42. පරිච්ඡේදය

109 22 24
                                        


" අප්පච්චී...."

ඒ කෑ ගහපු කෑගැහිල්ලට මාව ගැස්සුනාට මං ගාව හිටපු මිනිහනම් හිනාවුනාද කොහෙදෝ. ඒකත් මං දිහා බලාගෙනම. ඒකරල එයා අර ආව කෙනාගෙ පැත්ත හැරුනා...

" හහ්.. උඹට දැන්ද එහෙම එකෙක් ඉන්නව කියල මතක් උනේ. මං උඹට එදත් කිව්වා අදත් කියනවා. උඹට අප්පාකම් කරන්න මෙහෙ එවුන් නෑ යකෝ... "

එහෙම කියන ගමන් අර මනුස්සයා ආව කෙනා ඉන්න හරියට ගියා. එයාලා ඉන්නෙ අදුරු හරියට වෙන්න නිසා මට එයාලව හරියට පේන්නෑ. රෙද්ද මේ කලුවර් කාමරේට රතු බල්බ් දාපු එකාට ගහන්න ඕනෙ හොයාගෙන ගිහින්. මං ඇස් දෙකත් තව ටිකක් හීනි කරන් බැලුවට ම්හුක්.. මුකුත් පැහැදිලිව පේන්නෑ..

මං දැක්කා මං බෙල්ල දික් කර කර බලද්දි එයාලා ගාව ලයිට් එක හරියෙ හිටපු මනුස්සයෙක් මට රවනව. ඔව් ඉතින් තව සේනාවක් එක්කනෙ අර මනුස්සයා මෙතන හිටියෙ..

මෙච්චර දෙයක් වෙලා තියන අස්සෙත් ඕපදූප හොයන්න යනවට මටත් හොදවැඩේ.. එහෙමයි කියල ඕව හොයන්නැතුව කොහොමද. මාවනෙ මෙතන උස්සන් ඇවිත් තියෙන්නෙ.

" ඒකනම් මාත් දන්නව තමයි. මොන දේ කලත් ඉපදෙන්න ලේ ටික දුන්න මනුස්සයානෙ කියල ඒකෙ නම්බුව තිබ්බම හිතන්න එපා උඹෙ හැම පක්කිලි වැඩේම අමතක කරල කකුල් ගාවට වැදවැටෙන්න ආවා කියලනම්. "

ආපු කෙනත් අර මනුස්සයාගෙ කෑගැහිල්ලට දෙවෙනි නොවෙන්න බෙරිහන් දෙනවා. අනේ දෙයියනේ රණ්ඩුවෙන එකක් රණ්ඩුවෙන්න ඕනෙ මාව යවලා ම්හුක්..

" හහ් එහෙනම් මොකටද උඹ ආවෙ ෆෙඩ්‍රික්... "

ඒක මහ නෝන්ජලෙන් කතා කරපු කටහඩක් .... ෆෙඩ්‍රික්.. කවුද ඒ. මං අහලවත් නැති නමක් අප්පා ඒකනම්..

" අර කොල්ලව මට ඕනෙ "

මොකක්! මාව.. එයා මං ගැනද කියන්නෙ. ඒත් ඇයි මාව ? එයා මාව දන්නවද. ඔය කැතයා වෙන්නනම් බෑ. අඳුරට උනත් හැඩහුරුව ඒ වගේ නෙවෙයි. කටහඬත් ඒක නෙවෙයි. එහෙනම් ඒ කවුද ?

" හහ්. අරූව.. උඹට ? "

" ඔව්. මට කොල්ලව අරන් යන්න දීපන් අ- "

එයා අන්තිමට කියන්න ගියපු එක නවත්තගත්තා.

" උඹ හිතුවද මං මූව උස්සන් ආවෙ උබ අතට දෙන්න කියල ෆෙඩ්‍රික්. මට මූත් එක්ක තියෙනව ගනුදෙනුවක් විසදගන්න. ඇත්තටම එකක් කියල නෑ දෙක තුනක් තියෙනව මං හිතන්නෙ. ඇරත් අරූගෙ කුක්කව උඹට මොකටද. මොකෝ උඹට මුගෙ රහ බල- "

Made in Blood ( Ongoing )Место, где живут истории. Откройте их для себя