ඔන්න ඉතින් මගේ සිව්වසරක පෙම්හීනෙ නෙවෙ බන් කැම්පස් ජීවිතේ අදින් පටන්ගන්නයි යන්නෙ. අපරාදෙ කියන්න බෑ අපේ සීනියර් අයියලා නම් පට්ට හොදයි. උන් අපේ බෑග් ටිකත් උස්සන් හොස්ටල් එකටම ගෙනත් දැන්මා. දැන් ටිකකට කලින් අම්මා නම් ගියා.
හ්ම්.....
එයා මට බැන්නට එයාට මන් නැතුව ඉන්න බෑ එයාට තමා ගොඩාක්ම දුක.
ඒවා එහෙම වෙද්දි මට මෙහෙ අලුත් යාලුවො සෙට් වුනා. හැබැයි මහියලා තරම් නම් එකෙක්වත් සෙට් නෑ. උන් සමහර වෙලාවට කතාකරලා සැපදුක අහනවා. මෙහෙ ඉන්නො මගේ කාමරේ තව තුනක් නුවර, නුවරඑළිය, කෑගල්ලෙයි මේ ඒරියා එකටම දකුනේ ගැම්ම ගන්න ඉන්නෙ මන් විතරයි. මේ වියලි කලාපීය ජීවිතේ වතුර තරම් කොස්සක් තවත් නෑ. එක ගන්න පහල පෑන්ට්‍රි එරියා එකට යන්න ඔන. බැහැපන්කො වතුර ටිකක් බොන්න තට්ටු තුනක්. හයියො කඩවුලේ.
අදුන්නලා දෙන්න බැරිවුනානෙ මෙහෙ ඉන්න මගේ කොල්ලො ටික නුවර එකා නදුන් ඌ නම් කැරිම නුවර උස්නෙන් ඉන්නෙ. ඒ වුනාට හිත හොද එකා. ඊලගට කෑගල්ලෙන් ඉන්නො සෙනිත මන් නම් ඌට දැක්ක වෙලේ ඉදන් කියන්නෙ ශෙනික. නුවරෙළියේ එකා දෙමළ ඌ අභිශේක් හිතන් ඉන්නෙ භච්චන් කියලා. හැබැයි මේමයි ඌ හැන්ඩියා. ශෙනිකයා තමා මේ තනිකඩ සංගමේ ඇස්වහ දුරුකරන්න ඉන්න දෙකඩ එකා. ඒ කිව්වෙ සුදුඅම්මියාගෙ සුදුතාත්තියා. මූ නම් මහියගේ අනිත් එකා. එකනේ මූව දැක්ක ගමන් සෙට් වුනේ.
අපිට හම්බුනා හතරවෙනි තට්ටුවෙන් පුංචි කාමරයක් මේක රජකෙන්ක්ගෙ හොස්ටල් එකක්. වැඩක් නෑ දොරේ යතුර නෑ. ඇදන් හතරයි පාඩම් කරන මේස කෑලි දෙකක් තියනවා පුටු තුනකුයි. එකක් බහිරවයා කාලා. තව එක කබඩ් කෑල්ලක් තීනො. ඇදන් නම් යකඩ. අවුලක් නෑ දැනට නම්. අම්මෙ බැර්කනියක් ඇරලා බලමු වීව් එක.
වීව් එක දැක්කම බෝයිස්කූල් ගිය මගේ මොලේ රත්වුනා. සප්තලනේ එහා පැත්තේ කෙල්ලො නේ. මුන්ගේ කෑලි කෑලි වැල්වල එල්ලෙනො. තවත් සමහරුන් නම් ඉටිකොල ගහලා.
"අඩෝ පට්ට වීව් එක නේ
ඒ නදුනා
ඕ
වරෙන්කො මේ අවිහසා මාර ප්ලේස් එකක් හොයන්
කෝ මොකද්ද
