන්න කියලා හිතාගෙන.වතුර එක ටේබල් එක උඩින් තිබ්බ කොල්ලගෙ ඇස් වලට අහුවුනේ ෆ්‍රේම් කරලා ටේබල් එක උඩම තියා තිබ්බ ෆොටෝ එකක්.

"ලස්සනයි........මට ඔයාව අයිති කරගන්න බැහැ......ඒත් මං ආදරෙයි....කොච්චර අමතක කරල ඉන්න හැදුවත් වතුරෙ ගිල්ලපු රබර් බෝලයක් වගේ කොයිවෙලෙත් මගෙ මතකෙටම එනවා.....😊.....
හ්ම්......හේසල් හරි......😊ජීවිතේ කියන්නෙ අන්තිම මොහොත වෙනකන් හුස්ම ගන්න හේතුවක් හොයන දිගම දිග කතා පොතක්ම තමා.....😔 "

කොල්ලා ඇස් දෙකත් පියාගෙන ෆොටෝ එක උඩ හාදුවක් තිබ්බෙ ඇස් කොනකින් කදුළු බිංදුවක් වැටෙද්දි.ෆොටෝ එක පපුවට තුරුල් කරන් ඇරල තිබුණු ජනේලෙන් පේන නිමක් නැති අහස දිහා කොල්ලා බලාගෙන හිටියෙ අනික් හැමදෙයක්ම අමතක කරලා.

"ජන්කුක්.........."

ස්ලාංං...............💥💥💥💥.............

"ඉ.....ඉ......ඉන්හා ඔයා.......😯........"

******
කාමරේ අස්සෙ කල්පනා කර කර ඉද්දි දැනෙන් නැතුවම වෙලාව ගිහින් කියලා කල්පනා වුනු කෙල්ල ඉක්මනටම කොල්ලගෙ රූම් එකට දිව්වෙ ගෙදර තියෙන කිසිම තැනක් ගැන කොල්ලා හරියට දන්නැති වග මතක් වෙලයි. ඒත් කාමරේවත් බාත්රූම් එකේවත් කොල්ලා නැහැයි කියලා දැක්කම කෙල්ල පහළට ආවෙ ජන්කුක් හොරාට ගිහිල්ලද කියලා දැනුනු සැකෙත් එක්ක.නිකමට කිචන් එක පැත්තට ඇවිදන් ගිහින් බලන්න හිතුව කෙල්ල කිචන් එකට යද්දි කොල්ලා අනිත් පැත්ත හැරිලා මොනවදෝ ලොකු දෙයක් බරටම කල්පනාව.කෙල්ලට පිටුපාලා ඉන්න නිසා කොල්ලගෙ මූන කෙල්ලට හරියකට පෙනුනෙ නැහැ.ඒත් ඔහේ උඩ බලාගෙන කල්පනා කරන විදිහ දැක්කමනම් කෙල්ලට ලාවට හිනා ගියා.කෙල්ල ටිකක් වෙලා අත් දෙකත් බැදගෙන බලාගෙන හිටියෙ කොල්ලගෙ ඉරියව් දිහා.කොල්ලගෙ අතේ මොකක් හරි තියෙනව කියලා යන්තමට දැක්ක නිසාද කොහෙද කෙල්ල එකපාරටම ජන්කුක්ට කතා කලා.ඒත් කෙල්ල හිතුවෙවත් නැති තරම් බය වුනු කොල්ලා මේ පැත්ත හැරුනෙ සලාං ගාලා අතේ තිබ්බ දේත් බිමට අතාරින ගමන්.

"ඉ......ඉ......ඉන්හා......😥 අනේ I am really really really sorry 😥 අනේ මං හිතලා කළේ නැහැ 😥 මගෙ අතින්....ම...ම...මගෙ අතින් ඒ...ඒක.......😥.........."

"අයියෝ ඇති ජන්කුක් 😂 අනේ ඕකට මොකද අනේ......කෝ ඔතනින් හිමීට අයිනට එන්න......කකුලෙ ඇනගන්න එපා වීදුරු කටු......."

