🚫🚫
මෙහි එන සිදුවීම්, චරිත ,ස්ථාන ආදි සියලුම තොරතුරු හුදෙක් කතෘගේ නිර්මාණශීලී මනඃකල්පිතයන් පමණක්ම වන බව කරුණාවෙන් සළකන්න. මෙම තොරතුරු ජීවතුන් අතර සිටින කිසිඳු පුද්ගලයෙකු හා සම්බන්ධ නොවේ.
කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් කිසිඳු ස්ථානයක පළ කිරීම සපුරා තහනම්
This is an original work created by me. All names, characters, and locations are entirely fictional.
This work may not be copied, reproduced, or published in any form or on any platform without my prior permission.
Note: This story contains heavy themes, family loss, emotional distress, and a bittersweet stuff.
🚫🚫
_________________________________________
අපි,
ඈත කාලෙක අපි කියන්නෙ දැන් ඉන්න අපි නෙවෙයි...
"ඒක ඇත්ත යශ්...දැන් බලපං, ඔයායි මායි කොච්චර වෙනස් වෙලාද...මට ආයෙ ඒ කාලෙට යන්න ආසයි..."
"මාත්...."
මුහුදු රළ ඈත ඉඳලා පෙරලීගෙන ඇවිත් ගල්පර හෝදගෙන ආපහු යනවා....යශ්වත් මමවත් මුහුදු අව්වට කර වෙලා යන්න ආස වෙච්ච මිනිස්සු නෙවෙ....ඒත් මේ ගිනි අව්වෙ රෙස්ටුරන්ට් එකක කොනකට වෙලා කට්ට අව්වෙ පේන මුහුද දිහා බලං අපි අපිවම හොයනවා...ජීවිතේ ඒ තරම්ම වෙනස් වෙලා....
මුහුද දිහා බලාගෙන කල්පනා කරපු මං යශ් මගේ දිහා බලං ඉන්න වග දැනිච්ච නිසා එයාගෙ මූණ දිහා බැලුවා...මං ඇයි කියලා ඇහුවෙ නෑ....යශ් කාලෙක ඉඳලා මගේ මූණ දිහා ඔය බැල්මෙන් බලං ඉන්නවා....එයා මාව පීර පීර හොයනවා අතීතෙ...එයාට හුරු පුරුදු වෙච්ච මගෙ ඇතුළෙ ජීවත් වුණ කල්‍යාණ ආත්මෙ.....
"ඉස්සර මාව කොට කරන්න ප්ලෑන් ගහපු එකා කෝ කියලා මං හොයන්නෙ සුදු....තමුසෙ මාව දාලා ගියේ කොහෙද....?"
යශ්ගෙ හීනි ඇස් මගෙං ප්‍රශ්න කරා...මං හිතන්නෙ මේ අවුරුදු ගානටම එයා ඔය ප්‍රශ්නෙ දහස් වතාවක් නැත්තං මිලියන වතාවක් අහලා තියනවා....හැබැයි මං තාම එකම වතාවක්වත් උත්තර දුන්නැහැ....
VOUS LISEZ
අපි(Ongoing)
Romanceඑකමත් එක කාලෙක ලඟින්ම පිපුණු මලක්.... ලං වෙන්න වෙන්න දුර ඈත පාවෙච්ච අපූරුව ආයෙ ලං වෙන්න ආසයි ඒත් දුර යාවිද සැකයි... (Once upon a time, A prettiest flower bloomed beside When the breeze came, Pretty petals got so faraway.. Wanna get near to her But...
