𝐌𝐫. 𝐃𝐫𝐚𝐜𝐮𝐥𝐚 ♡ [sᴜɢᴀ]...

By sooyun13

25.3K 6.1K 843

VAMPIRE 🧛 - ꜱᴜɢᴀ More

1.HALLOWEEN PARTY | 🎃
2.WEDDING | 👰
3.KISS | 💋
4.LECTURER | 👨🏻‍💼
SPECIAL CHAPTER | 🧛🏻
5.GUESTS | 👥
6.HOUSE HUSBAND | 🏠👨🏻‍💼
7.BESTIE | 🐺
8.STRANGER | 👱🏻
9.MARRIED COUPLE | 💍
10.FAMILY | 👨‍👩‍👧
11.FIGHT | ☠️
12.PROMISE | 🍀
13.SECRET | ✨️
14.ROYALISTS | 👑️
16.????? | ❓
17. NO MORE SECRETS | 🎗️
18. END | ✅
19. LOVE IS NOT OVER | 💫
20. THE END | 💌

15.TRUE LOVE | 🥀

1K 278 36
By sooyun13

"නාරි ඔයා?!"

ඒ කෙඳිරිළි හඬ දිගේ මම කුටියේ කොනටම යද්දි දැක්කේ මගේ ඇස් අදහන්න බැරි දසුනක්.

මගේ හොඳම යාලුවා නාරි දම්වැලකින් ගැට ගහලා හරියට බල්ලෙක් වගේ ඉන්නවා.

"He...lp.." එයා මාව දැක්කට පස්සේ කටින් පිටවුනේ මේ වචනේ විතරයි. එදා හවස මාව හම්බෙන්න ආවේ ඇයි කියලවත්, මේ මොකක්ද උනේ කියලා අහන්නත් කලින් මං ගියේ එයාගේ කකුල් දෙකේ ගැටගහලා තිබ්බ දම්වැල් ලෙහන්න.

ඒත් එයා හොඳ සිහියකින් හිටියේ නෑ. මං එයාගේ කකුලෙන් ඇල්ලුව ගමන් එයා අමුතු සතෙක් උනා.හරියට බල්ලෙක් වගේ ඒත් උල් දත් වගේම ඇග පුරාම වැඩුණු කලු පාට රෝම තිබුනා. ඇස් දෙක කහ පාටින් දිලිසෙනවා.මොකක්ද මේ උනේ?

පස්සෙන් පස්සට යන මාව බිත්තියකට කොටු උනේ තවත් හැංගෙන්න තැනක් නැති කරමින්

'අනේ මාව කවුරුහරි බේරගන්න' මගේ ඇඟට ගොරෝගෙන කඩා පනින මේ සතාගෙන් බේරෙන්න බිත්තිය බදාගෙන ගුලි වෙලා ඉඳගන්න ගමන් කෑ ගැහුවා.

මට හයියෙන් කෑ ගහන්න ඕන උනත් බයටම මගේ දෙතොල් වෙව්ලුවා.

'Please help' මං කටින් කියන්න උත්සාහ කරන එක නවත්තලා හිතින් හිතන්න ගත්තා. මට එවලේ මරණ බය එක්කම මතක් උනේ යූංගිව.

'යූංගි සරන්හේ' මගේ අන්තිම හුස්ම පොද යන්න කලින් මට එයාට ඒ දේ කියාගන්න ඕන උනා.

තවත් මේ සතාගෙන් බෙරෙන්න බෑ. දම්වැලේ පුරුකක් කැඩිලා යන සද්දෙත් එක්කම මං ඇස් දෙක පියාගත්තා. තව දුරටත් මේ ජිවිතෙන් වැඩක් නෑ. මගේ ඔම්මවයි අප්පවයි ජැකී බලාගනී. ඒත් යූංගි.....

*Yoongi p.o.v

"කුකී! දැන් අඩුද?" ඇඳ උඩ හාන්සි වෙලා හිටිය ජංකුක් දිහා බලන ගමන් මං කතා කරා.

ජංකුක්වත් බදාගෙන එතනම ඇඳ එහා පැත්තේ ඉන්න ටේව දැක්කම මට මතක් උනේ සූ මින්ව.

අනේ මටත් මේ වගේ සූ මින් ආදරේ කරානම් වගේ හැඟීමකින්. ඒත්.. එයා මට.. මං වගේ ආත්මයක් නැති රාක්ෂයෙක්ට.. ඒ වගේ කේනෙක් කවදාවත් ආදරේ කරන එකක් නෑ.

