last chapter of Random.

Start from the beginning
                                        

"ඊට පස්සේ......."

"ඊට පස්සෙ මන් ඇතුලට ගියා..........දොර කඩාගෙන...."

"ඔබ කියන්නෙ බොරු.......
මෙතන විච්ච දේ මන් කියන්නද තමුන් ගෙදරට ආපු ගමන් සෙරප්පු දෙක දැක්කා ක්ශනික කෝපයක් අවා....
කෙලින්ම දොර පොල්ලෙන් තරහට නෝනට ගැහුවා.......
මරන්න නොහිතා ගැහුවත් අන්තිමේට එයා මැරුනා නේද.......
පස්සෙ තමුන්ලා ඔක්කොම එකතු වෙලා
එයාගේ බොඩි එක එල්ලලා දැම්මා........
එහෙම නේද....."

"...ම.....මන්....... මට.."

"Objection my honor......
මෙයා බොරු චෝදනා එල්ල කරලා මගේ සේවාදායකයව බය කරනවා.."

"බොරු චෝදනාවක් වෙන්නෙ ඒකට සාක්ශි නැත්තම් නේද.....
මේ තියෙන ඇත්තම Post-mortem examination report එක........
මේ කට්ටිය සල්ලි දීලා හදවපු එක නෙවෙයි මේක ඇත්තම එක.....
මන් ඒක උසාවියට ඉදිරිපත් කරලා තියනවා.....
බලන්න හොදට..... ඔය වාර්තාවේ මරනය සිද්ද වෙලා තියන වෙලාව විදිහට සලකන්නෙ හයත් හතත් අතර කාලය........ඒ කියන්නෙ මොහු නිවසට පැමිනි වෙලාව.
ඒත් මොහු කිව්වෙ මේ මනුස්සයා බෙල්ලෙ වැල දාගත්තේ නවයට විතර කියලා......
එතනත් පරස් පරයි ස්වාමීනී........

තවද මරනය සිද්ද වෙලා තියෙන්නෙ
හිසට වැදුන දරුනු පාරක් නිසා.......
නැතුව බෙල්ලෙ වැල දමා ගැනීමක් නිසා නෙවෙයි.......
එවිට ස්වාමීනී අපට හොදින්ම පෙනී යනවා ඒක හුදෙක්ම සියදිවි නසා ගැනීමක් නෙවෙයි මිනී මැරුමක් කියලා.
එපමනයි ස්වාමීනී....."

"අනෙක් පාර්ශ්වයට අදහස් දැක්වීමට තිබේද....."

"නැත ස්වාමීනී...."

මන් එහෙම්මම ඇවිත් මගේ පුටුවේ ඉදගත්තා.........
දැන් ඉතින් තියෙන්නෙ තීන්දුව දෙනකන් ඉන්න තමයි..... මන් හිතනවා මන් මගේ උපරිමේ කරා කියලා......
දැන් ඉතින් දෙන තීන්දුවක් සතුටින් බාර ගන්න තමයි තියෙන්නෙ.......

"ටොක්......ටොක්......ටොක්.
උසාවිය නිශ්ශබ්ද වෙනු.......
උසාවියට ඉදිරිපත් කරන ලද සියලු සාක්ශි හා සාදක සැලකිල්ලට ගෙන,

බොරු පැමිනිල්ලක් ඉදිරිපත් කිරීම....
බොරු සාක්ශි සකසා උසාවිය නොමග යැවීම ,
මානූශීය ගාතනය යන ශීර්ශ යටතේ පැමිනිලිකරුට ජීවිතාන්තය දක්වා වැඩ සහිතව සිරගත කිරීමට නියම කරනවා..........

RANDOM [ Complete ]~Where stories live. Discover now