"අනියෝ 😥 මං මං අස් කරන්නම්....මං හරියට වද දෙනව ඔයාට 😔 සමාවෙන්න 😔 ආයෙ මෙහෙම වෙන් නෑ.....මං අස් කරන්නම්.......ආහ්හ්හ්.......😫........."

තමන් දිහා බලාගෙන කදුළු පුරෝගෙන කියෝන කොල්ලා දිහා කෙල්ල බලන් හිටියෙ පුදුමෙන්.......මෙච්චර පොඩි දේකට කොල්ලා මෙච්චර සමාව ඉල්ලන්නෙ ඇයි කියන දේයි කෙල්ලගෙ ඔළුවෙ වැඩකලේ.....ඒත් කෙල්ල නිකමටවත් කල්පනා කලේ නැහැ කොල්ලා මෙච්චර වෙලා තුරුල් කරන් හිටියෙ තමුන්ගෙ ෆොටෝ එකක් නේද කියන එක.පොඩි පොඩි අතපසුවීම් කාලයක් යද්දි විදින්න ලැබෙන ලොකු වේදනාවක ආරම්භය වෙන බව කෙල්ල දැනන් හිටියත් මොන හේතුවක් නිසාද මන්දා ජන්කුක්ගෙ ප්‍රශ්නෙදි කෙල්ල අවස්ථා දෙකක්ම හමාර කළේ ලොකු අතපසුවීම් කන්දරාවක් එක්ක.කොල්ලගෙ ඇස් වල තිබ්බ කතන්දරේ එක මොහොතකට හරි කෙල්ල තේරුන් ගත්තනම් හැම ප්‍රශ්නයක්ම වෙනස් විදිහක අවසානයක් එක්ක මේ වෙද්දිත් තීරනේ වෙලා ඉවරයි.
කෙල්ලගෙ කටහඩට ගැස්සුනු කොල්ල අතේ තිබ්බ ෆොටෝ එක බිමට වට්ටගත්තේ ඒ දේවල් කෙල්ල දැනගන්නවට කොල්ල බය වුනු නිසා.එක පාරටම අතින් ලිස්සලා වැටුනා වුනත් එහෙම වුනු එකත් හොදයි කියලා ජන්කුක් හිත යටින් සතුටු වුනා.කෙල්ල එපා කියද්දි අස් කරන්න ගිහින් කකුලෙ වීදුරු කටු ඇනගත්ත කොල්ලා සෝෆා එකේ වාඩිවෙලා හූස් හූස් ගගා කෑගැහුවෙ කෙල්ල සර්ජිකල් වලින් තුවාල පිහිදාද්දි.කියන දේ අහන් නැතුව ජන්කුක් හිතුවක්කාර වුනු නිසා කෙල්ල හිටියෙ තරහින්.කියන දේ අහලා මෙහාට වුනානම් වීදුරු කටු ඇනගන්නෙ නැහැනෙ.

"ආහ්හ්හ්හ්හ්.......😫.......ඔයා හිතලම රිද්දනවා 😫 "

"ඔව් ඔව් හිතලම තමා මං රිද්දන්නෙ....😤මං තව රිද්දනවා 😤 ඔහොම ඉන්නවකො 😤"

කටත් උල් කරන් නහයෙන් අඩන ජන්කුක්ගෙ කකුලට බෙහෙත් දාන ගමන් කෙල්ල දත්මිටි කාගෙන කියෝනවා.

"වේ.......😫......රිදෙනවා......හිමීට කරන්නකො 🥺 "

"අනේහ්හ්හ්හ්.......🥺හරි හරි මං හිමීට කරන්නම්.....සොරි🥺.........ඔයත් හිතුවකාරයිනෙ.....😒 ඉතින් මට කේන්ති යන් නැද්ද 😒"

කොල්ලගෙ අඩන මූන දැකලා දුක හිතුනු කෙල්ල කටින් පිඹ පිඹ කොල්ලගෙ කකුළට හෙමින් බෙහෙත් දැම්මෙ ඇස් වල කදුළුත් පුරෝගෙන.කොල්ලට තුවාල වුනත් රිදිල තියෙන්නෙ කෙල්ලට.ඉන්හත් කල්පනා කලේ මේ බැදීම මොකක්ද කියලයි.ජන්කුක් අඩද්දි තමුන්ටත් කදුළු එන්නෙ එයාට තුවාල වුනාම තමන්ටත් මෙච්චර රිදෙන්නෙ , තමන්ගෙ ඔළුවෙ විතරක්ම තියාගන්න පුළුවන් ඒ අමුතුම ප්‍රශ්න වලට කෙල්ල නිහඩවම හේතු හෙව්වා.

