⚜️ Prologue ⚜️

18 2 0
                                        

පළමු රාජ්‍යය උදාවීමට පෙර...
මිනිස් වර්ගයා යාච්ඤා ගල් මත සිය දෙවිවරුන් කැටයම් කිරීමට පෙර...
මිනිසුන් තාරකාවලට නම් දීමට පෙර...
පැරණිම දෙවිවරුන් පවා උපදින්නට පෙර...
නිශ්ශබ්දතාව පමණක් තිබුණි.
අන්ධකාරයක් නොවීය.
ආලෝකයක්ද නොවීය.
කාලය පවා නොතිබුණි.
නිමක් නැති හිස්බවක් පමණි.
එයට නමක් නොතිබුණි.
මන්ද, එයට නමක් දීමට කිසිවෙකු නොසිටි බැවිනි.
ස්වරූපයක් නොතිබුණි.
මන්ද, එය දැකීමට කිසිවක් නොතිබූ බැවිනි.
එහෙත් ඒ හිස්බව බලා සිටියේය.
නිහඬව.
අවසානයක් නොමැති ඉවසීමකින්.
සියලු මැවීම් නැවතත් තමන්ගෙන් උපන් ඒ හිස්බව වෙත පැමිණෙන තුරු.
ආශාව එය ශක්තිමත් කළේය.
ඉන්පසු...
පළමු අන්ධකාරය පැමිණියේය.
එය ස්වර්ගයට වඩා පැරණි විය.
තාරකාවලට වඩා පැරණි විය.
දෙවිවරුන්ටත් වඩා පැරණි විය.

සෑම ශිෂ්ටාචාරයක්ම එය වෙනස් නමකින් හඳුනාගත්තේය..

එය ග්‍රීකයන් අනුව , එය ප්‍රාථමික අන්ධකාරය හෙවත් Chaos(කේයෝස්) විය .
ඊජිප්තුවරුන්ට, එය නූන්ගේ නිමක් නැති ජලය යට සැඟවී සිටි දූෂණය විය.
මෙසපොතේමියාවේ රාජධානිවලට, එය නැවත ඉපදුණු ටියාමාට්ගේ කෝපය විය.
නැගෙනහිර ඍෂිවරුන්ට, එය යින් සහ යැංගේ සමතුලිතතාවය ගිල දැමූ බලවේගය විය.
මායාවරුන්ට, එය සෑම පූජනීය චක්‍රයකම අවසානය විය.
විවිධ නම්.
නමුත් එකම සතුරා.

එය පූජනීයත්වය හෝ ආධිපත්‍යය අපේක්ෂා කළේ නැත.එය නිශ්ශබ්දතාවයක් පමණක් සොයමින් සිටියේය. කඳු දූවිලි බවට පත් විය.මුහුදවල් ශිෂ්ටාචාර ගිලගැනීමට සැලැස්වීය.
ස්වර්ණමය යුගයන් පවා අවසානයක් බවට පත් කළේය.
අවසානයේ...

ස්වර්ගය පවා බිඳ වැටෙන්නට පටන් ගත්තේය.
පළමු වතාවට දෙවිවරුන් මරණයට බිය වූහ.
ඔවුහු තනිව සටන් කළහ.
අසාර්ථක වූහ.
නැවත සටන් කළහ.
නැවතත් අසාර්ථක වූහ.
එවිට ඔවුන්ට තේරුම් ගියේය.
තනි දෙවියෙකුට එය පරාජය කළ නොහැකි බව.
එක් රාජ්‍යයකට එය නතර කළ නොහැකි බව.
එක් ශිෂ්ටාචාරයකට පවා එය රඳවා තබාගත නොහැකි බව.
එබැවින් දෙවිවරු තම උඩඟුකම පසෙක දැමූහ.
ඔවුන් එක්ව සිටියහ.

සියලු දෙවිවරුන් තම උඩඟුකම පසෙක දැමූ විට පමණක් බලාපොරොත්තුවේ ආලෝකය නැවත පැමිණියේය.එබැවින් ඔවුන් කළ නොහැකි දේ කළහ.ඔවුන් එකට සිටියහ.
කිසිදා කතා නොකළ දෙවිවරු මිය යන අහසක් යට මිත්‍ර පාක්ෂිකයින් බවට පත් වූහ.
ඔලිම්පියානුවන් ඊජිප්තු දෙවිවරුන් පලමු වරට එක්ව නැගී සිටියහ .
මෙසපොතේමියාවේ පුරාණ බලවතුන් නැගෙනහිර ආරක්ෂකයින් සමඟ අත්වැල් බැඳ ගත්හ.
පූජනීය දින දර්ශනවල පාලක මායාවරුන්ගේ, රජවරුන්, ඍෂිවරුන්, මකරුන් සහ රණශූරයන් අසලින් ඇවිද ගියහ. දෙවිවරු.
මනුෂ්‍යයෝ.
රාක්ෂයෝ.
එක්ව.
ඔවුහු ජයග්‍රහණය කළහ.
නමුත් දරුණු මිලක් ගෙවමිනි.
මන්ද...
පළමු අන්ධකාරය විනාශ කළ නොහැකි විය.
එය කළ හැකි වූයේ,
මුද්‍රා තැබීම පමණි.