මට ඕනේ එකම දේ එයා සතුටින් ඉන්න එක. ඒ දිහා බලාගෙන මං ඈතින් ඉන්නවා. මොකද මං ළං උනාම එයා දුක් වෙන නිසා.

මෙහෙම හිතමින් මාත් කුකීගේ ඇඳ එහා පැත්තෙන් වාඩි උනා. මට මූණලාගෙන කුකීගේ අත් එයාගේ අත් අතර උණුහුමට රඳවගෙන ඉන්න ටේගේ ආදරේ දිහා බලාගෙනම.

'Please help me' මගේ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නේ සූ මින්ගේ හඬ. ඒත් එයා මේ වෙලාවේ?! මේ මහ රෑ... අර උණහපුලු මූණා මගේ සූ මින්ට කරදරයක්වත් කරාද?

මට තවත් ඉවසීමක් තිබුනේ නෑ. කාටවත්ම නොකියා එතනින් අතුරුදහන් වෙලා මතු උනේ සූ මින්ගේ කාමරයෙන්.

කාමරේ පුරා හැමතැනම එයාව හෙව්වත් හම්බුනේ නැති නිසාම සාලේත් හෙව්වා. ඒත් නෑ. මං මේ ගෙදර හැමතැනම හෙව්වත් නෑ.

"යූංගි ?!" මගේ පිටිපස්සෙන් ඇහුනේ ජැක්සන්ගේ කටහඬ.

"මගේ සූ මිනා කොහෙද?! තමුසේ එයාට මොකක්ද කරේ?!" මං පරිවර්තනය වෙන ගමන් ජැක්සන්ගේ ඇගට කඩා පැන්නත් එයාගේ ඇස් වල පේන්න තිබ්බෙත් බය විතරයි.

"සූ..මී කෝ...කෝහෙද?"

"ඒක මමයි තමුසෙගෙන් අහන්න ඕන. මට කියනවා දැන් සූ මින් කොහෙද ඉන්නේ"

"එයා රූම් එකට ගියා 🙂 දැන් නිදි ඇති. අනික එයා ඔයාව හම්බෙන්න කැමතිනෑ" මගේ අත එයාගේ උරහිසෙන් අයින් කරන ගමන් හරිම සන්සුන්ව කිව්වා.

"කාමරේ නෙමෙයි මේ ගේ ඇතුලේ කොහෙවත් නෑ. ඒකයි මං හොයන්නේ. හැබැයි මගේ සූමින්ට තමුසෙලගේ ඔය එක නියපොතු පහරක් හරි වැදිලා තිබ්බොත් තමුසෙලගේ ජාතියම විනාස වෙන්නේ මගේ අතින්" මං තාමත් පිස්සෙක් වගේ වටපිට බලන ගමන් හෙව්වා.

ඒත් ජැක්සන් එතනින් දුවගෙන ගියේ මටත් එන්න කියලා ඇස් වලින් අඟවමින්.

අපි ගියේ පඩිපෙළකින් ටිකක් පහළ තට්ටුවකක් වගේ තැනකට. ජැක්සන් කෙරවලේ බිත්තියේ තිබුන තැනක් අල්ලද්දිම දොරක් වගේ තැනකින් බිත්තිය කැරකුනා.

ටිකක් අඳුරු කුටියක්.. ඒත් එක්කම මට ඇහුනේ වෘකයෙක්ගේ ගෙරවිලි හඬක්.

මං විතරක් නෙමෙයි මගේ එක්ක හිටපු ජැක්සනුත් ගොඩක් කලබලෙන් ඒ පැත්තට දුවද්දි අපි දැක්කේ වෘකයෙක් මගේ සූ මින්ට කඩා පනිනවා.

ජැක්සනුයි මායි තව එක මොහොතක්වත් නොහිතා වෘකයට පහර දෙනවත් එක්කම වෘකයා ඇඳගෙන වැටුනා.

ඒත් තාමත් සූ මින් බිත්තියට ගුලි වෙලා ඇස් දෙක තද කරගෙන වාඩි වෙලා බයේ ගැහෙනවා.

එයා මට ගොඩක් වෛර කරනවා. මං එයා ගාවට ගියොත්.. එයා ගොඩක් බය වෙයි තව ඒ නිසාම මං ජැක්සන් එයා ගාවට යනකන් බලන් හිටියේ කිසිම සිතුවිල්ලක් නැතුව.

ජැක්සන් එයා ගාවට ගිහින් උරහිසෙන් ඇල්ලුවට පස්සේ පියවි සිහියට ආපු සූ මින් වට පිට බැලුවා.