"ම්ම්ම් දැන් හරි.......කෑමත් සීතල වෙලා ඇති කුකී........මං රත් කරලා එන්නම්........"

"ඉන්හා 😔 කුමාවෝ 😔 හැමදේකටම "

"ඔන්න ආයෙ පටන් ගත්තා...මං කිව්වනෙ මාව ඔයාගෙ නූනා කියලා හිතන්න කියලා.....ඔතනින් බහින්න එපා......මං කෑම..........

📲........(phone ringing)

කෙල්ල කතාව බාගෙට නවත්තලා ෆෝන් එක කනේ ගහගත්තෙ කොල්ලා දිහා බලාගෙනමයි.
සැරින් සැරේට මාරුවෙන ඉන්හගෙ මූනෙ ඉරියව් දිහා ජන්කුක් බලාගෙන හිටියෙ නොඉවසිල්ලෙන්.කොල්ලා බෙල්ල කරකෝලා බැලුවේ ෆෝන් එක කනේ ගහගෙනම සාලෙ දිහාට ගියපු කෙල්ල දිහා.

"ම්හ් අනේ මන්දා 🙄 මට වැදගත් නැතුව ඇති 🙄 ඒකනෙ අරහෙට ගියෙ 🙄 "

උරපතු දෙකත් ගස්සපු කොල්ලා සෝෆා එකේ පැත්තක දාලා තිබ්බ කොල්ලගෙ ෆෝන් එක අතට අරගෙන ඔබන්න ගත්තෙ කරන්න වැඩක් තිබුනෙ නැති නිසා.

"අනියෝ........ජන්කුකාහ්......😮 ඔය ඔය ෆෝන් එක පැත්තකට දාන්න....."

එකපාරටම කඩාගෙන බිදගෙන දුවන් ආපු කෙල්ල ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම කොල්ලගෙ අතේ තිබ්බ ෆෝන් එක උදුරගත්තෙ එහෙම කියන ගමන්. සිම් එක ගලෝලා දෙකට කඩලා ඩස්බින් එකට දාන ගමන් ෆෝන් එක ඕෆ් කරලා tv ස්ටෑන්ඩ් එකේ ලාච්චුවකට දාපු කෙල්ල දිහා කොල්ලා බලන් හිටියෙ කියන්න දෙයක් හිතාගන්න බැරුව.

"වේ......වේ.....🤨 ඇයි ඔයා එහෙම කලේ ආ.........😕"

"ජන්කුක්......මේ අහන්න......නම්ජුන් හියුන් කතා කලේ......."

කෙල්ල කිව්ව දේ අහලා කොල්ලගෙ ඇස් දෙකත් උඩ ගියෙ දවස් දෙකකින් ඩ්‍රෝම් එකට ගියෙ නෑ කියලා මතක් වෙලා.

"හි...හියුන් මොනාද කිව්වෙ ඉන්හා.....😔"

"මොකවත් නෑ....හැබැයි මේ දේ හොද නැහැ ජන්කුක්.......ඔයා දන්නවද මොනාද වෙලා තියෙන්නෙ කියලා....."

අත් දෙකත් බැදගෙන සීරියස් විදිහට තමන්ගෙ දිහා බලාගෙන ඉන්න කෙල්ල දිහා කොල්ල බැලුවෙ බයෙන්.ඊයෙ රෑ වුනු දේවල් ගැන වැඩි මතකයක් නැති වුනත් එළියට දුවන් එද්දි මූනට වැදුනු ෆ්ලෑෂ් ලයිට් එළි වල මොකක් හරි සම්බන්ධයක් ඇතුව සිද්දවුනු දෙයක්දෝ කියලා සැකයක් කොල්ලගෙ හිතේ තිබ්බා.

