Chapter 03

61 8 0
                                        

Thev pov :

මම නාලා ආව නිසා කොන්ඩෙ කැරලි වෙලා මගෙ මූණට වැටිලා තිබ්බේ.කොණ්ඩෙන් බේරෙන වතුර බිංදු බිම ටයිල් පොළොවට වැටෙන දිහා බල බල ආව මං දැක්කේ මගේ බෙඩ් එකේ ඉඳන් වනන කකුල් දෙකක්.ඇස් උස්සලා බලපු මම දැක්කේ මං දිහාවට අමුතු බැල්මක් දාන් ඉන්න දැකලවත් නැති කෙනෙක්.සයිකොකාරයෙක්ද?

මගේ රූම් එකට ඇවිත් මගේ බෙඩ් එකේ ඉඳන් ඉන්නවා.මට කේන්ති යනවා දැන්.

"මොනාද මගේ රූම් එකේ කරන්නේ?  කාමරේකට එද්දි නොක් කරලා එන්න දන්නැද්ද ?"

"තෙව් කූල් ඩවුන්.කේන්ති ගන්න එපා. අනික ඔයාගේ කාමරේ ලොක් කරලා තිබ්බේ නෑ.ඒකයි මම ආවේ."

"ළඟට එන්න එපා ."

මං කිව්වේ ඒ කෙනා මට මීටරේක පරතරයක්වත් නොතියා ළං වුණ නිසා.

"රතු වෙලානේ ඔයා.ළඟට ආවේ නෑ ෆෝන් එක ගන්න ආවේ."

එහෙම කියලා මගේ මූණට ඉස්සරහින් ෆෝන් එකත් පෙන්නලා ගියා.මං ආස නෑ මිනිස්සු මට ළං වෙනවාට.ඒක අන්කම්ෆටබල්.බෙල්ල දිගට බේරුණු දාඩිය බිංදු නිසාමට ආයෙම වොෂ් එකක් දාන්න වුණා.ශෝටකට පෝලෝ ටී ෂර්ට් එකක් ඇඳන් පහළට ගියේ අද අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නිසා.

පඩිපෙල දිගේ බැහැගෙන ආපු මම දැක්කේ සෝෆා එකට වෙලා මොනවද බිබී මං දිහා බලන ඉන්න අර කොල්ලාව.මං කිචන් එකට ගියේ අම්මව හම්බෙන්න.මං යද්දි අම්මා බිරියානි එකක් හදන්නද කොහෙද ඕන කරන දේවල් ලෑස්ති කරනවා.

"ආහ් සුදූ අර දරුවා තනියමනේ ගිහින් කතා කරන්න"

"මොන දරුවද අම්මා ?අනික අද ඇයි මේ.ඔයාලා ඉඳලා ඉඳලා ගෙදර ඉන්න දවසෙවත් අපිත් එක්ක ඉන්නකෝ වැඩම කර කර ඉන්නේ"

"සුදූ පොඩි එකෙක් වෙන්නෙපා . අනික අද මගෙයි තාත්තගෙයි යාළුවෝ දෙන්නෙක් dinner එකට එනවා."

"අම්මලාට කොහොමත් පිට අයවනේ
වටින්නේ."

"සු_ දූ"

අම්මගේ බිඳුණු කටහඬ ඇහුණත් මට එතන ඉන්න ඕනි වුන්නෑ හැමදාම ඔහොමයි.මට කේන්තියි,දුකයි.හැමදාම වගේ හිතට සැනසීමක් දෙන පොතක පිටු අතර ත(ව)නිවෙන්න.

පොතේ පිටු අතර ඇඟිලි ගෙනියන ගමන් මං හිතුවෙම

"ආදරේ ඕනිමද මනුස්සයෙක්ට ජීවත් වෙන්න"

______________________________________



Typos තිබ්බොත් සොරි


ආයේ හම්බෙමු


Bye watties ♥️.

Ignore Tahanan ng mga kuwento. Tumuklas ngayon