Ghost Girl || Completed

By Allegra_Jeon

70.7K 13.7K 2.2K

මහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ... More

1. හොල්මන් අමුත්තිය
2. හොර පූසි
4. විනාසයි
5. ලොකු බව්වෙක්
6. ඉට්ටෝබෙලි ගෙඩිය
7. මැජික් පාක්
8. නපුරු හීන
9. ආදරය ද
10. මිනා
11. රෝස කොපුල්
12. වසන්තය
13. මයින්
14. හියුන්!!
15. ඉට් හර්ට්ස්
16. ගැඹුරු නින්දක
17. අදුරු මතක
18. අම්මා
19. ලේ බැදීම්
20. පොරොන්දු
21. සිරිපොද වැස්ස
22. මතකයන්
23. පිස්සු හැදුනු මිනිහෙක්
24. හැමදේම බොරුවක්ද
25. බොදවුන රතු එළි
26. සුදු මල්
27. අවසානය (Last Chapter)

3. නුපුරුදු උණුහුමක්

2.8K 554 18
By Allegra_Jeon

"ෂිට් තමුසෙලට තාමත් කෙල්ලව අල්ලගන්න බැරිඋනාද? මොනවද ඕයි කරන්නේ?"

"මට හොදටම ශුවර් සර් එයා සබ්වේ එක ගාව හිටියා කියලා. එතනින් තොරතුරක් ගත්ත ගමන්ම අපි එයාව හොයාගන්නවා."

"තමුසෙලට තව පැයයි දෙන්නෙ. මොන ලෝකෙන් හරි කමක් නෑ කොහොම හරි කෙල්ලව අල්ලගන්නවා. ඒකිට පැනගන්න දෙන්න එපා. පනපිටින් ගේන්න බැරි උනොත් එතනම ඉවරයක් කරනවා.

නැත්තම් අපිට තමයි මැරෙන්න වෙන්නෙ"
_________________________

ජන්කූක් ආයෙමත් බ්ලැන්කට් එක ඇතුලේ ගුලිවෙලා නිදාගන්නයි හැදුවේ. ඒත් කොල්ලට නින්ද යන පාටක් නම් නෑ. සූටි හිනාවක් තාමත් කොල්ලගෙ මූනෙ රැදිලා.

ජන්කූක් මේ ගෙදර පදිංචියට ඇවිත් වැඩි දවසක් නෑ. එයා අලුතෙන් මෙහෙ පදිංචියට ආවේ කොල්ලගෙ බිස්නස් වැඩවලට ලේසි නිසා. ඊටත්වඩා ජන්කූක් තාත්ත එක්ක හිත් අමනාපෙකින් හිටියෙ.

ඉතිං එයාලගෙ ඒ වගේ සංවාදයක් දුරදිග ගිය දවසක තමයි ජන්කූක් මේ ගෙදර අරන් මෙහෙ පදිංචියට ආවේ. කොල්ලට ඕන උනේ නිදහසේ ඉන්න. ගෙදර අය නැතුව ටිකක් පාළු හිතුනත් මෙහෙ තිබුණු නිස්කලංක වටපිටාවට කොල්ලා ආස කළා.

ජන්කූක් පොඩි කාලෙ ඉදන්ම මියුසික් වලට ගොඩක් ආසයි. ඒත් පවුලෙ එකම පුතා නිසා අකමැත්තෙන් උනත් ජන්කූක්ට බිස්නස් බාරගන්න සිද්ධ උනා. තාත්තත් අසනීපෙන් හිටපු නිසා ජන්කූක්ට එහෙම නොකර බැරිවුණා.

ඒත් එයා තාම මේ දේවල්වලට අලුත්. ඒ නිසා ජන්කූක් තාමත් වැඩිපුර හිටියෙ එයාගෙ හියුන්ල ටිකත් එක්ක. ජිමින්ගෙ තාත්තත් ජියොන් සමූහ ව්‍යාපාරයේම මේන් ශෙයාහෝල්ඩර් කෙනෙක්. ඒ හින්දා බිස්නස් ගැන වැඩිපුර හොයලා බැලුවෙ එයාල. ඒක නම් ජන්කූක්ට ලොකු සහනයක් උනා.

ඉතිං කොල්ලො කට්ටියටම කොච්චර වැඩ තිබුණත් හැමදාම රෑට ජින් හියුන්ගෙ ගෙදරට එකතු වෙලා පොඩි පිස්සුවක් නටන්න එයාලා අමතක කරේ නෑ. හරියට ඉස්කෝලෙ කාලෙදි වගේ. එයාලා පොඩි කාලේ ඉදන්ම හොඳම යාලුවො.