"මොනාද වෙලා තියෙන්නෙ ඉන්හා......😔"

"ඊයෙ ඔයාව කවුරු හරි වීඩියෝ කරලා ජන්කුක්......ඔයාව හැමතැනම මීඩියා වලින් හොයනවලු......ඔයා ක්ලබ් එහෙකට ගියපු එකමත් නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නෙ.....😒.......ඊයෙ octagon ක්ලබ් එකත් එක්ක ඩීල් තියන් ඉන්න ගණිකා නිවාසයක් අල්ලලා තියෙනවා.මීඩියා වලින් මේක ප්‍රසිද්ද කරන්නෙ 😔 ඔයා එයාලව යූස් කරන්නම ඊයෙ ක්ලබ් එකට ගියායි කියලා.....😒.....අනික ඔයා කෙල්ලෙක්ව 😕 හග් කරන් ඉන්න ෆොටෝස් වගයක් මීඩියා වලින් හොයාගෙනලු 😔......"

කෙල්ල කොල්ලගෙ අත් දෙකෙන්ම අල්ලගත්තෙ මොනා නැතත් ජන්කුක් එහෙම කෙනෙක් නෙමෙයි කියන්න කෙල්ලගෙ හිත විශ්වාස කරපු නිසා. ජන්කුක් එහෙම කෙනෙක් කියන්න ඇස් පනාපිට සාක්ශි හම්බුනත් කෙල්ල ඒවාවත් විශ්වාස කරන් නැති තරමට ජන්කුක් ගැන අවබෝධයෙන් හිටියෙ. බයෙන් වරදකාරී හැගීමෙන් පිරිලා ගියපු ජන්කුක්ගෙ ඇස් බිමටම හැරවිලා තිබ්බෙ තමන් ගැනම ඇතිවෙලා තිබ්බ කලකිරීමත් එක්ක.

"ඉ...ඉන්හා......මං....මං.....මොකක්ද දැන් කරන්නෙ......මං....මං......එහෙම කෙනෙක් නෙමෙයි.....එ....එතන වුනේ වෙන දෙයක්.....😫"

"හරි ජන්කුක්.......හිතන්න එපා....නම්ජුන් හියුන් කිව්වා ඔයාට කියන්න කියලා කිසිම දේකට කලබල වෙන්න එපා කියලා , ඔයාගෙ ඒජන්සිය මේ වෙද්දිත් ඒ දේවල් හැන්ඩ්ල් කරන්න පටන් අරන්ලු තියෙන්නෙ.ඔය rumors ඉක්මනින්ම නැතිවෙලා යයි.එතකන්....ඔයා වැඩිය කාවවත් කනෙක්ට් කරගන්න එපා....නම්ජුන් හියුන්ට හරි කාටහරි කතා කරන්න ඕනනම් ගෙදර ෆෝන් එක යූස් කරන්න."

කෙල්ල තාමත් කොල්ලගෙ අත් දෙක අල්ලගෙන මූනට එබීගෙන ඉන්නෙ පුදුම විශ්වාසෙකින්.තමන් ගැන තමන්ටත් වඩා විශ්වාස කරන කෙනෙක් ඉන්න එක ගැන කොල්ලට දැනුනෙ වචනෙන් කියන්න බැරි තරමෙ සතුටක්.

"ඉ....න්හා......එතකොට මං 😥......"

