සින්ක් එක යට කබඩ් එකේ අත පය ගැටගහලා දාලා තිබ්බ හේසොන්ව ඇදලා අරගෙන මං ඉක්මනට ජින් ඔප්පා ගාවට එක්කන් ගියේ අනිත් 3 දෙනාගෙත් උදව් ඇතිව.සිහිය තිබුණත් බය වෙලා හිටිය නිසා වෙන්නැති ටික වෙලාවකින් මගේ අත් දෙක උඩම ක්ලාන්ත උනා.
"ජින් ඔප්පා හේසොන්ට දැන් කොහොමද?"
"දැන්නම් බය වෙන දෙයක් නෑ. මං සේලයින් එකකුත් දුන්නා. පොඩ්ඩක් ඇඟ දුර්වලයි.ඔයා දැන් ගෙදර ගිහින් එන්න.. එතකන් අපි බලාගන්නම්"
හේසොන්ව ජින් ඔප්පටම බලාගන්න කියලා මං ගෙදර ආවේ අර කොල්ලො 3 දෙනා එක්කමයි. ඒ තුන් දෙනා පහළ තට්ටුවේ හිටපු යුංගීට විස්තරේ කියනකම් මං උඩ කාමරේට ආවා. හේසොන්ව හම්බුනත් හරි විස්තරයක් දැනගන්න විදියක් නෑ. නාරි ගැන ආරංචියකුත් නෑ. මගේ ඔලුව විකාර වෙලා තිබ්බේ.
📳 ~Appa ➡️ Incoming call
Hello !
දුව අපිට ඔයාව හම්බෙන්න ඕන. ඉන්න තැනකින් එන්න. Hurry Up!
දෙ අප්පා. මං එන්නම්.
පහළ තට්ටුවෙ හිටපු යුංගි දිහාට දුවගෙන ගිහින් බලන් හිටියේ හරියට පුංචි ළමයෙක් අම්මගෙන් අවසර ඉල්ලනවා වගේ
"හා හා. හැබැයි මාත් එක්ක යන්"
"ඔයා..ඔයාත් එක්ක ගිහින් මොනා කරන්නද මං තනියෙන් යන්නම්"
ඒ කතාවනම් ටිකක් සැර වැඩිද මන්දා. යුංංගිගේ මූණ දුකෙන් පිරුණා.ඒත් මෙයාව එක්කන් ගිහින් තවත් ප්‍රශ්නයක් ඇති කරගන්න මට ඕන්නැ.
"හ්ම්ම් oky. මං ඇතුළට එන්නැ. එක්කන් ගිහින් එක්කන් එන්නම්."
හවස 3 වෙද්දි අප්පාලගේ ගෙදරට ආවා. මං බැහැලා යද්දී යූංගි බලන් හිටියේ අනේ මාවත් එක්කන් යන්න වගේ මූණකින්.
ගෙට ගොඩ වෙද්දි මං එන්නත් කලින් අමුත්තො ඇවිත් ඔම්මා හදපු කුකීස් ගිලිනවා පුටුවක් උඩට වෙලා.
"අහ් මිනා ගොඩ කාලෙකින් ! ඔම්මයි අප්පයි නැ කියලද හිතන් ඉන්නේ"
'හිටියත් ඉතිං නැ වගේනේ' හිතමින් "අනියෝ ඔම්මා මේ දවස් ටිකේ වැඩ වැඩී. Exam ලඟයිනේ."
"අන්ජා" ජැකිගේ එහා පැත්තෙන් රව රව වාඩි උනාට තාමත් ජැකී & මාර්ක් කුසීස් සිහියෙන් මාව දැක්කේ නැ වගේ හිටියා.
"මට ජැක්සන් කිව්වා වෙච්ච දේ ගැන"
"ම්වෝ ?" මං ජැක්සන් දිහා කන්න වගේ බැලුවත් එයා තාමත් කුකීස් එකේ ඔලුව ඔබන්.
"මොකක්ද අර lecturer එක්ක තියෙන සම්බන්දේ? අපි ඇහැ කන පියාගෙන හිටියේ ඔයා ඉගෙන ගන්න විතරක් හිතන ළමයෙක් නිසා"
"අනීයෝ ! ඔම්මා එ අපේ කැම්පස් ඒකේ lecturer කෙනෙක්. මං වැඩ කරන නිසා එයා මට කැමති. ගුරුවරයෙක් විදියට. " අනිත් අය හිතන තර්කෙම දාලා ඔම්මව cool down කරා.ජැකී ඊයේ වෙච්ච දේවල් කියල නොතිබ්බනම් තමා හොඳ.
