වෙනදා වගේම ඉර ලස්සනට පායලා තිබ්බත් මම නැගිටිද්දි නම් මාව ප්‍රශ්න ගොඩක පැටලිලා තිබුණේ.
ඔව්. මම එයාට ආදරේ කරනවා. ඒක තමා තිත්ත වුනත් ඇත්ත. මොනව කරන්නද අදත් වෙනදා වගේම ස්කූල් යනවා......🏫📔................................
ඔන්න අදත් උදේම මගේ මල පිපිලා තිබුනා. පොතක් බල බල තමා හිටියේ.
මෙන්න බොලේ වැඩක්. අද මාව දැකලා එරෙව්වා නේ. මාව confuse වුනා.
" ආ .... මොකො මේ?? "
හ්ම්.. උත්තර නැත.
" මොකද ඔරවන්නේ ?? වදුරු පැටියෙක් වගේ. "
ඔන්න මන් දිහා බලන්නෙත් නැහැ.
" මොකද දැන්? "
මම එයා ළඟටම ලංවෙලා ඇහුවා.
" ඊයේ ඔයා මහා නරක වැඩක් කළේ? "
ඔන්න ඇති යාන්තම් හේතුවක් අහගන්න පුළුවන්
" මොකද්ද? "
" ඇයි ඉන්න කිව්වාම ගියේ ? මම කාමරේට එද්දී භූතයෙක් වගේ අන්තරස්දාන වෙලා. "
හරිනේ අමාරුව. ඊයේ අර ඩයිරිය දැකලා දිව්වා උසෙන් බෝල්ට් වගේ. දැන් දීපන්කො උත්තර.
" අහ්. සොරි ඉතිං. "
" දැන් ඉතින් වැඩක් නැහැ. "
අම්මෝ මෙයාගේ සැර. තරහත් යනවා කොල්ලට.
" ඒ මේ ? "
" ඔව්. "
" ඔයා කාට හරි ආදරය කරනවද? "
ම්ම්. කොල්ලගේ ඇස් දෙක ලොකු වුණා.
" ඔයා මාර ප්‍රශ්න අහන්නේ ? එහෙම නැහැ. "
බොරු උත්තරයක්. එයා කියද්දි මට තේරුණා.මම මුකුත් ආයේ ඇහුවේ නැහැ. මමත් ඉතිං පොතක් අරගෙන බල බල හිටියා. ඒත් පොතට වඩා මට වැඩිපුරම බැලුනේ එහා දිහා. කවදාවත් අයිති නැති ඇස් දෙකකට නේද මේ හිත ගියේ ?
ටිකින් ටික පන්තිය පිරෙන්න ගත්තා. අවසාන වශයෙන් අන්තප්පුරේ බිසවරු ටික බැහැ දැකලා මිනෝල් රජතුමා එක්ක උගේ සේනාපති දුලාංජ ආවා.
" ම්ම්. සුභ උදැසනක් වේවා කපල් එකට"
ඔන්න ඉතින් උදේම පටන් ගත්තා වචාල කට මිනෝල් ගේ.
YOU ARE READING
ආරාධනා දෑස් 💕
Non-Fictionමොනවදෝ කියනවා 💚 ❤️ මටත් එය හැගෙනවා නමුත් මගහැරෙනවා 💚 ❤️ නුඹ මගෙ දැනෙනවා.