78 🌼 Chord

25.1K 1.9K 4.3K
                                        

සාලේ ටයිල් පොළවෙ බිම ඉදගෙන කවුච් එකට හිස හේත්තු කරගෙන දෑස් පියාගෙන ඉදිය නිකේත් දෑගිලි වලින් නළල පිරිමැදගනිමින් දෑස් දිගහැරියෙ පඩිපෙල බැහැගෙන පහළට එනවා ඇහුන අඩි සද්දයකට වෙද්දි වටපිට බල බල ආව ඒඩන් ඉනට දෑත් තියන් උළුවස්ස ළග නතර උනේ හුස්මක් පිට කරන ගමන්.....

" කිව්ව කතාව ඇත්ත.... මොකෙක් හරි පගෙක් නරක සෙල්ලමකට ලෑස්ති වෙනව..."

ඒඩන් හුස්මක් පිඹිමින් කියද්දි නිකේත් ආයෙම ඇස් පියාගත්තා....

" මගේ ඔළුව පැලෙන්න වගේ රිදෙනව..."

නිකේත් කියද්දි ඒඩන් උළුවස්ස ළග දොරේ තිබුන පිහිය ගලවල අතට ගත්තෙ පිහිය ඇවිත් වැදුන පාර ගැඹුරට කපාගෙන ගිහින් තිබුන පාර දිහා බලන් ඉන්න ගමන්.....

" කොහොමද ඒ වෙලාවෙම සිසීටීවී ඕෆ් උනේ....? ඒක එහෙම වෙන්න විදියක් නෑනෙ.....ගේ පිටිපස්සෙ සිසීටීවි ටික විතරයි වැඩ කරන්නෙ..."

" කොහොමත් වැරැන්ඩා එක පැත්තෙ සිසීටිවි ටික වැඩ කලේ නෑ අකීල්...."

" ආච්චිට යකෝ !! මේ ගෙදර උන්ගෙ මොළේ තියෙන්නෙ පුපේද ආ ?"

නිකේත් නළල පිරිමැදගත්තා....

" අප්පච්චි ඒවා අලුතෙන් දාන්න ඉදියෙ අලුත් සිස්ටම් එකක් අරන්....ඒකයි මොඩිෆයි නොකලේ....... "

" එතකොට ඉස්සරහ ඒවා "

" උදේ වෙනකනුත් ඒවා හොදට වැඩ කලා..... අනික අකීල් ඉස්සරහ මේන් ගේට් එක ළග ගාඩ්ස්ලා ඉන්නව....බැක් යාර්ඩ් එකේ ගේට් එක එතන ඉන්න ගාඩ්ස්ලට පේනව..... පිටිපස්සෙ තාප්පෙ දෙපැත්තෙ ගාඩ්ස්ලා නෝමලි ඉන්නව දෙන්නෙක් වත්.. එහෙම ගෙදරට කෙනෙක්ට ලේසියකට එන්න විදියක් නැහැ..... "

" එහෙනම් දැන් ඔය ආවෙ.... මොකෙක් හරි එකෙක්ට මේ ගේ අස්සට එන්න ඕන්නන් ක්‍රමද නැත්තෙ සුදූ...... හැබැයි උඹ කිව්ව කතාවෙ ගත යුත්තකුත් තියෙනව..."

ඒඩන් කිව්වෙ කවුච් එක ළග ටිවී සෙටප් එකට කිට්ටු වෙලා ඒ වටේ බලන ගමන් වෙද්දි නිකේත් කවුච් එකට හිස තද කරන් එහෙ මෙහෙ යන ඒඩ්න් දිහා බලන් ඉදියා....

" ආව එකා ආවෙ එච්චරටම ගාඩ් එකක් ඉද්දි.... එක්කො ඌ අනිවාරෙන් පොලිස් බට්ටෙක්....නැත්තන් මෙතන ප්‍රොසෙස් එක සහ සුද්ධෙන්ම දන්න වෙනත් එකෙක්..."

CAROL🌼Where stories live. Discover now