Quote from "miss vixen"
К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
" කවුද අරූ ? "
" කවුද ? "
ධීර්ගෙ ඇසි පියවිල්ලකින්වත් මග ඇරෙන් නැති බැල්ම නැවතිලා තියන දිහාවට හෙක්ටර් ඇස් කැරකුවාම ඒ ඇස් නැවතුනේ ධීර්ගෙ කැබින් එකට මූනලා තිබුනු කෙල්ලගෙ කැබින් එක ලග...
" අරූ කියන්නෙ ? "
ධීර්ගෙ ප්‍රශ්නෙට මුල් වෙලා ඉන්නෙ කල්සි එක්ක ටේබල් එකට එකතු උනු කොල්ලො පස් දෙනාගෙන් එක්කෙනෙක් කියන එක දැකපු හැටියෙ තේරුම් ගියත් අහන්නෙ කා ගැනද කියලා දැනගන්න හෙක්ටර් ආයමත් ප්‍රශ්නයක් එලි දැම්මා...
" අර කෙල්ලට දකුනු පැත්තෙ ඉන්න සුදු පොර "
ධීර් ඇස් ඉගි කරලා පෙන්නනකොට හෙක්ටර් ඒ දිහා බැලුවා...
" ආහ්...ඌද...ඌ VK..."
" ඌ කෙල්ලගෙ කවුද ? මන් අහන්නෙ...සම්බන්දෙ මොකද්ද ? "
ප්‍රශ්න දාහක පැටලුනු බැල්මකින් ධීර්ගෙ ඇස් glass එකක් හිස් කරන VK ලග නැවතිලා තියනකොට හෙක්ටර් VK දිහා බැලුවෙ කට කොනක හිනාවක් මතු කරගන...
" මට හිතුනා ධීර්ට ඕක ප්‍රශ්නයක් වෙයි කියලා "
" ඇයි ? "
" ඕක අපිටත් හෙන ප්‍රශ්නයක් ධීර් "
එහෙටත් නැති මෙහෙටත් නැති උත්තරයක් දීලා හෙක්ටර් පුටුවට බර දුන්නෙ ධීර්ගෙ ඇස් මොහොතකට කෙල්ල හිටපු කැබින් එක මගෑරලා හෙක්ටර් දිහා බලපු වෙලාවෙ...
" ඌ තමා කෙල්ලට ලගම එකා...ඒකිගෙ හැම deal එකක්ම contract එකක්ම handle කරන්නෙ ඌ..."
හෙක්ටර් උත්තර දෙනකොට ධීර් ඔලුව හොලව හොලව VK දිහා බලාගන හිටියා...