"හ්ම්...හ්ම් ඉන්න මං අප්පාව එක්කන් එන්නම් අපිට දෙයක් කියන්න තියෙනව ඔයාට."
අම්මා එතනින් නැගිටලා යද්දිම පටන් ගත්තේ ජැකී ඊළඟට
"ආහ් ලීසූ! කොහොමද ?" කේලම කියලා තව සැප දුක අහන්නත් එනවා. මං ගනන් ගන්නේ මොකටද? මරන්කන බැල්මක් දාන් මං ඉද්දි ඉස්සරහින් ඇවිත් අප්පා ඉඳ ගත්තා.
"ආහ් ආවද?වැදගත් දෙයක් කතා කරන්න එන්න කිව්වේ!"
"ම්වො?! අප්පා" සාමාන්‍යෙන් මොන වැදගත් දේ උනත් අපි කතා කරේ phone call එකකින් ඇයි මේ දන්නැ අද වෙනස් උනේ.
"ඔයා ගැන එන ආරංචි හොද නැති නිසා අපි තීරණේ කරා ඔයාව දැන්මම බන්ඳන්න.වැඩ ටිකත් එතකොට තනියම කරගන්න පුලුවන්නේ. දන්නැති අයට අහු වෙනවට වඩා මං හිතුවේ ජැක්සන් හොඳට ගැළපෙයි කියලා ඔයාට"
මට තව වචනයක්වත් කියන්න ඔලුවට කිසි දෙයක් ආවේ නෑ. අප්පාත් එක දිගටම කියවන් යනවා.
"අන්කල් මං..?" මට විතරක් නෙමෙයි මේක ජැකීටත් පුදුමයක් කියලා දැනගත්තේ මං වගේම මූණ හදාගෙන බය වෙලා බලන් හිටපු නිසා.
"ඔව් ඔයා තමයි. Mr.wang එක්ක මං කතා කරා. ඔයා වද වෙන්න ඕන්නෑ. අනික අපේ දේපළ පිට යන්නෙත් නැනේ. සු මිනා ඔයා අද ඉඳන් කොහෙවත් යන්න ඕන්නෑ මෙහෙ ඉන්න"
"මෙහෙම තීරණ ගත්තේ කාගෙන් අහලද අප්පා! මාව ඔයාලගේ ඔය මහලොකු දේපළ තරම්වත් වටින්නැද්ද?"
ගේ දෙවනත් වෙන්න, උගුර ලේ රහ වෙන්න කොච්චර කෑ ගැහුවත් අප්පාගේ තීරණේට පිටින් මට යන්න බැ. බෑ නෙමෙයි යන්න දෙන්නෑ.
අප්පා යනවත් එක්කම ජැක්සන් මගේ දිහාට හැරුනා. එයාගේ මූණේන් පෙනුනේ ලොකු ප්‍රශ්නෙක ඉන්නවා වගෙ.
"සූ මින් calm down. මං අංකල් එක්ක කතා කරන්නම්.ඒත් මාත් කැමතී ඔයාත් ඒ ගැන හිතලා බලලා මට කැමති වෙනවනම්."
"ඔයා මොනා කතා කරන්නද ජැක්සන්. මේ ඔක්කොම ඔයා මෙහෙට ආපු නිසා. අනික මං ඔයාට කැමති මගේ යාලුවෙක් විදියට විතරයි." මගේ කේන්තිය එවලේ පිට කරන්න ලැබුනේ එයාගෙන්. ගොඩ කාලෙකට පස්සේ. මට හම්බුනේ. පොඩි කාලේ ඉඳන්ම යාලුවෙක්ට වඩා හැඟීමක් මට ඇති උනේ නෑ. එහෙම වෙන එකකුත් නෑ.
උඩ තට්ටුවට දුවගෙන ගියේ ඇඬූ කඳුලින්.මං මේ ගෙදර කළින් හිටපු කාමරේ තාමත් එහෙමයි. අත්තම්මගේ උණුහුමත් මට තාම දැනෙනවා. එත් ජැක්සන්ව මං බඳින්නේ කෝමද? අන්තිමට යුංගිත්.. එයාත් ජින් ඔප්පා වගේ වෙයි. එවලේම මට මතක් උනේ එළියේ කාර් එකට වෙලා ඉන්න යුංගිව. තවත් මේ දේවල් හංගගෙන ඉඳලා වැඩක් නෑ.
'යුංගී, මට එන්න විදියක් නෑ'
'මොකක්?මොකක්ද උනේ?'
