අහම්බය කියන්නෙම මහ දරුණු සැලසුමක
කොටසක් වෙද්දි ...
තම මවගේ හා පියාගේ
හදිසි වියෝවත්
සමඟ
හිස් ව ගිය හදවතක්
අඳුරු අන්තයකට කඩා වැටී
ඒ අඳුර අතරින්ම
ආලෝකයක් සොයා
නැවත නැඟිටින්නට වෙර දරණ
එක් තරුණයෙක් ...
තම කුළුදුල් ආදරය අතහැරේවි යන
තැතිගැන්මෙන්
ආදරය හා වෛරය අතර
සැලෙන තියුණු කඹයක
දෝලනය වෙමින්
තමන් පිට පැවරී ඇති
වගකීම් සමුදායට විසඳුම් සොයන
තවත් එක් තරුණයෙක්
අහඹුවක් ලෙස පෙනෙන දෛවයේ සඟවා තැබූ මහත් සැලසුමකින්
ආදරය , වෛරය , පසුතැවීම , රහස් , සත්‍ය
සියල්ලට එහා ...
එකම අහසක් යට , එකම හුස්මක ,
එකම කතාවක
පළමු පිටුව පෙරලමින්,
දෛවය විසින් මුණගැස්වූවත්
මොවුන් දෙදෙනාගේ
හදවත් ලියන
ඔවුන්ගේ කතාව කෙසේ නිමා වේවිද ?
මේ ඔවුන්ගේ කතාවයි ...
"BEYOND DESTINY"
'දෛවයෙන් එහා ...'
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
- මේක මගේ පලවෙනි කතාව ... ඇත්තම කිව්වොත් කතාවක් ලියන්න ඕන කියලා කිසිම අදහසක් තිබ්බේ නෑ මට ... හිටපු ගමන් ඔලුවට ආව සීන් එකක් ලියලා මගේ ලඟම දෙන්නෙක්ට නිකන් ආතල් එකට වගේ යැව්වම ඒ දෙන්නා තමා බල කලේ කතාවක් ලියමු කියලා ... වට්පෑඩ් එකේ දාන්න බලාගෙනත් නෙවේ ලිව්වේ ... කොටස් දහයක් පහලවක් ලියාගෙන යද්දි කතාවක් ලියන්න බල කරපු දෙන්නගෙම බලේට තමයි වට්පෑඩ් එකෙත් දාන්න ගත්තේ ... ඉතින් හිතුවෙවත් නැති වෙලාවක , හිතුවෙවත් නැති විදිහට පටන් ගත්තු එකක් තමයි මේ කතාව ... කතාව මොන විදිහට ගලා ගෙන යයිද කියන්න මං දන්නේ නෑ ... මොකද ප්ලොට් එකක් හිතේ තියාගෙන ලියන්න ගත්තු කතාවක් නෙවේ නිසා ... ඔලුවට එන විදිහටයි මම දිගටම ලියන්න ගත්තේ ... මං හිතනවා ඔයාලා කැමති විදිහේ කතාවක් දෙන්න පුලුවන් වෙයි කියලා - ❤️
- පලවෙනි කතාව නිසා ගොඩාක් දුර අදින් නැතුව ඉක්මනින් ඉවර කරන්න තමා හිතා ගෙන ඉන්නේ ... ඒත් ලියා ගෙන යද්දි කොහොම වෙයිද කියන්න දන්නෙ නෑ හැබැයි ... මගේ හිතේ තියෙන්නේ නම් කොටස් විස්සකින් තිහකින් වගේ ඉවර කරන්න ... පලවෙනි කතාව නිසා අඩුපාඩු තියෙයි ... ටිකෙන් ටික ඒවත් හදා ගන්නම් ... කතාව කියවන ගමන් ඔයාලගේ අදහසුත් කියාගෙනම යන්න -🙊
- "BEYOND DESTINY" කතාවේ නමින් කලින් ටික් ටොක් අකවුන්ට් එකක් තිබ්බා ... ඒත් මං ලඟදි ඒක Heizy_mist කියලා මාරු කලා ... වට් පෑඩ් එකේ නමින් ටික් ටොක් අකවුන්ට් එකක් විතරයි තියෙන්නේ ... වෙන කිසිම සෝශල් මීඩියා අකවුන්ට් එකක් නෑ ... කැමති අයට ෆලෝ කරගෙන යන්න - 😊
- ඉතින් කැමති අයට කියවන්න අවසර ... පලවෙනි චැපිය අරන් ඉක්මන්ට එන්නම් - 🤍❄️
YOU ARE READING
BEYOND DESTINY | Ongoing 🤍❄️
Non-Fiction"අයිතියක් නැතුවම මං කෙනෙක්ට අයිතිවාසිකම් කියන්න අරගෙන ඉවරයි ... ඒක එයාට අනුකම්පාවක් විදිහට පේන එක මගෙ වැරැද්දක් නෙවේ ..."
