"එක්ස්කියුස් මී සර්..."

කිරණය වොයිස් එක උපරිම පිංසෙණ්ඩු කරල කියද්දි සර් එක්කම පංතියම ඌ දිහා බැලුව. මූ එක්ක පාලම උඩ හිඟා කන්න පටන්ගත්තනම් සතියෙන් ලක්ශපති.

"ගිහින් වාඩි වෙයල්ලා. අල්ලෙවත් පැලවෙන්නැති තොපේ පච ඇහුවොත් පීරියඩ් එකම ඉවරයි..."

කිරණය සර්ට සැලූට් කරල හොඳවයින් පාරක් පිටට වදින්න කලින් පය ඉක්මන් කරාම මායි සිතාරයිත් ගිහින් වාඩි උනා. මිලාන් හරි හොඳ එකා බං. ඇදුරු මඩුල්ලෙ ඉන්න නාකි කැරපොතු ඩයල් වලට මෝටීන් බෝතලයක් වගේ නැගී හිටින එකම ගුරු තරුව. මොනව නැතත් ස්කෝලෙන් අවුට් වෙන දවසට පෙරලි පෙරලි වඳින්න වටින මනුස්සය.

අපි තුන් දෙනා හිටියෙ දකුණු පැත්තෙ ඩෙස් පේලි වල හරි මැද පේලියෙ. ජනේලෙ පැත්තෙ කොනේ මම, මගෙ එහා පැත්තෙ කිරණය, උගෙ එහා පැත්තෙ සිතාර. ලොජික් ගේට්ස් කලින්ම ටියුෂන් එකේ උගන්නල තිබ්බ නිසා මිලාන් සර් උගන්නනව අහන් ඉන්න එක මහ කම්මැලි වැඩක් උනා.

"කොහොම දන්නෙ නෑ වගෙ ඉන්නද? උඹ මගේ ලෝකෙට අඩිය තියල ඉවරයිනෙ නිකිල්..."
යැයි යැයි තමයි සොකඩ සිප්පියා. හෙනයක් ගැහුව වගේ මගෙ මුලු දවසම කාපු ඒ දෙවනි ඉනිම ගනයේ ඩයලොග් එක මතක් වෙන වාරයක් පාසා මට කේන්තියි. දෙකක් කියන්න කට අරින්න යද්දිම මංගල කිංකිණියෙන් කසාදයක් හරි ගියපු නාකි පකෙක් වගේ හිනාවක් දාලා ඌ යන්න ගියා. බෝදිලිමෙක් වෙන්න ගිය එකෙක් අම්මලගෙ කීමට මනුස්සයෙක් උනාම ඔහොම තමයි. උගෙ පාට මාරුකිරිල්ල තේරුම් ගන්න නවය වසරෙදි චිත්‍ර කරපු දැනුම දෙයියනේ කියල ඇති උනොත් ඇති.

"හෙට කරන් එන්න ඕන හෝම් වර්ක්ස් ටික මං වට්සඇප් ගෘප් එකට දැම්ම ළමයි. ඒ ටික අනිවා කරන් එන්න..."

මිලාන් සර්ගෙ කටඬට මගෙ මනෝපාර බිඳෙනවත් එක්කම බෙල් කරාම හැමදාම වගේ පන්තියෙ උන් මාස ගානකින් ගෙවල් දැකල නෑ වගේ බෑග් වලට පොත් ඔබන්න පටන්ගත්ත.

"අඩෝ මට අමතක උනානෙ කියන්න. ඊයෙ රෑ වලියක් ගිහින්ලු."

සිතාරය බෑග් එක මේසෙ උඩට අතෑරල මායි කිරණයයි දිහා බැලුවා.

My Saviour Where stories live. Discover now