'හ්ම්ම්....වෙච්ච මුලු කතාවම මං කිව්වා. මේ බලය නිසා අපිට phone ඕනිත් නෑ. ඕන තරම් කතා කරන්න පුලුවන්. අනික ඔම්මා අප්පට වඩා මට දැන් වටින්නේ මගේ නිදහස
'මං එනවා. මේ දැන් ඇවිත් ඔයාගේ අප්පට හැමදේම කියනවා. අපි බැඳලා කියලා.මට දැන් ඔයාව අතාරින්න බෑ.එයාලගේ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මට ඔයාව ඕන.'
'මොකක් ? මට බයයි. මට බෑ අනේ.....ඇයි මටම මේ?'
'ඔයාව අර උණහපුලු මූණාට දෙන්නෑ මං ඉන්නකන්. බය වෙන්නෙපා මං අප්පට කරදරයක් කරන්නෑ. අපි ටික දවසක් යනකන් වැම්පයර් කතා නොකියා ඉමු.අනික මං වගේ බෑනා කෙනෙක් ලබන්න අප්පා පිං කරන්නෝනේ'
'යූංගි!විහිලු කරන්න එපා. පරිස්සමෙන් කරන දෙයක් කරන්න.ඒත් මට පොරොන්දු වෙන්න ඔයා අප්පට මේ විකාර කතා කියන්නෑ කියලා....'
'ඔයාට මාව දැන් විශ්වාස කරන්නම වෙනවා. මං ඔයාට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෑ.. අප්පා එක්ක මං කතා කරන්නම්'
එයා කොහොම එහෙම කිව්වත් මං හිටියේ ගොඩක් බයෙන්. මට යූංගි මගේ husband කියලාවත් මේ සිද්ද උන දේවල්වත් අප්පට කියන්න ඕන්නෑ. විශේෂෙන්ම මේ වැම්පයර් වෘක කතා. ඒත් මට ඔක්කොටම වඩා වැදගත් මගේ පරණ ජීවිතේ. ජැකීව බඳින්න මං කොහොමත් කැමති නෑ. අනික ඇයි මේ කලින් නොතිබුණ දරු සෙනෙහසක් මෙයාලට.
*3rd person p.o.v
මේ අතර හේසොන්ට පියවි සිහිය ආවා. ජින්, නම්ජුන් හොබී හ්‍යුන්ග්ලා එයා ගාවින්ම හිටියා.
"අනේ මාව බේරගන්න ආහ්..."
"හේසොන් දැන් බය වෙන්න එපා" ජින් ඔප්පා එයාව පුලුවන් උපරිමෙන් සන්සුන් කරන්න බැලුවා.
"අනේ එයාලා මාව මරනවා කිව්වා. එයාලාගේ දත්! අනේ.." ඒත් තාමත් හේසොන් කෑ ගහනවා. ඇඳ උඩ ගුලි වෙලා අසරණ මූණකින් මරණ බයේ.
"හේසෝන් දැන් අපි ඉන්නවා ඔයා ගාව ඔයාට මුකුත් වෙන්නැ" හොබී ඔප්පා හේසොන්ගේ අතින් අල්ලලා එයාට දැනෙන්න දුන්නා දැන් එයා ආරක්ෂිතයි කියල.
"අනේ..ඔයා..ඔයා මං මේ කොහෙද?"
"බය වෙන්නෙපා හේසොන් ඔයාට මුකුත් වෙන්නෑ. දැන් අපි ඉන්නේ යුනිවර්සිටි එකේ. හිමීට මතක් කරලා කියන්න මොකද උනේ කියලා"
"මට..මට බල්ලෙක්..නැ අමුතු සතෙක් නැ...සත්තු ගොඩක්...ආයිශ්"
"හේසෝන් කලබල වෙන්නෙපා." ජින් ඔප්පා කියද්දී හේසෝන් දගලන එක නැවැත්තුවා.
"ඒත් ඔයාලා කවුද? ඇයි මං මේවා ඔයාලට කියන්න ඕන"
"අපි සූ මින්ගේ යාලුවො. ඔයාව බේරගෙන එයා මෙහෙට අරං ආවා." නම්ජුන් ඔප්පා ඇත්තම කිව්වේ විශ්වාසය ඇති කරගන්නකම් හේසෝන් මුකුත් කියන්නෑ කියලා දන්න නිසා
"සූ..සූමින් දැන් කෝ? එයා එයාට කරදරයක් නෑ නේද අර බල්ලොන්ගෙන්"
"සූමින් ට? ඒ මොකක්ද ඒ කතාව..." වට වෙලා හිටිය නම්ජුන්, ජින්, හොබී අතරට ආවේ ජිමින්, ජන්කුක්, ටේයෝන්....
