We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

හැඳින්වීම

900 54 29
                                        

මෙහි එන සියලුම චරිතයන් සහ සිදුවීම් සියල්ලම මනඃකල්පිත වන අතර මෙම චරිත තුළින් සැබෑ ලෝකයේ කිසිවෙකු නිරූපණය නොකෙරේ.....
.
.
.
.
.
.
.
#ආකාශා වේධ් ශ්‍රී අබේවික්‍රම (වේධ්) - Cricketer

ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන නායිකාව වන අතර දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩිකාවකි.නමෙහි 'ආකාශා' කොටස උප්පැන්න සහතිකයට පමණක් සීමා වී ඇත.Tomboy කෙනෙකි.වයස අවුරුදු 26 කි.පිටතින් දැඩි චරිතයක් ලෙස පෙනුනද ඇතුලතින් ඉතා සංවේදී පුද්ගලයෙකි.දඟ,මුරණ්ඩු අයෙකි.හැකි සෑම විටම තනිව සිටීමට කැමති අතර ජනාකීර්ණ ස්ථාන වලට එතරම් කැමැත්තක් නොමැත.ඉතා හොඳින් ගීත ගායනා කළ හැකි අතර විනෝදාංශයක් වශයෙන් ගීත ගායනා කිරීම සහ ඇසීම සිදු කරයි.පව්ලේ එකම ළමයා වන අතර රිය අනතුරකින් මව සහ පියා අහිමි වීම නිසා කුඩා කළ ළමා නිවාසයක හැදී වැඩී ඇත.අර්ධවශයෙන් රැලි කෙටි කොණ්ඩය,කෝපි පාට ඇස්,ඝන ඇහිබැම,දිගු සිහින් නාසය,හාට් ශේප් තොල්, සුදු තලෙලු මිශ්‍ර සම සහ හැඩි දැඩි ශරීරය නිසා ඉතා කඩවසම්ය.

#මන්දාරා සිතුල්වි කාරියවසම් - Singer

වුර්තියෙන් රටේ ජනප්‍රිය තරුණ ගායිකාවකි.තරුණයන්ගේ ආකර්ෂණය දැඩි ලෙස පවතී.අහිංසක හුරුබුහුටි තරුණියකි.වයස අවුරුදු 24කි.සෞන්දර්යය විශ්ව විද්‍යලයේ උසස් අධ්‍යාපන කටයුතු හදාරා ඇත.ගෙදර එකම ගැහැණු දරුවා වන අතර බාලයාය.වැඩිමහල් සහෝදරයෙක් සිටී.සංගීතය මුලු ජීවිතයම කරගෙන ජීවත් වේ.පාඩුවේ සිටීමට කැමති අයෙකි.ඉණෙන් පහල දිගු වරලස,බටර් පාට සම,තද කලු සිහින් දිගටි ඇස්,සිහින් නාසය,හාර්ට් ශේප් තොල් සහ කෙට්ටුත් නැති මහතත් නැති හැඩ ශරීරය නිසා ඉතා ලස්සන හුරුබුහුටි තරුණියකි.

#ජනත් අභිශේක් ජයවර්ධන - Actor

රටේ නැගී එන තරුණ නළුවෙකි.එමෙන්ම නිරූපණ ශිල්පියෙකි.මන්දාරාගේ වර්තමාන පෙම්වතා වේ.තරමක් ආඩම්බර ගතිපැවතුම් ඇති සෙල්ලාකාර දඩබ්බර තරුණයෙකි.වයස අවුරුදු 27 කි.තරුණියන්ගේ ආකර්ෂණය නොවඩුව ලැබෙයි.

Plot'99'Stories to obsess over. Discover now