" ඌ තදයෙක්ද ? "
" රියල් වැඩ්ඩෙක්...මතකද Lotus Roundabout එකෙ bomb blast එක...ඒක උගෙ ගේමක් "
හෙක්ටර් කිව්ව කතාවට ධීර් ඇස් දෙක ජිල් බෝල දෙකක් කරගන බලන් ඉන්නකොට ලග පාත හිටිය කොල්ලො ටිකත් කටවල් ඇරගන හෙක්ටර් දිහා බැලුවෙ විශ්වාස කරගන්න බැරි පුදුමෙකින්...
දවස් හතරක් එක දිගට ඇදිරි නීති දාන තත්වෙට එනකන්ම දරුනු උනු bomb blast එකක් විදිහට ප්‍රසිද්ධ වෙච්ච අගමැතිගෙ හුස්ම පොදට වග කිව්ව news පත්තර වනසපු " lotus blast " එක කෙල්ලගෙ හපන්කමක් කියලා දැනගන හිටියට ප්ලෑන් එක VK ගෙ කියලා දැනගන හිටියෙ අතලොස්සක් විතරයි...
" VK කෙල්ල එක්ක හෙන ෆිට්...ෆිට් කියන්නෙ...කෙල්ලට ඌව විතරයි රුස්සන්නෙ...ගොඩක් උන් නම් කියන්නෙ උන් දෙන්නා couple එක කියලා...ඒත් conform නෑ ධීර්..."
" හේතුව ? "
" උන් දෙන්නා වෙලාවකට යාලුවො ගානයි...වෙලාවකට අයියයි නංගියි වගේ...මාර bond එකක් තියෙන්නෙ උන් දෙන්නට...VK කෙල්ලට උබ බන් කියලා කතා කරන්නෙත්...වෙලාවකට ඒකි එක්ක කියවගන පවා යනවා...උන් දෙන්නා මරාගන්නවත් එක්ක...හැබැයි ඒවා විනාඩියෙ දෙකේ වලි...ආයම කරේ නැගගන ඉන්නවා...ලොකුම reason එක කෙල්ල control කරන්න පුලුවන් උට විතරයි...එහෙම බැලුවාම ඌ කෙල්ලගෙ boyfriend කියන එකේ ගත යුත්තක් තියනවා "
හෙක්ටර් විස්තර විචාරෙ ඉදිරිපත් කරනකොට ධීර් ටේබල් එකේ තිබුනු ග්ලාස් එක හිස් කරලා දැම්මා...
" කෙල්ලට කලින් affairs එහෙම තිබිලා තියනවද ? "
" love ? "
ධීර් ඔව් කියන්න ඔලුව වැනුවා...
" නෑ ධීර්...කෙල්ල ආශ්‍රය කරන්නෙ අර වසවර්තියො දහ දෙනා විතරයි..."
" දහයක් ඉන්නවද ? "
" හපෝ...සාතන්ගෙ නැකතට ජාතක වෙච්ච උන් "
හෙක්ටර් මූන අකුලගන උත්තර දෙනකොට ධීර් එක්ක කොල්ලො ටික ඒ මූනෙ ඉරියව් වෙනස දිහා බලන් හිටියෙ කියපු උන්ගෙ හැටි මැන කියාගන්න ඒ action එක හොදටම ප්‍රමානවත් නිසා...
" කෙල්ල අනිත් උන් එක්කත් VK එක්ක වගේ ආශ්‍රයක් තියනවද..."
" නැ...අපි උබලා ආස්‍රය කරනවට වඩා උන් එක්ක හෙන ෆිට්...හැබැයි VK එක්ක තරම් නැ..."
Back On The Game ‼️
Start from the beginning