කිසිදු අධිරාජ්‍යයකට, දේවස්ථානයකට හෝ දෙවියෙකුට තනිව එම බලය පාලනය කළ නොහැකි වන සේ, මුද්‍රාව කොටස් හතකට බෙදනු ලැබීය.

උරුමයන් හතකට වගකීම භාර දෙන ලදී.

එකක් පූජනීය රුධිරය දරණ පෙළපතක් බවට පත් විය.

එකක් පූජක පක්ෂයක් බවට පත් විය.

එක් අයෙක් දෛවයේ පාලකයන් බවට පත් විය.

එක් අයෙක් ස්වර්ගයේ තෝරාගත් තැනැත්තා බවට පත් විය.

එක් අයෙක් කාලයේ ආරක්ෂකයින් බවට පත් විය.

එක් අයෙක් අමතක වු ගැඹුරුම බලයේ මෙවලම් දරන්නා විය.

එක් අයෙක්...

නිවුන් ආත්මයන්ට භාර දෙන ලදී.

නිවුන් ආත්මයන් එකට සිටින තාක් කල්, සූර්යයා සහ චන්ද්‍රයා අතර සමතුලිතතාවය කිසිදා බිඳී නොයනු ඇත.

අලුත උපන් ලෝකය පුරා, විවිධ ජනයා විවිධ ආකාරවලින් ආශ්චර්යය සිහිපත් කළහ.
ග්‍රීකයෝ ඔලිම්පියානුවන්ගේ රණකාමීත්වය ගැන ගායනා කළහ.
ඊජිප්තුවරු හෝරස් වෙනුවෙන් දේවාල තැණුවෝය.
මෙසපොතේමියාවේ රාජ්‍යයන් මැටි මත ඉරණම ලියූ දෙවිවරුන්ට ගෞරව කළහ.
පෙරදිග සෘෂිවරු ශිවගේ ගුණ ගැයූහ.
ඇසුර මකර රණශූරයන් ඇදවූහ.
මායාවරු තාරකා නිරීක්ෂණය කළහ, කාලයම දිව්‍යමය යැයි විශ්වාස කළහ.
සෑම කෙනෙකුම විශ්වාස කළේ ඔවුන්ගේ කතාව ආරම්භය බවයි.
සෑම කෙනෙකුම විශ්වාස කළේ ඔවුන්ගේ දෙවිවරුන් තනිවම ලෝකය බේරාගත් බවයි.

යුග ගෙවී ගියේය.
රාජධානි නටබුන් බවට පත් විය.
නටබුන් මිථ්‍යාවන් බවට පත් විය.
මිථ්‍යාවන් ජනප්‍රවාද බවට පත් විය.
භාරකරුවන්
අමතක විය.
එහෙත් පුරාණ ගිවිසුම අමතක නොවීය.
මක්නිසාද යත් බන්දන්නය දුර්වල වූ සෑම අවස්ථාවකම...
ලෝකය පිළිතුරු දුන්නේය.

එකම අහස යට නිවුන් ආත්මයන් උපත ලබනු ඇත.

දෛවය උරුමක්කාරයන් මුණගස්වණු ඇත

වසර දහස් ගණනක් තිස්සේ, මෙය චක්‍රයක් සේ නොබිඳී පැවැතුණි.

ලොව පුරා, දිවුරුමේ භාරකරුවන් නැවත උපත ලබා ඇත
ඔවුන් තම උරුමයන් සොයා යනු ඇත

ආත්මය.
දැනුම.
සම්මතය.
ඉරණම.
සුසංවාදය (සමගිය).
කාලය.
පරිත්‍යාගය.

එකම අහස යට කොහේ හරි...

පළමු අන්ධකාරය නැවත වරක් ඇස් ඇර ඇත.

©Image

GARDIANCE OF THE LIGHT - The Truth Before TimeStories to obsess over. Discover now