වොශ්රූම් එකේ සින්ක් එක යට කබඩ් එකේ තිබ්බ අලුත් ටවල් එකකුත් අැඳගෙන මම එලියට අාවෙ පල්ලෙහාට ගිහින් අැඳුම් බෑග් ටික අරන් එන්න කියලා හිතාගෙන..ඒත් මේ වෙද්දි ගේ අැතුලෙ හුම් සද්දයක්වත් නෑ..ලයිට්ස් ඔක්කොම ඕෆ් කරලා තිබ්බෙ..ගැම්ම අරන් කාමරේ දොර අැරියත් තනියම පහලට යන්න පොඩි බයක් මගේ හිතට අාවා..දැන් ඉතින් මගේ අන්තිම තුරුම්පුව හේශ්..මං කෙලින්ම බැලුවේ හේශ් දිහා..ඒත් එයා මේ වෙනකොටත් අැඳට වැටිලා ගොරව ගොරව හොඳට නිදි..මහන්සිත් අැති..අැහැරවන්නත් බෑ..එක්කො ටවල් එක අැඳන් නිදාගන්නද?ටවල් එක අැඟට තියලා මහන්න වෙයි ඉතින් එහෙමනම්..නැත්තන් උදේට හේශ්ට නූල් තමයි බඳින්න වෙන්නෙ..අායිශ් මං දැන් මොකද කරන්නෙ..
මගේ නියපොතු ටික වික වික මං කල්පනා කරේ පහලට යනවද නැද්ද කියලා..හුරුපුරුදු තැනකුත් නෙමෙයිනෙ.. සයද්ට කතාකරනවද? ඒ මිනිහනෙ මේ විසාල මන්දිරේ ලයිට් දාන ස්විච් තියන තැනවත් දන්නෙ..ඒත් මේ වෙලාවෙ? ෂිට්..ඔන්න ඔහේ තනියම යනවා..පුරුෂ ශක්තිය අරන් මං හෙමින් හෙමින් කාමරෙන් එලියට අාවා..ෆෝන් එකේ ටෝච් එක ගහගෙන බිත්තිය දිගේ අල්ලගෙන පරිස්සමට පඩිපෙල බැහැලා එද්දිම උනේ කැරිම වැඩක්..බැටරි ඩෙඩ් වෙලා ෆෝන් එක ඕෆ් උනා..මුලු ගේ පුරාම කලුවරයි..එක පොඩි එලියක්වත් පේන්න නෑ..මම හිටියෙ පඩිපෙලේ අන්තිම පඩියෙ..දැන් අායෙ උඩට දුවන්නත් බෑ..කොච්චර උනත් පිට තැනක් නිසා අමුතු බයක් හිතට දැනෙනවා..හිතින් ඉතිපිසෝ ගාතාව කිය කිය මම බිත්ති අල්ල අල්ල ගියේ ලයිට් ස්විච් එකක් හම්බෙනකන්..මේ හුරුපුරුදු නැති මහ විසාල මාලිගාවෙ මං කොහොම කියලා මට ඕන දේවල් තනියම හොයාගන්නද..හිමින් හිමින් අහුවෙන දෙයක් අල්ලගෙන අැවිදන් ගිහින් මම නැවතුනේ විසාල සෙටි එකක් ලඟ..ඒ කියන්නෙ දැන් මං ඉන්නෙ සාලෙ අපි වාඩි වෙලා හිටපු තැන වෙන්න ඕන..මම දැන් යන්න ඕන වමටද දකුණටද? අැත්තම කියනවනම් මට ඒකත් මතක නෑ..මේ කලුවරේ කොහොමද දෙයියනේ වම දකුණක් හොයන්නෙ..මම සෙටිය දිගේ අල්ල අල්ල යද්දි මොකක්හරි බිම තිබ්බ දෙයක කකුල පැටලිලා මාව සෙටි එක උඩට අැදගෙන වැටුනා..
"හු...කනවා දාලා"
මේ වෙලාවට කුනුහප්පත් පයිනවා කටින්..වෙලාවට සෙටිය උඩට වැටුනේ..නැත්තන් ස්පෝර්ට්ස්මීට් එකට ඉඳපන්කො අතක් කකුලක් එල්ලගෙන..මටනම් දැන් මේ වැටිච්ච තැන නිදාගන්නමයි හිතෙන්නෙ..මම එහෙම්ම ලාවට සෙටියට ඔලුව තියාගත්තා..
KAMU SEDANG MEMBACA
මන්දාරම් නුවර | MANDARAM NUWARA
Nonfiksiඅාදරේ කියන හැඟීම මොකද්ද කියලා මං දැනගත්තෙ ඔයා නිසා..කාත් කවුරුවත් නැති මාව ජීවත් කරවන්න එකම හේතුව උනේ ඔයා..මම හිතින් වැටෙන අනන්තවාරයක් ගානෙ අතාරින්නැතුව තදින් අල්ලගෙන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියලා දැනුණු හැඟීමට මං අාදරේ කියලා නම තිබ්බා..ඒත් ම...