එක ක්ෂණිකයෙන් එයා මගේ ගාවට දුවගෙන ආවේ අත් දෙක පපුවට තද කරගෙන නොන්ඩි ගහමින්

"යූංගි! අනේ මට බයයි.. මං ගාවින් ඉන්න" එයා ඒ වචනේ කියද්දිම මං එයාව වැළඳගත්තා.

*3rd person p.o.v

යූංගි තාමත් නිසොල්මනේ සූ මින් දිහා ඈතට වෙලා බලන් ඉන්නවා. ඒත් ජැක්සන් සූ මින් ගාවට හිමින් ළං වුනා.

ජැකීගේ අත සූ මින්ගේ උරහිසේ ගැටෙනවත් එක්කම ඔලුව උස්සලා ඇස් අරලා වට පිට බලපු සූ මින් තමන් ලඟ හිටපු ජැක්සන් වෙනුවට ටිකක් ඈතට වෙලා බලාගෙන හිටපු යූංගි ගාවට දුවගෙන ගියා.

"යූංගි ! අනේ මට බයයි. මං ගාවින් ඉන්න.." ගැගෙන කටහඬකින් යූංගිව ඇමතුව සූ මින්ව යූංගි එයාගේ පපු තුරුලට තියලා තදින් වැලද ගත්තා.

තාමත් ජැක්සන් හිටියේ එයා හිටපු තැනම ගල් ගැහිලා වගේ.

"සූ මින්! මගේ හැමදේම ඔයා. මං කොහොමද ඔයාව දාලා යන්නේ" යූංගි තාමත් එයාව බදාගෙන. සූ මින්ගේ ඇස් වලින් වැටුණු කඳුලු වලින් යූංගි ඇඳගෙන හිටපු ඇඳුම තෙත් උනා.

විනාඩි පහකට විතර පස්සේ සූ මින් ටිකක් ඈත් වෙලා

"යුංගි ඔයා...ඔයාට.. මං ආදරෙයි..ඔයා.."

"ශ්ශ්ශ්ශ්ශ්ශ්...." යූංගි එයාගේ දබර ඇඟිල්ල සු මින්ගේ තොල් උඩින් තිබ්බා.

මේ හැමදෙම දිහා බලාගෙන හිටිය එකම කෙනා ජැක්සන් විතරක් නෙමෙයි.

මාක් වගේම, ඒ කාමරේ අයිනේ වැටිලා හිටිය මිනිස් වෙස් ගත්ත නාරිත් බලාගෙන හිටියා.

"යූංගි ! නාරි.. එයා..."

"මං ඒ හැමදේම දන්නවා. දැන්වත් මට කියන්න දෙන්න හැමදේකම ඇත්ත." යුංගි සූ මින්ගේ අතින් අල්ල ගමන් හැරුනේ ජැක්සන්ගේ පැත්තට.

"ජැකී.. ඔයා?! ඔයාලා..මාක්.." සූ මින් තාමත් වෙව්ලන කටහඬින් කතා කරන්න උත්සාහ කරා.

"ඔව් සූමින්! ඔයා හිතන දේ හරි." කාටවත් නොපෙනී මේ හැමදේම බලාගෙන හිටපු මාක් ජැක්සන්ගේ එහා පැත්තෙන් ඇවිත් හිටගත්තා.

"එතකොට නාරි.."

"අපි මේ හැමදේම කියන්නම්.. ඒත්.."

"ඒත් මොකක්ද?"

"නාරි ! යූංගි ! ඔය දෙන්නා දැන් මෙතනින් යන්නෝනේ" ජැක්සන් කලබලෙන් වගේ එහෙම කියද්දි සූ මින් තවත් තදින් යූංගිගේ අත එයාගේ ඇඟට තද කරගත්තා.

"ජැක්සන්! මං සූ මින් නැතුව යන්නෑ"

"හරි යූංගි! ඒත් සූ මින් මාව මැරි කරේ නැත්තම් එයාටත්... එයාටත් මැරෙන්න වෙයි"

මේ වෙච්ච සහ වෙන්න තියෙන කිසි දෙයක් තේරුම් ගන්න එතන හිටිය කිසි කෙනෙක්ට බැරි උනා.

"මට යූංගි...!"

