🌸 අවසන් දිගහැරුම 🌸

667 95 83
                                    

🌸 ස කු රා 🌸

..

..

..

..

..

මහන්සි නොබලා අපි මේ ගමන්ම සුගාලගෙ ගෙදරත් ගිහින් යන්කෝ සුද්දි.. ඌ දැන් දවස් ගානක ඉදන්නෙ කියවන්නෙ ඒ පැත්තෙ වරෙල්ලකො ගගා...

ඒ පාර තව අවලමන්දමක යන්නද ලෑස්ති වෙන්නෙ.. අප්පච්චී මේ.. මුන්ට යන්න කියලා අපි දෙන්නා ඉමු අප්පා.. මේක යකෝ වටේ යනවා කියලා මෙහෙමත් යන්න පුලුවන්ද ඈ...

ම්.. යන්න නම් ඕනේ තමයි... ඒත් සිතූ දැනටමත් නිදි කිරණවනෙ..

ඉතින් යකෝ කාලා කාලාම මට හුම්ම ගන්න බෑනෙ.. එතකොට නිදි මත එන්නෙ නැතුව තියෙයිද.. පිස්සුද මන්දා..

කඩේම තිබ්බ කෑම ටික මට ගිල්ලෝලා ගිල්ලෝලා දැන් මන් ඉස්මුරුත්තාවට ඇවිල්ලා හතර ගාතේ දාලා වැටිලා ඉද්දි තමයි මෙයාලට ගමන් බිමන් යන්න මතක් වෙලා තියෙන්නෙ...

නෙතුකයා...

ඕ...

පොඩි එකා එක්ක ගෙදර පලයන්.. අපි ගාවත් යතුරක් තියෙනවනෙ.. අපි එන්නම්...

අන්න හොද වැඩේ.. මට නම් කිසීම ඕන කමක් නෑ මේ උන්දැලා එක්ක ඇවිදින්න යන්න.. ගෙවල් ගානෙ යන්න.. ඊටවඩා කොච්චර හොදද ගෙදර ගිහින් නිදියන එක...

ඒ තමුසෙට පඩි නැග ගන්න බැරි උනොත්...

ඒකත් ඉතින් ඇත්ත තමයි.. තියෙන බක පණ්ඩිත කමට දොරවල් ඇරන් එන්නම් කිව්වට ඇයි මෙයා පහළ ඉදන් උඩට එන්නෙ ලිෆ්ට් එකේද දන්නෑ..

අඩි දෙකක් යා ගන්න බෑ කොරවක්කා වගේ යන්නේ.. ඒ උනාට කියන්නෙ නම් විනාඩියට අඩි හැටක් දුවනවා වගේ.. අනේ පලයන් මාමේ යන්න...

කෝල් කරන්නම් එහෙම උනොත් අපි.. ඔය සුගාලගෙ ගෙදර ගියා කියන්නෙ ඉතින් ලේසියෙන් එන්න වෙන්නෑ පුතා....

මාමා කාරයා හරි උද්‍යෝගයෙන්නෙ කතා කරන්නෙ.. කවුද දන්නෑ ඔය කියන සුගා.. ඌ පොරක්ද දන්නෑ නෙහ්.. කවුරු කෝම උනත් ඌ මගේ අප්පච්චී තරම් නම් පොරක් නෙවෙයි මට...

එකාතකින් මෙවුන්ව පන්නලා දාන එක හොදයි.. එතකොට මටයි අප්පච්චීටයි පුලුවන්නෙ රජා අපියි අපේ රාජ්ජේ කියලා ආතල් එකේ ඒ ගෙදර ඉන්න...

༺ සකුරා ༻                                                    ✓ 𝐳 H 𝒶 𝐍 ʸ 丨 ✓ Wo Geschichten leben. Entdecke jetzt