"මූව පහල කාමරේට දාල ලොක් කරපන්... එළියට එන්න දෙන්න එපා...."
කවුදෝ කියනවා ඇහෙද්දි මාව මොකෙක් හරි උස්සලා කරට දාගත්ත කියලා මට තේරුණා...
_______________________________________________________
අත ඇරපන් ගගා කෑ ගැහුවත් මාව උස්සන් යන එකාගෙ පිටට මං කොච්චර තඩි බෑවත් උට නෙමේ ගානකවත් උනේ...උට ගහපු මටයි යකෝ රිදුනේ...ගල් ගෙඩිද මන්ද මුං...
පාඩුවේ ඉන්න මටත් පෙරලෙන්නෙම අනුන්ගේ බාල්දි වෙද්දි මොකෙක්ගෙ හරි කරක් උඩින් ගිය මට අවසානෙදි පොලවට පය තියන්න පුලුවන් උනා...හරියටම කිව්වොත් ඌ මාව විසි කලා...තව පොඩ්ඩෙන් මගෙ මූණ ෆොටෝ කොපියක් බිත්තියේ වදිනව...
"ගයියා..ඕකෙ දොර ලොක් කරලා ඉක්මනට වරෙන් බොසා අතන තනියම ගේම අදින්නේ..."
එකෙක් සද්දෙට කෑ ගහන ගමන් දුවගෙන යන අඩි සද්දයක් ඇහෙද්දි ඒත් එක්කම දොරක් වැහිලා යන සද්දයක් ආවේ මුන් මාව කාමරේට දාල ගියා කියලා මට පැහැදිලි වෙද්දි...
මාව කාමරේට දාල ලොක් කරන්න කිව්ව හුරු පුරුදු කටහඩ....
ආයෙ ආයෙ මතක් කරන්න ඕනෙ නොවෙද්දි එක වචනෙන් ඒ කටහඩ අඳුන ගන්න පුලුවන් මම හිටියෙ වෙච්ච දෙයක් හිතා ගන්න බැරුව...
එතන මොකෙක් හරි හිටියා...දේවගෙ ජීප් එක පිටිපස්සෙ මොකෙක් හරි හිටියා වගේම ඒ මනුස්සයා කලබලයෙන් ඉදපු විදිහ මතක් වෙද්දි...මාව මේ කාමරේට උස්සන් ආපු එවුන් දෙන්න දේව තනියෙන් කියලා කලබලෙන් දුවපු විදිහ දකිද්දි මට තේරුණේ මොකක් නමුත් නරක දෙයක් වෙන්න යන විත්තිය වෙද්දි මට ඕනෙ වුනෙ කොහොම හරි දේව ළගට යන්න...
හිතේ ඇති මාව කාමරයක් අස්සට දැම්මම නවත්තන්න පුලුවන් වෙයි කියලා...දේවා දන්න පුප තමා ඉතින්...
මං කියන්නෙ අනේ කොල්ලෙක් උනාම තව කොල්ලෙක් අමාරුවෙ වැටිලා ඉන්නැද්දි බලන් ඉන්න හොද නෑ...
අනික ඉතින් අපි අපිනේ අනේ...මං කියපු පොතකත් තිබුණා ලස්සන කොල්ලෙක් දැක්කම අහක බලන් යන එපා කියලා..කොල්ලා කරදරේක නම් කොහොමත් යන්න එපා කියලා...
You know...කොහොමත් මට දේවා සම්බන්ධ දේවල් වලදි අහක බලන් ගිහිල්ලා පුරුද්දක් ඇත්තෙම නෑ අනේ...
YOU ARE READING
කොළොම්පුර🍃(Slow Update )
Non-Fiction"උබ මේ දේවා ලගට ආවේ උබට ඕන වෙලාවට උනාට උබට මෙතනින් යන්න පුලුවන් වෙන්නේ මට ඕන වෙලාවට.." "අනුන්ගෙන් හොරා කාලා ලොකුකම් දාන මහ ලොකු දේවා...මං උබට බය නෑ යකෝ.." . . . . "චහ්...බය වෙන්නත් එපා..මං ආසත් උඹ ඔහොම එකට එක කියවන් එද්දි...දන්නව දෙයක්..මට එතකොට හිත...