නම්ජූන් නම් හොබී එක්ක එයාලගෙම මියුසික් ඇකඩමි එකක් කරගන ගියා. සුගා NIS එකට බැදුනා. ජිමින් නම් ජන්කූක් එක්කම එයාලගෙ කම්පැනි එකේමයි වැඩ කරේ. ටේ, එයාව තමයි අල්ලන්න අමාරු. එයා ඉතිං ෆේමස් මොඩ්ල් කෙනෙක්නෙ. ජන්කූක් ඉතිං එතන පොඩි එකා හින්දා තාමත් හියුන්ලට වද දිදී හිටිය.
.
.
.

ඉතිං ඔය අතරේ තමයි එකපාරටම මේ ගෑනු ළමයා ආවෙ.

එයා කොහෙන් ආවද? එයාට මොකද උනේ?
කොල්ලා සිවිලිම දිහා බලාගෙන කල්පනා කරනවා.

දැන් ටික වෙලාවකට කලින් සිද්ධ වුණු දේවල් හරියට ගලපගන්න ජන්කූක්ට තාම බැරිඋනා. කොල්ලගෙ හිතේ ප්‍රස්න ගොඩයි. 'එයා කියන්නේ ඇත්තමද? ඇත්තටම එයාට මුකුත් මතක නැද්ද?'

ඒත් කිසිම දෙයක් එයාට හිතාගන්න බෑ.
.
.
.

අන්තිමේ ඒ හැම ප්‍රශ්නයක්ම උදේට අහන්න කල් තියලා ජන්කූක් නිදාගන්නයි ට්‍රයි කළේ.

දැන් මේ දේවල් සේරම සිද්ධවෙලා පැයක් දෙකක් විතර ගත වෙන්න ඇති.

ජන්කූක්ගෙ ඇස් යාන්තම් පියවීගෙන ආවා.

ඒත් එතකොටම ආයෙමත් කවුරුහරි ජන්කූක්ගෙ දොරට හයියෙන් තඩිබානවා. 'වට් ද හෙල්?' අද තට්ටු කරන්නන්ගේ දිනයද? "ෂිට්" ජන්කූක්ට දැන්නම් හොදටම කේන්තියි. ඇයි යකූ මෙච්චර වැස්සෙ නිදාගන්න වත් නෑනෙ.

ජන්කූක් බැන බැනම දොර පැත්තට ඇවිදගෙන ආවා. තාම කොල්ලට හරියට ගෙදර හුරුත් නෑ. ඉතිං කරුවලේම අතපත ගගා හැප්පි සාලෙට එනකොටම කවුරු හරි ජන්කූක්ගෙ කමිසෙන් අල්ලලා පස්සට ඇද්දා.

"ප්ලීස් දොර නම් අරින්න එපා." බයවුණු හා පැටියෙක්ගෙ වගේ ඇස් දෙකක් ජන්කූක්ට කතා කරනවා.

"ඔයා දැන් දොර ඇරියොත් මට මැරෙන්නයි වෙන්නෙ."

"මොකක්ද?"

"ෂ්..... සද්ද කරන්න එපා." කෙල්ල ජන්කූක්ගෙ කට අතින් වහන ගමන් රහසින් මිමිනුවා.

"ඒ මිනිස්සු එන්නෙ මාව හොයාගෙන. අනේ ප්ලීස් මාව බේරගන්න."

කෙල්ල කොච්චර බයවෙලාද කිව්වොත් වතුරෙන් ගොඩදාපු මාළුවෙක් වගේ කෙල්ල හොඳටම ගැහෙනවා. ජන්කූක් බලාගෙන ඉද්දිම කෙල්ලගෙ මූණ පුරා ලොකු කදුළු පාරවල් ගලනවා.

වෙන්නෙ මොකක්ද කියලා හරියටම තේරුන්නැති උනත් කෙල්ලගෙ කදුළු දකිනකොට ජන්කූක්ට මොකක්දෝ ලොකු නොසන්සුන්කමක් දැනෙනවා. ඒක දුකක්ද තරහක්ද වෙන හැගීමක් ද කියලා ජන්කූක්ට තේරුම්ගන්න බෑ.

"It's ok. ඔයා ඔහොම ඉන්න මං ගිහින් බලන්නම්. මුකුත් වෙන්නෑ."

