Hoseok දැක්කේ ජන්කුක් ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා....
" කෝ ජිමින්?? "
Hoseok අැහුවේ ජිමින් පේන්නවත් හිටියේ නැති නිසා.... ජන්කුක් මොකුත්ම නොකියා සෝෆා එක පැත්තට අත දික්කලා...
Hoseok සද්දයක් නැතුවම හොරෙක් වගේ අඩිය තිය තිය සෝෆා එක පැත්තට ගියේ ජිමින්ව බය කරන්න හිතාගෙන... හැබැයි සෝෆා එක ලඟට ගිහින් එබිලා බලද්දියි දැක්කේ ජිමින් කටත් අැරගෙන තාම නිදාගෙන ඉන්න හැටි.... ජිමින්ව බය කරන එක පැත්තකට දාලා Hoseok අාපහු හැරුනේ අමුතු විදියේ හිනාවකුත් දාගෙන...මොකද Hoseokට අාවේ පට්ට අයිඩියා එකක්... එහෙමම කොල්ලා ජන්කුක් ලඟට ගියා...
" මං එනකන් ජිමින්ව අැහැරවන්න එපා... මං ඉක්මනින් එන්නම්..."" හියුන් කොහෙද යන්නේ?? "
ජන්කුක්ගෙ ප්රශ්නෙට උත්තර දෙන්න කවුරුත් හිටියේ නෑ.... මොකද Hoseok එතකොටත් රූම් එකෙන් එලියට ගිහින්.... ජන්කුක් අායෙත් තනියෙම සිවිලිම දිහා බලන් ඉන්න ගත්තා.... විනාඩි පහක් ගියේ නෑ Hoseok අායෙත් හති දාගෙන රූම් එකට අාවා... ජන්කුක් දිහා බලලා අැහැක් ගැහුව Hoseok කලින් දවසේ කෝපි ගෙනැත් ඉතුරුවෙලා තිබුන කප් එකකුත් අරන් කෙලින්ම රිංගුවේ වොෂ්රූම් එකට... ඊට පස්සෙ විනාඩි දෙක තුනක් යනකන් වොෂ්රූම් එක පැත්තෙන් එක එක සද්ද අැහුනා....
Hoseok වොෂ්රූම් එකෙන් එලියට අාවේ එවිල් හිනාවකුත් දාගෙන... මූ කෙලින්ම ගියේ ජිමින් නිදාගෙන හිටිය සෝෆා එක ලඟට.... ජන්කුක් ඉතිං අැඳට වෙලා උගුඩුවෙක් වගේ බලා ඉන්නවා මොකක්ද මේ වෙන්නෙ කියලා... ෆෝන් එකේ කැමරාවත් ඔන් කරගත්ත Hoseok ජිමින්ට කතා කලා..." ජිමින්! ජිමින්!! ජිමින්!!!
එ්ත් ජිමින්ගෙන් නෑ කිසි සද්දයක්... මූ මැරිලද දන්නෙත් නෑ...
YOU ARE READING
🍂 Until The Spring Comes Again 🍃 (COMPLETED)
FanfictionNot every story has a happy beginning🍂 Not every story has a happy ending🍃 Some stories start with happiness and end with happiness🍂 Some stories start with happiness and end with sadness🍃 Others start with sadness and end with happiness🍂 But...
Chapter 25
Start from the beginning