Part 24

184 32 11
                                    

Jungmi 's pov

ගෙදරට යන අතරතුර කිසිම වචනයක් නොකියා මගේ උරහිසට ඔලුව තියන් taehee ඔහේ බලන් හිටියා.. වෙච්ච හැමදේම හිතාගන්න බැරැව එකින් එක පෙලගස්වන ගමන් මමත් බලන් හිටියා.. හිතාගන්න අමාරැ එකම දේ Taehee හැසිරැන විදිහ.. එක කදුලක් හලන්නේ නැතුව ගලක් වගේ හිටපු විදිහ.. ඒකයි මට බය.. එයා අඩන්නේ නැතුව හිතේ හිර කරන් ඉන්න එක... එයා අඩලා ඒ දේවල් එලියට දැම්මා නම් සහනයක්... 

කල්පනා කරලා අන්තිමට කියන්න තියන හොදම කෙනාට phone එක අරන් msg එකක් දැම්මේ පුලුවන් නම් ඉක්මනට Apartment එකට එන්න කියලා...

මං දැනන් හිටියා මෙහෙම දෙයක් වෙයි කියලා.. අපි වගේ ගෑනු ලමයින්ට එයාලා හරියන්නේ නෑ... එයාලා මුහුද නම් අපි ඒ මුහුදේ ඉන්න එක වැලි කැටයක් විතරයි... අපිට එයාලට ලං වෙන්නවත් බෑ.. මං ඒක තේරැම් ගත්ත නිසා මට කොච්චර ඕනේ වුනත් , එයා මට කොච්චර ලං වෙන්න හැදුවත් මං ඈත් වුනේ ඒකයි..

Apartment එකට ඇවිත් taehee ව couch එකෙන් වාඩි කරලා වතුර එකක් දුන්නේ එයාට බොන්න.. ඒත් එක්කම වගේ doorbell එක වැදුනේ හිතපු කෙනා ඇවිත් නිසා.. door එකට ගිහින් එයාව බදාගත්තේ මටත් මේවා දරාගන්න බැරි නිසා...

" jungmiya... ඇයි මේ.. කෝ taehee "

එහෙම්ම එයාගෙන් ඈත් වෙලා ඇතුලට එක්කන් ගියේ මොකුත්ම නොකියා.. ඒ ගමන් එයාගේ ඇස් ලොකු වුනේ මල කදක් වගේ බලන් ඉන්න taehee ව දැකලා...

Taehee ලඟට ගිහින් එයා ගාව වාඩිවෙලා ඔලුව අතගාන ගමන් seojoon oppa එයාට කතාකලා..

" Taehee ya... ඇයි මැණික මේ.. මොකක්ද වුනේ.. හ්ම්.. "

ඒ කටහඩට oppa දිහා බලපු taehee ඒ අත් වලට පැනලා බලන් ඉන්න බැරි තරම් කෑ ගහලා අඩන්න ගත්තා.. මටත් ඕනේ උනේ ඒක.. මං දන්නවා මේ වෙලාවේ හොදම කෙනා seojoon oppa කියලා.. අපි දෙන්නටම එයා තාත්තා කෙනෙක් වගේ.. අපේම අයියා වගේ.. මට වඩා taehee එයාට ගොඩක් ලඟයි.. එයත් එහෙමයි... මටත් හයියෙන් ඇඩෙන්න ගත්තේ taehee ගේ කෑ ගැහිල්ලට...

Taehyung 's pov

වුනේ මොකක්ද , කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරැව බලන් හිටියේ taehee ගිය දිහා.. කවදාවත් දැක්කේ නැති taehee ගේ හැසිරීම දැක්කම මට මං ගැනම තරහක් ආවේ මෙහෙම වෙන්න තරම් මං එයාව රිද්දලද කියලා..
හිතන්නේ බලන්නේ නැතුව මං කරපු වැඩ නිසා එයාට මොනතරම් දුක හිතෙන්න ඇත්ද...

Dreams Came True ❤Where stories live. Discover now