"No please." කෙල්ල ජන්කූක්ගෙ අත් දෙක තද කරලා අල්ලගත්තා. ඔළුවත් දෙපැත්තට වනලා කදුළු පිරුණු ඇස් වලින් කෙල්ල ජන්කූක්ට කිව්වෙ දොර අරින්න එපා කියලා.

ඒත් දොරට ගහන එක නවතින්නෙත් නෑ.

"හරි ඔයා අතනට වෙලා ඉන්න. උන් යනකම් එළියට එන්න එපා. හරිනෙ? බය වෙන්න එපා මං ඒක බලාගන්නම්."

"කවුරු හරි ඉන්නවද?" රළු පිරිමි කටහඩක් දොර පැත්තෙන් ඇහුණා. ඒ කටහඬ ඇහුණු ගමන් කෙල්ල වෙවුලන එක තවත් වැඩිඋනා.

ජන්කූක් ඇස් වලින් කෙල්ලට සන් කළේ හැමදෙයක්ම හොදින් කියලා.

"ඇයි?" ජන්කූක් ඇහුවෙ දොර අරින ගමන්. දිග කළුපාට රේන්කෝට් දාගත්තු මිනිස්සු තුන් දෙනෙක් ජන්කූක්ගෙ දොර ගාව හිටගෙන හිටියා.

"ආ සමාවෙන්න සර් මේ වෙලාවේ කරදර කළාට. ඒත් සර් දැක්කද සුදුපාට ගවුමක් ඇදගත්තු ගෑනු ළමයෙක් මේ පැත්තට දුවගෙන එනවා?"

"මොන ගෑනු ළමයෙක්ද?"
ජන්කූක් ඇහුවෙ ලොකු ඈනුමකුත් අරින ගමන්.

"ආ එයා සුදු කොණ්ඩෙ ගොඩක් දිග..."

"නෑ නෑ මම එහෙම ගෑනු ළමයෙක් දැක්කෙ නෑ."

එහෙම කියපු ජන්කූක් දොර වහන්න හැදුවත් ඒ පිරිමි කෙනා දොරට අත තියලා ජන්කූක්ව නතර කළා.

"ඇත්තටම සර් අපිට මේක ගොඩක් වැදගත්. මොකද කියනවනම් ඒ ගෑනු ළමයා අපේ මානසික රෝහලෙන් පැනලා ගිහින්. අපේ කට්ටිය එයා පස්සෙන්ම ආවත් මේ හරියෙදි එයාව මගඇරිලා තියෙනවා. ඒත් අපේ කෙනෙක් දැකලා තියෙනවා එයා මේ ගෙදර පැත්තට දුවගෙන එනවා. ඒ නිසා අපිට ටිකක් පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද?"

"මානසික රෝහලෙන්?"

"ඔව් සර් මේ තියෙන්නේ මගෙ අයිඩී එක." ඔහු කිව්වේ තම හැදුනුම්පත ජන්කූක් දෙසට දිගුකරන ගමන්.
.
.
.
මොකක්ද කරන්න ඕනේ කියලා ජන්කූක්ට හිතාගන්න බෑ. කොල්ලා කල්පනා කරනවා. මං එයාව මෙයාලට බාර දෙනවද?

එතකොටම ජන්කූක්ට මතක් උනේ කෙල්ලගෙ කදුළු පිරුණු ඇස්. ඒව බයෙන් පිරිලා තිබුණු හැටි. "බය වෙන්න එපා මං ඒක බලාගන්නම්" ජන්කූක් කෙල්ලට එහෙම කියපු හැටි.

අනික ඒ මිනිස්සු එක්ක කෙල්ලව තනියම යවන්නත් ජන්කූක්ගෙ හිත කැමති නෑ. මොකක්දෝ අවුලක් ජන්කූක්ගෙ හිතට දැනෙනවා.

ඒත්... ඒත් මං එයාව දන්නෙත් නෑ. එයා කවුද කොහෙන් ආවද?

"සර්..."

ජන්කූක් හිස් බැල්මෙන් ආපු මිනිස්සු දිහා බැලුවා.

"සර් අපිට පුළුවන්ද....?"

"නෑ එහෙම කරන්න ඕන වෙන්නෑ. එහෙම කෙනෙක් මෙහෙ නෑ."

"ඒත් සර්..."

"මං සැරයක් කිව්වනෙ. එහෙම කෙනෙක් මෙහෙ නෑ. ගෑනු ළමයෙක් ආවනම් මං දකින්න එපෑ. කරුණාකරලා ඔයාල දැන් යන්න."