"ඔව් ජන්කුක් ඔයා ටික දවසක් මෙහෙ ඉන්න....කොහෙවත් යන්න බෑ....අඩුම ගාර්ඩන් එකටවත්.......සෝශල් මීඩියා , කෝල්ස් ඔය මොනවත් බැහැ....කොටින්ම ඔයාට අද ඉදන් ෆෝන් එකක් නෑ.ගෙදර තියෙන ඩිවයිස් පාවිච්චි කරන්න....කම්මැලියිනම්....ඔයාගෙ ෆෝන් එකට අත තියෙන්න බෑ......දන්නවනෙ එයාලා ඔයා ඉන්නෙ මෙහෙ කියලා හොයාගත්තොත් තවත් කටකතා ගොඩක් අහගන්න වෙයි 😉 "

****************
ටේහියුන්ග් තාමත් හොස්පිටල් එකේ රූම් එකක් අස්සෙ.දැනට සතියක්........ඒත් කොල්ලට සැරින් සැරේට එන තද හිසරදේ නිසා ඩොක්ටස්ලා විතරක් නෙමේ අනිත් හැමෝමත් කැමති වුනේ නැහැ කොල්ලා ඩිස්චාර්ජ් වෙනවට.ටේහියුන්ග් හොස්පිටල් ඉන්න බැහැයි කියලා නාහෙන් අඩන හැමවෙලාවෙම මහ හයියෙන් ඇහෙන ජින්ගෙ නෝක්කාඩුව දැන් හැමෝටම පුරුද්දටත් ගිහින්. ඉතින් කොල්ලා ඒ අදහස අතෑරලා දාලා හොද වෙනකන්ම හොස්පිටල් ඉන්න තීරණේ කලා. කොල්ලා ඩොක්ටස්ලා කියන විදිහටම කෑම ගත්තෙ බෙහෙත් බිව්වෙ කිසිම බල කිරීමක් නැතුව , මොකද කොල්ලට උවමනා වුනේ ආපහු පරණ ජීවිතේට යන්න.හැමදාම දැනුනු අමුතු හිස් ගතිය වෙනසක් නැතුව අදත් දැනෙද්දි කොල්ලා ජනෙල්තිර අස්සෙන තද රතු පාටට බැහැගෙන යන ඉර දිහා බලන් හිටියා. ඈතින් පේන චෙරි ගහක් දිහාට කොල්ලගෙ බැල්ම යොමුවුනේ නිකන්මයි.චෙරි මල් වලින් ගහ පිරිලා තිබ්බට වෙනසක් නැතුව එකම විදිහට හැම මලක්ම මැලවිලා ගිහින්. කොල්ලට මතක් වුනේ එදා රූම් එකෙන් එළියට ඇදල දාපු කෙල්ලව.කෙල්ලගෙ මූන බලාඉද්දි මැලවුනෙත් පරවෙලා ගියපු චෙරි මලක් වගේ කියලා හිතෙද්දි කොල්ලට දැනුනෙ පපුව හිරිවට්ටන වේදනාවක්.හයියෙන්ම ජනෙල් තිරේ ඇදල දාලා කොල්ලා ඔළුවත් අල්ලන් ඇදෙන් හාන්සිවුනා.එදා සිද්දිය මතක් වෙන සැරයක් ගානෙ කොල්ලට දැනුනෙ තේරුම්ගන්න බැරි හිතේ වේදනාවක් ,පසුතැවීමක්.........මොන දේ අමතක වුනත් හදවතේ බැදීම් ලේ බැදීම්වලටත් වඩා ප්‍රබලයි කියන්නෙ ඒ නිසා වෙන්නැති. කිසිම මතකයක් නැතත් ඉන්හා ගැන කොල්ලට ඒ විදිහට දැනෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති. ටේහියුන්ග්ට ඒ හැගීම විස්තර කරන්නවත් තේරුම්ගන්නවත් බැරිවුනේ දෛවයේ කැමැත්‍ත ඒ විදිහටම වුනු නිසා වෙන්න ඇති.
කොහොම වුනත් කොල්ලගෙ යටි හිත කෙල්ල ආයෙ එයි කියලා හැමදාම බලාගෙන හිටියා.හේතුවක් නැතත්.....කොල්ලට ආපහු ඒ මූන බලන්න ආසවක් තිබ්බා.ඒත් ඊටපස්සෙ කවදාවත් ඉන්හා ටේහියුන්ග් බලන්න ආවෙ නෑ. අදවත් කෙල්ල එයි කියලා හිත හිතම කොල්ලා ඇස් දෙක පියාගත්තා.