"සූ මිනා! ඔයා ඉන්න.. මං ඔයාව එක්කන් යන්න එන්නම්..එතකන් පරිස්සමෙන් ඉන්න"

"ඒත් යූංගි...මට ජැකී"

"යූංගී ! සූ මින් මේ දේ කියන්න මේක නෙමෙයි හොඳම වෙලාව. ඒත් ඇත්ත තමයි මං සූ මින්ට ඇත්තටම ආදරෙයි. ඒත් ඒ නිසාම මට එයා මැරෙනවා බලන්න බෑ.මේ හැමදේම මං කරන්නේ සූ මින් වෙනුවෙන්"

යූංගි එයාගෙම ප්‍රතිබිම්බය ජැක්සන්ගෙන් දැක්කා. ඒ තමයි ආදරයේ වේදනාව. ඒ ඇස් වලින් දැක්කේ ඒ දේ විතරයි.

"සූ මිනා! මං ඔයා ගාවට ඉක්මනට එනවා එතකන්..." යූංගි සූ මින්ගේ නළලට පුංචී හාඳුවක් දුන්නා.

සූ මින් අකමැත්තෙන් උනත් යූංගිගේ අත අතෑරලා පිටිපස්සට උනා.

යූංගි නාරි ගාවට ගියත් එයා තව දුරටත් ගෙරෙව්වේ නෑ. පරිවර්තනය වෙන්න තරම් හයියකුත් තිබ්බේ නෑ. එයාගේ ඇස් තාමත් කහ පාට උනාට ඒ ඇස් වල දැක්කේ අසරණ කමක්..

යූංගි නාරිවත් අරන් එතනින් අතුරු දහන් උනේ සූ මින් දිහා ආයෙමත් එක පාරක් හැරිලා බලන ගමන්

"සූ මිනා ! උඩට යමු.. ඔයා මේ දේ දැනගන්නෝනේ"

ජැක්සන් සූ මින්ගෙ අතට වාරු දෙන ගමන් එයාව පඩිපෙළ දිගේ එක්කගෙන ගියා.

මාක් උඩට ගියපු ගමන් ගියේ අප්පාගේ කාමරේ පැත්තට.

.......

"හ්‍යොන්! හ්‍යොන්! " යූංගි මාලිගාවේ දොරගාව නාරිවත් වාරු කරගෙන කෑ ගහනවා.

"යූංගියා! මේ....නාරි" යූංගිගේ සද්දෙට ජින් නම්ජුන් දෙන්නම දුවගෙන ආවා.

ඒ දෙන්නගෙත් සහය ඇතිව නාරිට බෙහෙත් කරා. තුවාල වලට බෙහෙත් දාලා ඉවර වෙද්දිම වගේ නාරි පියවි සිහියට ආවේ ඇස් වල පාටත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලාමයි.

"සූ මින්! එයා.." නාරි වට පිට බලන ගමන් හෙව්වේ සූ මින්ව.

"බයවෙන්නෙපා. ඔක්කොම හොඳට වෙයි." නම්ජුන් නාරිව සන්සුන් කරා.

එතකොට කෝ මේ ජිමින්?!

....

එයා ඒ වෙලාවේ හිටියේ ඩෝර්ම් එකේ. මල්ලි ආවත් එයාට මල්ලි එක්ක ගත කරන්න වෙලාවක් තිබ්බේ නැති නිසාත් ඩොර්ම් එකට ගියා.

"යා....මං මේ ගෙදර වැඩකාරයද.බලනවා මෙතන හැටි. සත්තු වත්තක් වගේ.ඔයාලා මොනාද මේ කරන්නේ?" ජිමින් ඩෝර්ම් එකට යද්දිත් හොබී හේසොන් එක්ක මල්ලි tv බලනවා.

ලෝකේ පෙරලුනත් මේ තුන් කට්ටුවට දැන් කමක් නෑ. එයාලා ඒ තරම් tv එක ඇතුලේ හිටියේ.

ජිමින්ට සිද්ද උනේ මේ හැඩි කරලා තියෙන ඩෝර්ම් එක තනියෙම සුද්ද කරන්න.

හේසොන් නිදාගන්න ගියාට පස්සේ හොබි එක්ක එකතු වෙලා ජිමින් මුළු ඩෝර්ම් එකම අස් කරා. මල්ලි එක්කත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා උදේ වෙන්න කලින් ආයෙමත් මාලිගාවට එන්න බලාපොරොත්තූවෙන් හොබීට මල්ලිවයි හේසොන්වයි බලාගන්න කියලා ජිමින් ආවා.

