"Cut"
විදුලිය බිඳ වැටීම නිසා මුළු කාමරයම අඳුරේ ගිලී තිබිණි. හෙදියන් දෙදෙනෙක් පැට්‍රොල් මැක්ස් ලාම්පු දෙකක් ඔසවාගෙන සිටියේ කාමරය තුළ වූ අන්ධකාරය පළවා හැරීමටයි. ලාම්පුවේ දැල් පිච්චෙන හඬ සහ වෛද්‍යවරයාගේ නොසන්සුන් හුස්ම හඬ පමණයි කාමරයේ පාළු මකා දැමුවේ. මැස්සන් රංචුවක් ලාම්පු එළිය වටා කැරකෙනවා.
පිටතින් බලන කාටහරි මේක පුදුමයක් වුණත්, 1970 දී ඇහැළියගොඩ මහා රෝහලට මේක සුපුරුදු දසුනක් විය.
විදුලිය කියන දේ තිබුණත් ඇහැළියගොඩ ට නිතර වහින වැස්ස නිසා සමහර දවස් පැට්‍රොල් මැක්ස් ලාම්පු වලින් තමා ගෙවන්න වෙන්නේ.
මොකද කරන්ට් නෑ කියලා ලෙඩ්ඩු මැරෙන්න දෙන්න පුලුවන් ද.
දොස්තර 'හසකැන්' නාසය මත රැඳි surgical Loupes දෑස් මතටම තද කෙරුවේ තමන් තවමත් සිටින්නේ සැත්කමේ මුල් අදියර පමණක් නිසාවෙනි.
ප්‍රධාන වෛද්‍යවරයා නොමැතිව හදවත් සැත්කමක් කරන්න වෙන එකත් ලේසි නෑ!!
හසකැන් ගේ මනස පුරාම දිව්වේ තමන්ට මගපෙන්වීමට වත් කවුරුන් හෝ නොමැති බවය.
අනික මග පෙන්ව පෙන්ව කරන්න මේක පුහුණු කාලයත් නෙමේ!!
හසකැන් තම දකුණු අතෙහි රැඳි scalpel එකෙන් පපුවේ වම් පැත්තේ ඉළ ඇට අතරින් ගැඹුරු කැපීමක් කළේ හෘද වස්තුව පාදා ගැනීමටයි.
ඔහුගේ ඇඟිලිවලට දැණුනේ ලාවට ගැහෙන හදවතයි.
පණ අදින හදවත දැනෙන මොහොතක් පාසා හසකැන් සිහිකලේ තම ප්‍රධානියා වුණ 'පොන්නම්පෙරුම' ගේ අම්මා මුත්තාය.
අවුරුද්දක කාලය තුළ තම පධානියා නොමැතිව හසකැන් කරනා පස්වෙනි සැත්කම මෙයයි.
ඒ සෑම අවස්ථාවකම දොස්තර 'පොන්නම්පෙරුම' රෝහලේ නොසිටියේය.
අදත් එවැනිම දවසක්. දුරකථන ඇමතුමක් ලබාදී ගෙන්වා ගැනීනට තරම් තාක්ෂණය දියුණුත් නැති කාලෙක හසකැන් සැත්කම තම දෑතට භාරගත්තේ උත්සහයක් හෝ නොමැතිව මියයන්න ඉඩදීම යුතු නොවන නිසායි.
මුලින්ම ලේ ගැලීම නතර කරන්න Artery Forceps වලින් නහර ගැටගහනන්න ඕන. නැත්තන් ලේ පිරිලා සැත්කම අසාර්ථක වෙනවා!!
YOU ARE READING
|The Pit|
Non-Fiction"ඔයා දන්නවද, හසකැන්... මේ ලෝකෙ කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ." "එහෙනම් මට මොනවද ගෙවන්න තියෙන්නේ?" දෙව්රත්ගේ මුවේ නැගුණු සිනහවෙන් හසකැන්ට පිළිතුරක් ලැබුණේ නැත. 1978 - ඇහැළියගොඩ. සමහර හමුවීම් අහම්බයක් නොවේ. සමහර රහස් වළලා දැමුවාට මිය යන්නේ නැත. ගෙවී...