...........🕦............

Kim Taehyung p.o.v.

මගෙ කෙස් ගස් අතරින් එහාට මෙහාට දුවන ඇගිලි තුඩුවල ස්පර්ෂයක් නිසා මාව නින්දෙන් ඇහැරුනා.ඔව්.......එදා වගේමයි......එයා අදත් මං නිදාගෙන ඉද්දි ඔළුව අතගානවා.හැබැයි එදා ආපු සුවදනම් නෙමෙයි.සැර මින්ට් පර්ෆියුම් සුවදක් අද දැනෙන්නෙ.එදා වගේම අදත් එයා මට කිස් එකක් දෙයිද......ඒ ස්ට්‍රෝබෙරි සුවදද අදත්........මගෙ හිතේ ප්‍රශ්න කෝටියයි.මං ඇහැරිලා හිටියත් නිදි වගේම හිටියෙ කම්මුලට හම්බෙන කිස් එක වෙනුවෙන්.මං එයාට අරහම බැන්නා වුනත් මං එයාව බලාපොරොත්තු වෙනවා.මොන විකාරයක්ද මේ ටේහියුන්ග් , මගෙ යටි හිත කෑගහන්නෙ මං කරන්නෙ වැරැද්දක් නිසා.....මේක හරියට මං එයාව පාවිච්චි කරනව වගේ නෙමේද......මගෙ හිත වටේ එක එක ඒවා කැරකුනත් මං එක මොහොතකට ඇස් ඇරියෙ නැහැ.මිනිත්තුවක් දෙකක් නැහැ දැන් මිනිත්තු දහයකට වැඩී.......ඒත් එක්කම මට දැනුනෙ එයාගෙ ඇගිලි තුඩු මගෙ ඔළුවෙන් ඈත් වුනා....එයා....එයා යන්නද හදන්නෙ........බෑ යන්න දෙන්න බෑ......මං එකපාරටම ඇස් දෙක ඇරලා එයාගෙ අතින් අල්ලලා තදකරා.හැබැයි ඊළග මොහොතෙ මගෙ අත අතහැරුනෙ එතන හිටියෙ චෙරි මලක් වගේ මැලවුනු මූනක් එක්ක එදා එළියට ගිය කෙල්ල නෙමෙයි කියලා හරියටම අදුර ගත්තු නිසා.

"ඒ.......ඒහ්........ඔයා කවුද ඒපාර......🤨"

A/N

Waiting for next chapter 😊
Comment එකක් Vote එකක් දාගෙනම යන්න හී 😁

Love U all 😘

Continue Reading

You'll Also Like

2.1M 57.6K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
1.5M 34.8K 60
In wich a one night stand turns out to be a lot more than that. -Completed-
79.8K 2.1K 30
Izuku Midoriya, neglected and bullied due to his lack of a quirk, endured abuse from his family and friends, especially his twin sister Izumi and Kat...
749K 20.3K 75
แ€™แ€„แ€บแ€ธแ€Ÿแ€ฌ แ€œแ€ฐแ€žแ€ฌแ€ธแ€แ€ฝแ€ฑแ€€แ€ญแ€ฏแ€€แ€šแ€บแ€แ€„แ€บแ€”แ€ฑแ€แ€ฒแ€ทแ€†แ€›แ€ฌแ€แ€”แ€บแ€™แ€œแ€ฑแ€ธแ€•แ€ฑแ€™แ€šแ€ทแ€บแ€€แ€ญแ€ฏแ€šแ€ทแ€บแ€กแ€แ€ฝแ€€แ€บแ€แ€ฑแ€ฌแ€ท แ€กแ€แ€ปแ€…แ€บแ€แ€ฝแ€ฑแ€€แ€ฏแ€žแ€•แ€ฑแ€ธแ€™แ€šแ€ทแ€บ แ€กแ€แ€ปแ€…แ€บแ€’แ€ฑแ€ซแ€€แ€บแ€แ€ฌแ€™แ€œแ€ฑแ€ธแ€•แ€ซ..... #แ€…แ€แ€บแ€...