"කුකිට ඉක්මනට සනීප වෙනවනම් හොඳයි" එහෙම හිතමින් මාලිගාවේ දොරෙන් ඇතුලු උන ජිමින් උඩට ගියේ කුකීගේයි ටේගේයි සැප දුක බලන්න. ටේ කුකීගේ මේට් වෙන්න කලින් ජිමින්ගෙ හොඳම යාලුවා වෙලා හිටියා. ඒ වගේම මේ ජිමින් නිසාම තමයි කුකීට ටේව හම්බුනෙත්.

ඒත් එයා දැකපු දෙයින් එයාගේ හිත කඩා වැටෙන තරම් දුකක,වේදනාවක් දැනුනා.

"නාරි!" ජිමින් දුවගෙන ගියෙ නාරි ගාවට

"ජිමින්..මියානේ.."නාරි අඬන්න පටන් ගත්තා.

ජිමින් එයාව බදාගෙන ඇඳ උඩ දිගා උනා.

මේ හැමදේම නම්ජුන් ජින් පුදුමයෙන් බලන් හිටියා. සූ මින් සහ යූංගි ඇරෙන්න ජිමින් නාරිට ආදරේ කරනවා කියලා කවුරුවත් දැනන් හිටියේ නෑ. හැමෝම හිතුවෙ ජිමින්ගේ සෙල්ලක්කාරම කියලා.

*Soomin p.o.v

ජැක්සන් මාවත් එක්කන් උඩ මගේ කාමරේට ආවා.

"සූ මින් ඔයා..." ජැකී කතාව පටන් ගත්තත්.. මහන්සියටම මට එහෙමම එතන නින්ද ගියා.

උදේ නැගිටිද්දි ඉරත් පායලා. ඔරලෝසුව දිගා බලපු මං දැක්කේ වෙලාව උදෙ 11:26.

ඉක්මනට වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන පහළට යද්දි අප්පා ගොඩ කාලෙකට පස්සේ සාලේ සෝෆා එකක වාඩි වෙලා ජැක්සන් එක්ක කතා කරනවා.

"අප්පා!"

"ආහ් සූ මින් නැගිට්ටද? ඔන්න මං බෑනා එක්ක කතා කරගත්තු විදියටම හෙට අනිද්දා ඔයාගේ වෙඩින් එක. දැන් හැමදේම ලෑස්ති නේද?"

වෙනදට නොදැනුන නොපෙන්නපු ආදරයක් අප්පා මට පෙන්නුවා. එත් මේ හැමදේකම හරිම අමුත්තක් මට දැනුනා.

ඒ වගේමයි මේ වෙඩින් එක දවසට අර පොතේ තිබ්බ පින්තූරේ තිබ්බ ඇත්ත කතාවත් මට දැනගන්න ගොඩක් උවමනා කරා.

මං අප්පා එක්ක ටික වෙලාවක් කතා කර කර හිටියා. ඇත්තටම කතා කරා නෙමෙයි එයා කියන දේවල් මං අහගෙන හිටියා.ඒ වගේම නාරිට මොකද උනේ බලන්න මට මතක් උනේ දැන්..

මං උඩ කාමරේට දිව්වේ යූංගිට මගේ හිතිං අමතන ගමන්..

'යූංගි! නාරි?!'

'නාරි හොඳින්..මං දැන් එනවා..කාමරේටම වෙලා ඉන්න'

'යූංගි අප්පා!'

'ඒ හැමදේම මං බලා ගන්නම් ඔයා රූම් එකෙන් එලියට යන්නෙපා'

ඒ කියන සැනින් එතනට මතු උනේ යූංගි.

"යා..යූංගි...මං බය උනා" යූංගි එක පාරටම කාමරෙන් මතු වෙද්දි මම ගැස්සිලා ගිය පාර ඉඳගෙන හිටපු ඇඳෙනුත් බිමට වැටුනා.

-A/N

අවසානය සතුටු දායක වෙයිද? මේ හැම රහසක්ම දැන් ටිකෙන් ටික හෙලි වෙනවා නේද?

Continue Reading

You'll Also Like

66.7K 9.2K 34
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
30.2K 3.2K 7
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැය...
103K 4.7K 45
တစ္ခ်ိန္ က ကြၽန္ေတာ္ကိုယ္တိုင္ ေစာင့္ေရွာက္ခဲ့ တယ့္ကေလးက....ဆယ္ႏွစ္အၾကာမွာ ကြၽန္ေတာ့္ကို အပိုင္လိုခ်င္တယ္တယ့္...... တစ်ချိန် က ကျွန်တော်ကိုယ်တိုင် စေ...