" Hello Taehyung..."

ෆෝන් එකෙන් අැහුන වොයිස් එකට Tae එක පාරට අැස් අැරලා රොබෝ කෙනෙක් වගේ අැඳ උඩ ඉඳගත්තා...

" Okay I'll be there..."

ෆෝන් එකෙන් කතා කරපු කෙනා කිව්ව දේවල් හොඳට අහන් හිටිය Tae අන්තිමට කිව්වා... Tae කලබලෙන් වගේ අැඳෙන් නැගිටිද්දි Seohaත් බෙඩ්ශීට් එකත් අැඟට ගුලි කරන් අැඳ උඩ ඉඳගත්තා...

කෙල්ල මොකුත් අහන්නත් කලින් Tae බාත්රූම් එකට ගියා... විනාඩි 10ක් විතර යන්න අැති Taeට එලියට එන්න... කොල්ලා අාපහු එද්දිත් Seoha අැඳ උඩ ඉඳගෙන හිටිය විදියමයි....

" What happened Tae?? "

" I got a emergency call Seoha.."

" Is it from.....?

කෙල්ල අහන්න ගිය දේ නතර කරලා අැඳුම් කබඩ් එක ලඟ ඉන්න Tae දිහා බැලුවා... කොල්ලා අතට අහුවුන අැඳුමක් අැඟට දාගෙන කෙල්ල දිහාට හැරුනා...

" Yeah it is..."

Tae  කිව්වේ මූණත් අැඹුල් කරන්... කොල්ලගෙ මූණෙන්ම Seohaට පේනවා කතා කරපු කෙනා කියලා තියෙන්නේ Good News එකක් නොවන බව...

" Okay.. U go first.. I'll be there soon... Take care Tae..."

Seoha එහෙම කියන ගමන් බාත්රූම් එක පැත්තට ගියේ Taeගෙ කම්මුලට පොඩි කිස් එකකුත් දීලා...

කෙල්ල යන දිහා බලා හිටිය Tae කාමරේ පුටුවක් උඩට විසික් කරලා දාලා තිබුන ජැකට් එකත් අතට අරන් සද්ද නැතුවම ගෙදරින් එලියට අාවා...

💔💔💔💔💔💔💔💔💔💔💔💔

" Hello.. Hello... Hyung මට අැහෙන්නේ නෑනේ.... Hello... විනාඩියක් ඉන්න මං එලියට යනකන්..."

ෆෝන් එකත් කනේ තියාගෙන එහෙම කියලා ජිමින් හැරුනේ ජන්කුක් දිහාට...

" Yaaaa Jungkook-ah... මං ටිකක් එලියට යනවා.. මං එනකන් ඔතනම ඉන්නවා..."

එහෙම කියලා ජිමින් ක්ලබ් එකෙන් එලියට දිව්වා...

ජන්කුක්ට හරියට කිව්ව දේ අැහුනද කියලාවත් ජිමින් බැලුවේ නෑ...  ක්ලබ් එකේ කවුන්ටර් එකේ පුටුවක ඉඳගෙන විස්කි වීදුරුව දිගේ රවුමට අැඟිලි ගෙනියන ගමන් විස්කි වලින් පිරුන වීදුරුව දිහා බලා හිටියා... ටිකක්වෙලා ගිහින් වෙව්ලන අැඟිලි වලින් වීදුරුව අල්ලගත්ත කොල්ලා එක හුස්මට එ් ටික බීලා දැම්මා...

🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)Where stories live. Discover now