Part 01

138 14 44
                                        


2024 අවුරුද්දේ සීතල දෙසැම්බර් මාසයේ එක්තරා දවසක.........

එදා මගේ හිතට කිසිම නිදහසක් දැනුනේ නැති හින්දා හිත ටිකක් නිදහස් කරගන්න කියලා මම චර්ච් ඒකට ගියා. ගිහින් මන් මෙහෙම ජේසුගෙන් ඇහුවා,

"ජේසුනි ඔබ මට හොද පවුලක් දුන්නා ඒකට මන් හැමදාමත් ස්තූති වන්ත වෙනවා.
ඒත් දැන් කවද්ද මට ම කියලා අවංක ආදරයක් හම්බවෙන්නේ කියන්න ,

මන් විතරක් ම තනියම ආදරය කරන්න විතරද සුදුසු,
මට වෙන කෙනෙක්ගෙන් ආදරයක් ලබන්න තරම් වාසනාවන්ත නැද්ද කියන්න...

මන් බලන් ඉන්නවා අනිවාර්යයෙන්ම මට මගේ ම කෙනා නත්තලට කලින් අනිවාර්යයෙන්ම හම්බවෙනවා ඔබවහන්සේ මට එයා මුණ ගැහුනොත් මග නොහැරෙන්න චුටිම චුටි ඉගියක් දෙන්න පුලුවන් නේද."

මම කොහොම හරි පල්ලියට ගිහින් එහෙම්ම ම බිච් එකට ගියේ ටික වෙලාවක් මුහුද දිහා බලන් ඉන්න උනත් හවස තියෙන පාටියකට යන්න ඕන නිසා මන් ඉක්මනින් ගෙදර ගියා.

ගිහින් ඉක්මනින් ලැස්ති වෙලා ගෙදර කට්ටියත් එක්ක බර්ත් ඩේ පාර්ටි ඒකට ගියා. ගිහින් අම්මලා තාත්තාලා එයාලාගේ හොදම යාලුවො එක්ක එකතු වෙලා කතාබහ කරගෙන ඉද්දී මට නම් හරිම කම්මැලි කමේ බෑ මොකද මම කැමැති නෑ මෙහෙම මගේ වයසේ කවුරුත් නෑ මල්ලිත් එයාගේ යාලුවො එක්ක කතා කර කර හිටියා.

මම විතරක් ගොලු මුහුද සිපගෙන ඉන්න කැස්බෑවෙක් වගේ ඉන්නකොට මම ටිකක් එළියට ගියේ කම්මැලි නිසා.

කොහේද ඒක පාරටම කොහෙන්ද ආපු උස සුදු බොයි කෙනෙක් මගේ ඇගේ ඇවිත් හැප්පුනා. හැප්පුනා කියන්නේ මන් ෆොන් එක ඔබන සිහියෙන් ගිය නිසා උනේ කොහොම උනත් ඉතින් මන් වැරැද්ද මගේ නෙමෙයි ගානට ශෙප් එකේ යන්න තමයි හැදුවේ සොරි කියලා. ඒත් කොහේද,

"හේයි ගර්ල් ඔයා කොහේද ඔය යන්නේ හෙමිට ලිස්සසලා"

ඇයි අනේ මොකො මන් ලිස්සලා යන්න ඔයිල් ඈ හ්හ්

"ඇයි මොකද?"

මම ඒ කොල්ලට ඔරවන් බනින්න ලෑස්ති වෙනකොටම දැක්කේ මගෙන් උන මිස්ටෙක් ඒක. ඒ නිසා මන් ඔරවන එක පැත්තකින් තියලා.මුකුත් නොදන්න ගානට හැරුණා ඒ කොල්ලගේ පැත්තට.

"ඇයි ඇයි කියලද අහන්නේ පෙන්නේ නැද්ද මගේ කෝට් එකට ඔයාගේ අතින් වයින් හැලුනා"

ඇත්ත නෙන්නන් මෙයාගේ සම්පුර්ණයෙන් ඇදුම ඉවරයි ඒත් ඉතින් මන් කිව්වද මෙයාට සුදු පාටින් හංසයෙක් වගේම ඇදන් එන්න කියලා හ්හ් . ආ අමතක උනානේ මම නම් ඇදන් ආවේ කලු පාට අත් හිනි දිග දනිස්ස ගාවට එක පැත්තකින් පලපු ලස්සන ගවුමක් . ආ හරි දැන් එකෙන් වැඩක් නෑ මෙකා මාව මරන් කන්න ඔන්න මෙන්න ඉද්දී මන්  මගේ හිරතල් හිනාව දාලා හිනා වෙලා ,

"සොරි අනේ මන් ඇත්තටම දැක්කේ නෑ ම්ම්ම් මන් ඕක වොශ් කරල දෙන්න්න්න්"

"ආ ඒකට කමක් නෑ මන් හිතුවේ හිතල ම හැප්පුනා කියලා"

හිතලම හැප්පෙන්න මට පිස්සු ඈ හ්හ්. මන් කොහොම හරි යන්න හැරෙනකොට ම ආයේත්

"ඔයාගේ නමවත් මට කිව්වේ නෑ නේ. මගේ නම ටැන් ලියොz, එතකොට ඔයා"

"මම බ්‍රැන්ඩා nice to meet you"

"nice to meet you too"

හ්හ් නයිස් තමා උන මිස්ටෙක එක වහාගන්න ඕනි නිසා මන් අතට අත දීලා යන්න හැරෙනකොටම

"ඒයි රෙඩ් වයින්"

මොකක්ද හරිම අගේයි මට අඩුවට තිබ්බේ ඒක තමා දැන් එකත් හරි වගේ ඒත් මන් හැරෙන්නේම නැතුව ඇතුලට ගියා . ඊට පස්සේ පාර්ටි එක ඉවර වෙනකොට 1.30ත් පහුවෙලා කොහොම හරි ගෙදර එනකොට 2.30 යි . ඒ  ඇවිත් වොෂ් දාලා ඇදට එද්දී පාන්දර 3ට විතර ඇති . ඒත් එක්කම මට unknown නම්බර් ඒකකින් ,

"Hey red wine🍷 , Api ehenm ayeth hambenawa neda"








𝗥𝗲𝗱 𝗪𝗶𝗻𝗲🍷Stories to obsess over. Discover now