🍀06🌪️

131 23 25
                                    

පොල් ගාලා දිලා එයා ගියාට පස්සේ එයා ආයෙ ආවේ නෑ ...මම පුදුමයි එයා ගැන..එත් අයි දෙයියනේ එයා මෙහෙම හැසිරෙන්නේ , මුලින්ම මම හිතුවේ කටු ගෑවෙන කසාදයක් නිසා එයාගේ වැරැද්ද හදා ගන්න හදනවා කියලා..ඒත් දැන් ....

එයා නංගි ගැන හිතන්නෙත් නැතිනම්...ඔයා මේ කරන දෙවල් බර වැඩි නැද්ද මහත්තයා , දවසක මේ දෙවල්වල අවසානේ කොහොම වෙයිද කියලා හිතා ගන්න බෑ ....එත් ඒ වෙනකන් මම ඔයා එක්ක ඉන්නම්.... දාහක් දෙවල් හිතන ගමන් මම උයලා ඉවර කරා...

" මහත්තයා කෑම බෙදන්නද... නැත්තම් තේ එකක් "

" දැන් කන්න බෑ යුග්, තේ එකක් බොමු.. කෑම එක කෙසෙල් කොළේක ඔතලා දෙන්න... පුලුවන් ද "

" හා... එත් ඉතින් හොද මාලුවක්....."

එයා එක පාරට කට කොනින් හිනා වෙලා මන් දිහා බැලුවා....

" දන්නවද යුග්... තමන්ගේ පවුල අතින් හදලා දෙන සම්බෝලෙත් රසයිලු.. ඉතින් ඕක ඔතලා දෙන්න, අනික යුග්ට හොදට රහට උයන්න පුලුවන් ,ඔය හදලා තියෙන්නේ මම කන්න ආසම දේවල්... හ්ම්...."

' එහෙනම් හා....ඉතින්...."

පොඩ්ඩක් ඉන්න , මොකක්ද ඒ මම කිව්වේ ,මම බැලුවේ මහත්තයා දිහා...එයා අහක බලාගෙන හිනා වෙනවා...මම ඉක්මනට එයාගේ කෑම එක බැදලා, නංගිලා දෙන්නගේ කෑම පෙට්ටි දෙකටත් කෑම බෙද්දා...අම්මා තවම නෑ..මහත්තයා මාව කඩේ ගාවින් දාගෙන යන්නම් කිව්වා , මත් ඉතින් හා කියලා කිව්වා....

" මතකනේ මම කියපු දෙවල්, පඩිය නිකරුණේ වියදම් කරන්න එපා,ඔයාගේ දෙවල්.බලාගන්න මම ඉන්නවා..."

"ඒ...."

" ඔය කට අරින්නේ ඒත් කියන්න නම් මට කියලා කට තලා ගන්න එපා... ආ..හවස එනකොට නිවාඩුවක් අරන් එනවා හරිද..."

" හා මහමහත්තයා "

" හ්ම්..ආ...මම අද වරුවෙන් ගෙදර , හවස මා තමුසේ ගන්න එන්නම්...මම එනකන් පන්ඩිතකමට පයින් ආවොත් කඩනවා මම තමුසේගේ අඩු ."

එයා මාව කඩේ ගාවට එක්කන් යන ගමන් දාහක් දෙවල් මට කිව්වා... එයා එක්ක ලේසි වෙන පාටක් නෑ....

" බහින්න..."

" මහත්තයා පරිස්සමෙන් ,බුදු සරණයි "

Spring Of Life (yizhan )Where stories live. Discover now