"ඒ බල්ලොන්ට කතා කරන්න පුලුවන්" මේ ඉඟියෙන් කට්ටියම අදුරගත්තා තවදුරටත් මෙ බල්ලො නෙමෙයි වෘකයෝ කියලා.
"ඒ අය කිව්වා."
"ඔව් ඉතිං ඒ අය මොකක්ද කිව්වේ" කට්ටියටම ඉවසිල්ලක් නෑ.
"ඒ අය කිව්වා සූ මින් දැන් වැම්පයර් කෙනෙක් කියලා. ඒ වගේම මට.. මට පරිස්සමෙන් ඉන්න කිව්වා. එයාලා තව ටිකකින් එන්නම් කිව්වා.. අනේ මට මැරෙන්න බෑ.. මාව..මාව බේරගන්නවා නේද ඔයාලා?"
🐴 "ඔව්, ඔයාට අපි ලඟ ඉන්නකම් කිසි දෙයක් වෙන එකක් නෑ"
"මට සූ මින්ට කියන්න ඕන දෙයක්..එයාට එන්න කියන්න"
සූ මිනා දැන් හිර වෙලා කියලා ජිමින්,ජන්කුක්,ටේයොන් මේ වෙද්දිත් දැනන් හිටියෙ. මොකද එයාලා හිටියේ යූංගි එක්ක නිසා.
🐰 "එයාට පොඩි වැඩක් වැටිලා. ම්ම්.. අපිට කියන්න මොකක්ද?"
"නාරි!"
🐥"ඔව් නාරිට මොකද උනේ?" ජිමින් ඇහුවේ හේසොන්ගේ උරහිසෙන් අදින ගමන්
"එයාගේ කසීන් කෙනෙක් තමයි ජැක්සන් කියන්නේ. එයත් මේ ලඟදි මෙ යුනිවර්සිටි එකටම ආවා.සූ මින් මගෙන් ඇහුවා...නාරි.."
මේ ටික අහපු ගමන් කට්ටියගේ මූණවල් අමුතු උනා. ජැක්සන් කියන්නේ නාරිගේ කසීන් කෙනෙක්නම් එයාත්..... ඔව් එයත් අනිවාරෙන්ම වෘකයෙක් වෙන්න ඕන.කට්ටියගෙම ඒකමතික තීරණයට අනුව ජින් නම්ජුන් හ්‍යුන්ග්ලා දෙන්නා හේසොන්ගේ ආරක්ෂාවට තියලා අනිත් අය ගියේ යුංගිව හොයාගෙන.ඒ දෙන්නව තියලා ගියේ ආපහු කොයි වෙලේ හරි වෘකයෝ ආවොත්.....
මේ වෙලාවේ හැටියට කවුරුවත් wolf attack එකකට සූදානම් වෙලා හිටියේ නැති උනත් දැන් සූ මින් ඉන්නේ අප්පා ගාවත් යූංගි ඉන්නේ සූමින් ගාවත් කියන එක හැමෝම දැනන් හිටියා.
ඒත් මේ අතරතුර යූංගී මොනා කරනවා ඇද්ද? ඒගැනනම් කවුරුවත් දැනන් හිටියේ නෑ.
-A/N
අදහසක් කියාගෙන යන්න.🧛✨️👰
ජැක්සනුත් වෘකයෙක්ද?🐺
ඊළඟ chapter එකෙන් හරියටම බලමු.
ආහ් ළමයි ඊයේ දෙන්න බැරි උන එකට සමාවෙන්න. ගෙදර අය බනිනවා අලුත් අවුරුද්ද දවසෙවත් ඕක පැත්තකින් තියලා ඉන්න බැරිද කියලා.
විශේෂෙන්ම මතක් කරන්න ඕන තව කාරණයක් තියෙනවා. අපි කොච්චර හිනා වෙලා සතුටෙන් හිටියත් ලෝක වාසී සියලුම දෙනා මේ වෙලාවේ ලොකු අනතුරක ඉන්නෙ. ලංකාවෙත් රෝගීන් වගේම මරණ ගණගත් බලන් ඉද්දි වැඩි වෙනවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගෙමයි මං හිතන විදියට මේකත් එක විදියකට ලෝක අවසානයක්. ඉතිං හැමෝම තමන් අදහන ආගමට අනුව සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. මං හිතන්නෑ මේක මෙතන ලියන්න ඕන දෙයක් කියලා. ඒත් මං හිතනවා ඔයාලා හොඳින් ඉදීවී කියලා. ආදරෙයි ඔයාලා හැමෝටම.ගිය අවුරුද්දෙන් හැමදේම ඉවරයක් වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරමු ❤️