Taehee 's pov
දවස් කීයක් නම් ගතවුනාද ? කිසිම දෙයක් හරි විදිහට වුනේ නෑ... මට දැනෙන්නේ මගේ ජීවිතේ හිස් වෙලා කියලා.. මට දැනෙන්නේ මගේ ජීවිතේ අදුරැ වෙලා කියලා.... ඔව් ජීවිතේ තිබ්බ ආලෝකේ අයින් උනාම කොහොමද අදුරැ නොවී තියෙන්නේ...
සමහර වෙලාවට ජීවිතේ වෙන සමහර දේවල් වලට හේතුවක් නෑ කියලා හිතෙනවා... හිත රිදිලා , රිදිලා හැමදේම අත අරින්න හිතෙනවා... මේ වෙද්දී මට හිතෙන්නෙත් එහෙම... කිසිම හේතුවක් නැතුව මං මගේම සහෝදරයන්ට වගේ සලකපු අය නොදැක්කා වගේ යද්දී... පනටත් වඩා ආදරය කරන කෙනා මග අරින්න ගනිද්දි , හොදින්ද කියලා අහන්නවත් කතා නොකරද්දි , දවස් ගානක් දකින්නේ නැතුව ඉද්දී... කොහොමද හිත හදා ගන්නේ ? කොහොමද තත්පරයක්වත් හිනා වෙන්නේ ? කොහොමද සතුටින් ඉන්නේ මගේ හැම සතුටක්ම එයා ලඟ තියෙද්දී... ඒ විදිහටයි මේ ටිකේ මගේ ජීවිතේ ගෙවුනේ...
" Taehee , මොනාද ඔච්චර බලන් ඉන්නේ.. "
Jung mi ගේ කටහඩට කල්පනා ලෝකේ හිටපු මං ඇහැරැනේ..
" දැන් මං මඟ බලන් ඉන්නේ දවස් ගානකින් දැක්කේ නැති ඒ මූන දකින්න.. මං හැමදාම දකින්න ආස කරපු ඒ හිනාව දකින්න.. දැක්ක ගමන් ලඟට ගිහින් තදින් එයාව බදාගන්න... ඒ සුවද විදින්න.. මාව මතක් වුනේ නැද්ද අහන්න.. කොහොමද එයා එහෙම හිටියේ අහන්න.. ඇයි එහෙම කලේ අහන්න.. මේ හැමදේටම තමා මං බලන් ඉන්නේ.. "
මං එක හුස්මට කිව්වේ ඒ මූන , ඒ හිනාව හිතින් මවාගෙන...
" Taehee , එයාලා... "
Jung mi එහෙම කියනවත් එක්කම මං බැලුවේ දොර දිහා.. එතන හිටියේ ඒ හත්දෙනාම.. මේ room එක use කරන්නේ මමයි , jungmi , එයාලයි විතරක් නිසා staff එකේ වෙන කවුරැත්
එතන හිටියේ නෑ... මං හිමින් ඔලුව උස්සලා බැලුවේ එයාලා දිහා... එයාලාගේ මූනවල් වල තිබ්බ හැගීම් තේරැම් ගන්න අමාරැයි... ඒත් එක්කම මගේ ඇස් ගියේ පිටිපස්සට වෙන්න හිටිය දවස් ගානක් තිස්සේ දකින්න ආසාවෙන් හිටපු ඒ ඇස් ලඟට..ඒත් ඒ ඇස් වෙනදා වගේ නෙමෙයි.. ඒ ඇස් වල තියෙන්නේ තරහක්ද ? දුකක්ද කියලා මට කියවගන්න බැරි වුනා...තත්පරයක්වත් නොහිතා , කවුරැත් ගැන නොබලා එයා ගාවට ගිහින් තදින් බදාගත්තේ හරියට මගේ මුලු ජීවිතේම ඒ අත් අතර රැදිලා තියෙනවා වගේ.... දවස් ගානකින් නොදැනුන ඒ උනුහුම දැනෙද්දී , දවස් ගානකින් නොදැකපු ඒ මූන දකිද්දී ඇති වෙච්ච හැගීම නිසා හිතනවට වඩා හයියෙන් ඇඩුනේ හුස්ම ගන්නත් අමාරැ වෙද්දී... ඒත් එකපාරට ඒ අත් වලින්ම ඒ උනුසුමෙන් ඈත් කරද්දි හිතාගන්න බැරි වුන මං එයා දිහාම බලන් හිටියා....