14th April, 2035
"මං ගෙදර ආවෝ!!"
අහසෙ ගෑවෙන නොගෑවෙන තරමටම විහිදුණු ගොඩනැගිළි ගණනාවකින්ම සමන්විත වුණු, කාර්‍යබහුල නිව්යෝක් නගරයේ පිහිටි තවත් එක් මන්දිරයක් වැනි විශාල නිවාසය පුරාම ලිලියානාගේ කටහඩ දෝංකාරව ගිහින් නැතිවුණේ තමන් විව්ෘත කරපු දොර ඉබේම වැහෙන හඩ ඇරුණු කොට වෙනත් කිසිම ප්‍රතිචාරාත්මක හඩක් ඇහුනේ නැති වෙනකොටයි..
කිසිම කටහඩක් ඇහුණේ නැති වෙනකොට අදත් තමන්ගෙ පවුලෙ අය වෙනදා වගේම කාර්යබහුලව ඇති බවට ලිලියානා තනිවම නිගමනය කළා..
ලිලියානා පැළදගෙන හිටපු සපත්තු ගලවලා පැත්තකින් තියන අතරෙම එතනට කලබලෙන් වගේ ආවේ ලිලියානා ගැන හොයලා බලන්න පත්කරලා තිබුණු සේවිකාව.. ඇත්ත වශයෙන්ම ගත්තොත් ඇය මෙහි සේවක මඩුල්ලෙන් එක් සේවිකාවක් විතරයි.. තට්ටු හතරකින් සමන්විත, විශාල ගෙවත්තක් තිබුණු මේ සුඛෝපභෝගී නිවස බලාගන්න සේවක මඩුල්ලක්ම පත්කරලා තිබුණා..
"සමාවෙන්න බේබි, මට ඇහුණෙත් නෑ"
"ඒකට මොකද රෝසි.. අදත් ඔයා මට බේබි කිව්වා!!. කීපාරක් නම් කියන්නද ඕක කියන්න එපා කියලා? මට දැන් විසිපහක් රෝසි! අනික ඔයාට තිහයිනෙ.."
ලිලියානාට එයාගෙ කෝට් එක ගලවන්න උදව් කරන ගමන්ම රෝසි හිනාවුණේ ලිලියානාගෙ පැමිණිලි ගොඩ නිසයි.. සේවිකාව වුණත් ලිලියානටනම් රෝසිව යාළුවෙක් වගේ.. රෝසි ලිලියානාට වඩා වැඩිමල් වුණෙත් අවුරුදු කිහිපයකින් විතරයි..
"රෝසි.. මමායි ඩැඩායි කෝ?"
"මැඩම්ටයි, සර්ටයි හදිසියේම බිස්නස් වැඩකට කැනඩා යන්න වුණා කියලා බේබිට කියන්න කිව්වා.."
"ම්ම්.. එයාලා කොච්චර කල් එහෙ ඉදීද?"
"හරියටම කියන්න බැහැලු.. දැනට නම් කිව්වේ මාසයක් වගේ කියලා.."
රෝසිගෙ උත්තරේට නිහඩ පිළිතුරක් දීපු ලිලියානා බිම බලාගෙනම සාලෙ දෙසට ආවා..
"මං චොක්ලට් මිල්ක්ශේක් එකක් හදන්නද?"
ලිලියානා ගෙදර ආපු වෙලාවේ එයාගෙ මුහුණේ තිබුණු හිනාව නැතිවුණු හැටි දැකපු රෝසිට තේරුණා ලිලියානාට ආයෙමත් දුක හිතුනු බව.. ඉතින් ලිලියානාගෙ කැමතිම පානය මේ වෙලාවෙ එයාට උදව් කරයි කියලා රෝසිට හිතුණා..
YOU ARE READING
TITANIC [TAEKOOK]
Fanfiction1912 වර්ෂයේ අත්ලාන්තික් සාගරයේ සැගව ගිය තවත් ආදරයක්! Start - 11/07/2024
![TITANIC [TAEKOOK]](https://img.wattpad.com/cover/372815596-64-k71202.jpg)