♥️✨

1K 53 60
                                        

"ආයූ..."

"ම්හ්?"

බර වැඩක ටැබ් එක අස්සෙ ඔලුව ඔබාගෙන හිටිය අභිලාශ් මිමිණිල්ලකින් ඇයි අහද්දි දෙව්හාන් ආයෙම වතාවක් හෙමීට කන ඇද ගත්තා...පණ්ඩිතයා වගේ නොකියා කළාට දැන් අභිලාශ්ට ඒක කියන්න ගියාම දෙව්හාන් ටිකක් විතර නර්වස්...මේ යකා කොහොම රිඇක්ට් කරයිද දන්නෑනෙ...

"ආයු මේ...ඔයාට බඩ්ඩක් පෙන්නන්න තියේ..."

"දැන් බඩු ගහන්නෑ සුදු මහත්තයා..."

අභිලාශ් ගානක් නැතිව කිව්ව එකට දෙව්හාන් රවාගත්තා... හැබැයි දෙව්හාන් දන්නවා මිනිහගෙ කටේ හැටියට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතින්....

.

.

.

"අභිලාශ් මගේ බෝයි ෆ්‍රෙන්ඩ් දෙව්හාන්...තමුන් හොඳට ඉන්න කොල්ලගෙ ඔලුව අවුල් නොකර පාඩුවෙ ඉන්නවා!"

කෙල්ල මූණටම ඉස්සිලා කෑ ගහද්දි දෙව්හාන් කලිසම් සාක්කු දෙකට අත් දෙක දාගෙන කෙල්ල දිහා බලාගෙන හිටියා...

ඇත්තටම ලස්සනයි ඉතින්...කට තමයි හරි නැත්තෙ...

"මොකද තමුසෙ හිනාවෙන්නෙ ආආ!!?"

"අතරමැදි අවස්ථා ගැන අහලා තියෙද?  Intermediate statuses?"

"මොනවද-"

"කෙමිස්ට්‍රි ගැන තමයි... Intermediates ගැන කියනවා නම්...highly energetic...ඇත්ත... but really unstable...Always keep in mind that every excited particle returns back to the ground state as soon as possible....

ඉලෙක්ට්‍රෝන එහෙම අම්මටසිරි වෙන්න වටේ යනවනෙ...ඒවුණාට පොර ආයෙ හැරුණ තැපෑලෙන් ගෙදර එනවා...ඒක ඔලුවෙ තියාගන්න...

මම යන්නම්..."

.

.

.

.

"හ්හ්....ජීවිතේ මම මගේ තියෙන මුළු ගැම්ම සේරම එකතු කරලා කියපු එකම වාක්‍ය ඒක බං...ග්‍රෑන්පා ඉස්සරහට ගිහින් 'මට උදව් කරන්න' කියපු එක...උඹ මම හිතනවට වඩා හෙනම ගටක් ඕනෙ බං කට ඇරලා මිනිහෙක්ට උදව් ඉල්ලන්න!!"

Eight Thirty-oneWhere stories live. Discover now