Chapter 14

1.5K 347 45
                                    

වෙනදා වගේම ඉස්කෝලෙ ඇතුලට සිනාමුසු මුහුනෙන්  ඇවිදගෙන ආව ටේට ටික වෙලාවකින්ම වෙනදා නොදැනුනු අමුත්තක් දැනෙන්න පටන් ගත්තා..ඒත් ඒක ගැන හරියටම ටේට තේරුම් ගියේ නෑ...හරියට ටේට් දැනුනේ තමන් ඉස්කෝලෙට ආව පළවෙනි දවස අද වගේ හැගීමක්..වෙනදාට මග දිගට නැවතිලා තමන් එක්ක කතා කරන ළමයි අද තමන් එද්දි  අහක බලාගෙන පැත්තකට උන විදිය ටේ බලාගෙන හිටියෙ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව...ඒ වගේම තමන් දිහා බල බල එකිනෙකාට රහස් කියාගන්න විදිය..😕
මේ හැමදේම ටේට පෙනුනා..ටේ තමන් පහුකරගෙන ගියපු යාලුවෙක් එක්ක හිනාවුනා..ඒත්....ඒ යාලුවා අහක බලාගෙන ගියේ ටේව කවදාවත් නොදැකපු කෙනෙක් ගානට..
    ටේ පිටිපස්සෙන් ඉස්කෝලෙ ඇතුලට ඇවිදගෙන ආව ජින්ටත් ළමයි අතර තිබුනු වෙනස පැහැදිලිව පෙනුනා..ඊලඟට ජින්ගෙ ඇස් ගියේ ඉස්සරහින් ඇවිදගෙන යන ටේ දිහාවට..

" පේන විදියට නූනා කියපු දේ වැරදි වගේ..මේක තාම ඉවර නෑ..."

ජින් ටේ දිහා බලාගෙන තනියම කල්පනා කරා..

තමන්ගෙ පන්තියට ගියපු ටේ බෑග් එක ගලවලා තියලා තමන්ගෙ යාලුවො කොහෙද කියලා විපරම් කරා..වෙනදා වගේම ටේගෙ යාලුවො පන්තිය ඉස්සරහට වෙලා කතා කරමින් ඉන්නවා දැකපු ටේත් යාලුවොන්ට එකතු වෙන්න හිතාගෙන පන්තියෙන් එළියට ආවා.

" කොහොමද යාලුවනේ..."

ටේ වෙනදා වගේම හුරතල් හිනාවෙන් යාලුවොන්ට කතා කරත් යාලුවො වෙනදා වගේ හිනාවෙන්ම ටේ පිළිගත්තෙ නම් නෑ..ඒ වෙනුවට එක එක්කෙනාගෙ මූණ දිහා බල බල නිහඩවම හිටියා...ඒ පාර තමන්ගෙම යාලුවොන්ටත් මේ මොනවා වෙලාද කියලා ටේ කල්පනා කරේ කිසිම දෙයක් හිතාගන්න බැරුව..

" යා...මින් ජුන්...මොනවද ඔයාලට වෙලා තියෙන්නෙ ?? ඇයි හැමෝම අමුතු විදියට හැසිරෙන්නෙ?? "

ටේ අන්තිමේදි  ඇහුවෙ තවත් මේක ඉවසන්න බැරි නිසා..
ඒත් ටේට උත්තරයක් නොදුන්න මින් ජුන් අනික් යාලුවො ටිකත් එක්ක එතනින් යන්න ගියේ ටේව දාලා..
ටේ ටික වෙලාවක් තමන්ව දාලා යන තමන්ගෙ හොදම යාලුවො දිහා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා..යාලුවො හැමෝම තමන්ව මගඇරලා යන බව ටේට තේරුනා..ඒ නිසාම ටේ ආයෙත් එයාලා එක්ක කතා කරන්න යන එක තේරුමක් නැති නිසා බිම බලාගෙනම පන්තියට ඇවිත් තමන්ගෙ පුටුවෙන් වාඩි උනා..
ටේට මතක් උනේ ගිය සතියෙ උන සිදුවීම...පේන විදියට ඉස්කෝලෙ ලමයින්ට නම් ඒක අමතක වෙලා නෑ වගේ...

Until we will meet again🖤(Completed)Where stories live. Discover now