"කවුද? මොන වලියක්ද?..."
කිරණය මගෙ දිහා බලල ආයෙ සිතාරයගෙ පැත්ත හැරිල ඇඟට නොදැනී ඇහුවම සිතාර ළඟ පාත කවුද ඉන්නෙ කියල වටපිට බලල අපේ පැත්තට ළං උනා.
"මහීශ් අයියලගෙ මේන් රෝඩ් එකේ තියන ශෙඩ් එකට සෙට් එකක් ගිනි තියන්න ඇවිල්ලලු. ඉස්සරහ ගැරෙජ් එකේ වැඩට ඉන්න කොල්ලෙක් මොකක් හරි සීන් එකකට ඊයෙ ගෙදර යන්නැතුව ගැරෙජ් එකේ නැවතිලා. ඌ තමයි සෙට් එකක් එහෙ මෙහෙ කැරකෙනව දැකල මහීශ් අයියට කෝල් කරල තියෙන්නෙ..."
"අඩෝ..."
"මහීශ් අයිය උගෙ ලොකු අක්කගෙ වෙඩින් එකේ වැඩ වගේකට නුවර ගිහින් එන ගමන් ඉඳල තියෙන්නෙ. උඹව හොයන් ඊයෙ ගැවින් අයිය සේවිය අයිය එක්ක ආවලු නෙ? රාම කිව්ව උන් දෙන්න තුවාල වෙල හිටියෙ කියල. මහීශ් අයිය එනකම් බැකප් එකට ගිහින් තියෙන්නෙ උන් දෙන්නයි රග්බි ටීම් එකෙ සෙට් එකකුයිලු..."
"උඹ කොහොමද විස්තරේ දන්නෙ?..."
"ඉන්ටවල් එකෙ උඹලත් එක්ක කාලා ඉවර උන ගමන් ප්‍රයිමරියෙ ඉන්ග්ලිශ් ඩේ එකට නීටා මිස්ට ඕන කිව්ව එනවුස්මන්ට්ස් ටික හදල ඉවරයක් කරල දාන්න මං මීඩියා යුනිට් එකට ගියා. කවුරුහරි ආවොත් ඇහෙන්න කියල එලියෙන් මයික් ඔන් කරගෙන රෙකෝඩින් බූත් එකෙත් මයික් ඔන් කරල දොර වහගෙන මට ඩිස්ටර්බ් නොවෙන්න 'On Air' ඔන් කරන් හෙඩ්සෙට් එකත් ගහගෙන වැඩේට බහිද්දි කෙශාන් අයියයි තව ජූනියර් ප්‍රිෆෙක්ට් එකෙකුයි මීඩියා එක ඇතුලට ආවා. මං ඉන්නව දැකල කෙශානය මට අත වනල On Air සයින් එක නිසා මට ඇහෙන්නෑ කියල හිතන් වෙන්නැති අර පොඩි එකාට වාඩි වෙන්න පුටුව පෙන්නල ඌත් වාඩි උනා. පොඩි එකා එතන තිබ්බ හෙඩ්සෙට් එකක් අතට අරන් එහෙ මෙහෙ කරනව මං ග්ලාස් එකෙන් බලාගෙන. ඒකෙන් ඌ අරුට විස්තරේ කියනව මට ශෝක් එකට ඇහුන ඉතින්..."
"කෙශානය සීනියර් ප්‍රිෆෙටෙක් උනත් හරි ස්කෝලෙ වටේම ජුනිය සෙට් එකව රොයිටර් සේවාවෙ දාපු එකෙන් තමයි වලි දාගන්න ඔක්කොගෙම කවදහරි රෙදි ගැලවෙන්නෙ..."
"එහෙම වෙන්නෑ කිරණ්. ඕවා ගැන විස්‍තර පිට නොයන්න ඕබී එක අම්බානෙකට ප්‍රිෆෙක්ට් බෝඩ් එක නම්මගෙන ඉන්නෙ.. ජුන්නො ටිකත් උන්ගෙ ඇඟ බේරගන්න අනිත් එකාව පාවල දෙන්න දෙපාරක් හිතන්නැහැ..."
YOU ARE READING
My Saviour
Romance"ආහ්..ඇයි අදත් මොකක් හරි අවුලක් ගිහින්ද?. " "නෑ. හැබැයි... මිනිහා සෙකියුරිටි රූම් එක ඔලුවෙන් පෙන්නලා ආයෙම ලැප් එකේ මූණ ඔබාගත්තා. ..ස්ටාෆ් පාකින් ලොට් එක ඉස්සරහ ඉන්නවා බයික් එකකට හේත්තු වෙලා.." Ofcourse He is! ©Pinterest (story cover)
Chapter 06
Start from the beginning
