"ඕහ් අලුත් කෙනෙක් වගේ නේද....."
"ඔව්...... "
"මගේ ගැන අහලා නැද්ද මීට කලින්.
ඕහ් අහලා තිබ්බා නම් මේ නඩුව බාර ගන්නෙ නෑනි නේද............"
"මට නඩුවක් බාර දුන්නම මන් නඩුව ගැන මිසක් වෙන වෙන දේවල් හොය හොය ඉන්නෙ නෑ........."
"ඔහ්...... කට වැඩී..... තමුන් සීනියර් ලෝයර් කෙනෙක්ට කතා කරන්න දන්නෙ නැද්ද......"
"දන්නවා...... ඒකනේ මන් මේ ඔයත් එක්ක මෙහෙම කතා කරන්නෙ..."
"බලාගනින් මන් අද උබට කරන දේ
පැයයි..... හරියටම පැයයි මන් මේ නඩුව අදින්නෙ.........
අද තමුසෙගේ පලවෙනි නඩුව වෙන්න ඇතිනේ.............. එහෙනම් මේක අවසාන නඩුවත් වෙයි......"
"ම...."
"උසාවිය නිශ්ශබ්ද වෙනු............."
ඒත් එක්කම ජජ් උසාවියට ආව ගමන් අපි ඔක්කොම නැගිටලා එයාට ආචාර කරලා ආය ඉදගත්තා..............
මේකා මට වඩා සීනියර් උනා කියලද දන්නෙ නෑ මට සීන් එක දාන්න ආවේ.
පුහ්....... නාකියා.......
ඌප්ස්....... මිනිස්සුන්ට ගරු කරන්න ඕනි ලමයි.......
ඒ උනාට කෙනෙක්ව පාගගෙන උඩට එන්න හදන අයට ගරු කිරීම කරන්නම ඕනිද.......
මන් දන්නෙ නෑ........
"හරි පැමිනිලිකාර පාර්ශවය කරුනු ඉදිරිපත් කරන්න...."
"එසේමයි ස්වාමීනී...........
.
.
.
.
.
.
.
.
.
.
.
"එපමනයිද......"
"එපමනයි ස්වාමීනී..............."
"අනෙක් පාර්ශ්වය ප්‍රශ්න කිරීමක් කරනවද......"
"එසේමයි ස්වාමීනී......"
"සියල්ල ඔප්පු වෙලා තියෙද්දි නැවත ප්‍රශ්න කිරීමක් අවශ්‍යද ස්වාමීනී..."
"මා හට ප්‍රශ්න කිරීමක් අවශ්‍යයි ස්වාමීනී...."
"ඔව් ප්‍රශ්න කිරීමට අවසර ලැබෙනවා."
මන් එහෙම්මම පුටුවෙන් නැගිටලා සාක්ශි කූඩුව ගාවට ගියා........
මොනා උනත් මෙතන හරිම සරල දෙයක් මුන් එකතු වෙලා හැම පැත්තෙන්ම ගැට ගහලා තියෙන්නෙ......
කරන්න තියෙන්නෙ එක කොනක් අල්ලගෙන ලිහලා දාන එක විතරයි.........
"නම............"
"සු.....සුනිල්........"
මිනිහා බය වෙලා ඉන්නෙ.....
මොකද ඉස්සල්ලා අනිත් කෙනා අහපු ප්‍රශ්න වලටත් උත්තර දෙද්දි මට තේරුනා ඒවා කලින් පාඩම් කරන් ආපු උත්තර කියලා...............
YOU ARE READING
RANDOM [ Complete ]~
Non-FictionTwo wasps are not too many for this white rose....................... සුදු රෝස මල.🤍🤍🤍
last chapter of Random.
Start from the beginning
![RANDOM [ Complete ]~](https://img.wattpad.com/cover/385846920-64-k203978.jpg)