එහෙම කියපු ජන්කූක් හයියෙන්ම දොර වහලා අනිත් පැත්ත හැරුනා.

ටික වෙලාවකින් ආපු මිනිස්සු ආපහු යන සද්දෙ ජන්කූක් අහන් හිටියෙ තමන් කරපු දේ හරිද කියලා හිතාගන්න බැරුව.

කොල්ලටම තාම හිතාගන්න බෑ ඇයි එයා කෙල්ලව බාර නොදුන්නෙ කියලා. ඒ කෙල්ලගෙ කතා කරන ඇස් නිසාද? නැත්තම් ඒ කදුළු ඉස්සරහ ජන්කූක් අසරණ උනාද? නැත්තම් ජන්කූක්ගෙ හිත පුරා දුවන මොකක්දෝ කියාගන්න බැරි හැගීම නිසාද?

_______________________

කොල්ලා හිමීට සෝපා එක පැත්තට ඇවිදන් ගියා.දනිස් දෙක උඩින් ඔලුවත් තියාගෙන කෙල්ල සෝපා එක අස්සෙ බිත්තිය අයිනටම ගුලි වෙලා.

ජන්කූක් කෙල්ල ඉස්සරහින් ඉදගත්තා. ඊටපස්සේ කොල්ලටත් නොදැනුවත්වම ජන්කූක්ගෙ ඇගිලි තුඩු ගියේ බිමට බර වෙලා තිබුණු කෙල්ලගෙ කෙස් අතරට.කොල්ලා හෙමිහිට කෙල්ලගෙ ඔළුව අතගෑවා.

"එයාල ගියා."

ජන්කූක්ගෙ කටහඩ ඇහුනම කෙල්ල හිමීට ඔලුව උස්සලා ජන්කූක් දිහා බැලුවා. තාමත් ඒ ඇස්වල කදුළු පිරිලා.

ජන්කූක් සීතල වෙලා තිබුණු කෙල්ලගෙ කම්මුලකින් අත තියලා ඒ ඇස්වල අලුත්වෙන කදුළු පිහදැම්මා.

"මං... මං මානසික රෝගියෙක් නෙමේ. මට පිස්සු නෑ."

කෙල්ල අලුත් වෙන කදුළු අතරින්ම මිමිණුවා. කෙල්ලගෙ වචන ඇහෙනකොට කොල්ලා ගොළුවුනා. මොනවද කියන්න ඕනෙ කියල කොල්ලට හිතාගන්න බෑ.

"මට... මට ආයෙ ඒ අපායට යන්න ඕන්නෑ. මං තාත්තව හොයාගන්නයි එහෙන් පැනලා ආවේ..."

කෙල්ල ඉකි ගහන කදුළු අස්සෙන් කියවන් යනවා. කෙල්ල ෂොක්වෙලා හොදටම ගැහෙනවා.

ඉවරයක් නැතුව කෙල්ලගෙ ඇස් වලින් ගලන කදුළු දිහා තවත් බලන් ඉන්න ජන්කූක්ට බැරිඋනා.

කෙල්ලගෙ බද වටා අත යවපු ජන්කූක් හෙමිහිට කෙල්ලව තම පපුවට බර කරගත්තා.

"It's ok... it's ok.... හැමදේම හරි..."

කොල්ලා හිමීට කෙල්ලගෙ පිටට තට්ටු කරන ගමන් මිමිණුවා.

කෙල්ලගෙ දුර්වල වුන ඇග වටා එතිලා තිබුන ජන්කූක්ගෙ ශක්තිමත් දෑත් අතර කෙල්ලට දැනනෙ ලොකු ආරක්ෂාරී බවක්. ඒ හින්දා කෙල්ල ජන්කූක්ට තව තවත් ළං වුනේ ඒ උණුසුමට ගුලි වෙමින්.

ටික වෙලාවකින් කෙල්ලගෙ කදුළු වලින් ජන්කූක්ගෙ කමිසයම තෙත් වෙලා යන හැටි කොල්ලට දැනුනා.

.....................

~ To be continued ~

පොඩි චැපියක් 🤭

Continue Reading

You'll Also Like

876 126 4
සහෝදරයන් දෙදෙනෙක්ගෙ ආදරය රැකවරණය එක්ක ජීවත්වෙන දඟකාර චූටි කෙල්ලො දෙන්නෙක්...???❤️ ........මේ අපෙ කතාව.... කියවලා බලන්න..??
584K 35.6K 100
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
59.8K 14.7K 34
ඔලී side story Fanfiction
1.1M 48.2K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC