හැත්තෑ අටවෙනි පරිච්ඡේදය

904 97 74
                                    


"දෙනූට කියනවද මේ මැරේජ් සීන් එක ම්ම්..?"

අයියා මගෙන් ඇහුවෙ උදේ තේ බොන ගමන්. අම්මයි තාත්තයි වැඩට ගිහින්.. අයියයි මායි මේරියි විතරයි හිටියෙ. අයියා ඔෆිස් ගියෙ නෑ. මං දන්නවා ඒකට හේතුව මං ඊයෙ නටපු නාඩගම කියලා. මං කරපු දේවල්වල බරපතලකම දැන් මට තේරෙන නිසාම මං අයියට ඔෆිස් යන්න බලකළෙත් නෑ. කොච්චර උනත් උගෙ හිතේ බයක් ඇති.

"කියන්න වෙනවා. ඉස්සර වගේ එයාට දරාගන්න බැරි වෙයි කියලා දේවල් හංගන එකේ තේරුමක් නෑ. එයා කොහොමහරි දරාගනී."

"මං රෑ එළිවෙනකන් කල්පනා කළා මොකද කරන්නෙ කියලා. ඒත් මොකුත් හිතාගන්න බැරිවුනා."

"ම්ම්ම්.. මට තේරෙනව කොහොමත් මටයි දෙනූටයි ටික කාලෙකට හරි ඈත්වෙන්න වෙනවා." මං එහෙම කියද්දි අයියා ගැස්සිලා මං දිහා බැලුවා.

"උබට දැන්වත් තේරුනාද?"

"ම්ම්.. මට තේරිලා තිබ්බෙ. මං ඒක පිළිගන්න කැමති උනේ නෑ. අදටත්.. මට නිකං පිස්සු හැදෙන්න වගේ ඒක හිතෙද්දිත්.."

"මං සනී එක්ක කතාකරලා බලන්නම්. බලමු කොහොමහරි මේකෙන් ගැලවෙන්න ක්‍රමයක්."

"එහෙම කරමු. උබ කතාකරලා මටත් කියපන්. මාත් ඊටපස්සෙ කතාකරන්නම්."

"හැබැයි සනී උබට මාර interest. මං කිව්වෙ ඒකි උබට උදව්කරයි කියලා මට නිකං හිතෙනවා. ඇයි දන්නෙ නෑ එච්චර උබව අල්ලලා ගියේ."

"ඒකට හේතුවක් තියනවා.. අපි දෙන්නටම වටින පුද්ගලයෙක් ඉන්නවා හොයාගන්න. අන්න ඒ නිසා."

"ඒ කවුද?"

"ඒවා මං හරි කාලෙ ආවහම කියන්නම්. දැන් උබ මගෙ වැඩේ කල්පනා කරපංකෝ."

"ම්ම්ම්.. ඕකේ."

ටිකක් දවල් වෙන්න ඇරලා අයියා ඔෆිස් ගියහම මං ආයෙත් ගෙදර තනිවුනා. ඒත් මට අර ඊයෙ වගේ පිස්සුවක් නටන්න ඕනි උනේ නෑ. ඇත්තටම මට සතුටුයි අයියා ආයෙ ඒක මතක් නොකරපු එක ගැන. මට ඕනි නෑ මගෙ ජීවිතේ එහෙම රැයක් තිබ්බා කියලා මතක් කරන්න. ඒක ඒ තරම් අඳුරුයි. අමිහිරියි. කිසිම කෙනෙක් තව කෙනෙක්ගෙ අමිහිරි මතක හාරවුස්සන්න හොඳනෑ. ඒ අතින් අපේ අයියා මාරයි.

හඹායමි ඔබව (SINHALA BL)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