හයියෝව්ව්ව්ව් මේ මනුස්සයගෙ මේ කියවිල්ල ඉවර වෙන්නෑනෙ ම‍ං දත් තිස් දෙකම අහ් නෑ නෑ විසි අටම පෙන්නලා හිනා වෙලා ඔලුව දෙපැත්තට වනලා කට පියාගෙන හිටියා.

"එතකොට මිස්ටර් වීරක්කොඩි පුතාව ඉස්කෝලෙ එවන්නෙ ගෙදර ඉඳන්ද නැත්නම් හොස්ටල් එකේ නවත්තනවද.?"

"අපි පුතාව ගෙදර ඉඳන් එවන්නම් සර්, පුතා අපි දෙන්නා නැතුව දවසක්වත් වෙන තැනක ඉඳලා නෑ."

අයියෝ අපේ අම්මා මගෙ නම්බුව ලෙෆ්ට් කරනවනෙ මෙතනට ඇවිත්. අවුරුදු දාසයක කොල්ලෙක් වෙලත් අම්මා තාත්තා නැතුව කොහෙවත් ඉඳලා නෑ කිව්වම ප්‍රින්සිපලා හිතුවද දන්නෑ මං ගේ අස්සෙම හැදිච්ච එකෙක් කියලා. මට ඉන්න යාලුවො අපේ ගේ අස්සෙ රිංගුවා මිසක් උන්ගෙ ගෙවල් වල අපි ගිහින් නැවතිලා හිටියෙ නෑ කියලනෙ හරි නම් කියන්න ඕනෙ

මෙහෙ යාලුවෙකුත් නැති නිසා මගෙ හිත කියන්නෙම ගෙදර ඉඳන් එන්න පුලුවන් උනාට කමක් නෑ යුහා උබ හොස්ටල් එකේ ඉඳපන් කියලා කොහොමත් ඉතින් හොස්ටල් ඉන්න පුලුවන් ඕ ලෙවල් ඉවර වෙනකන් විතරයිනෙ

ප්‍රින්සිපල් සෑර් ආයිමත් මගෙ certificate file එක දිග ඇරගෙන ඒකෙ උඩ ඉදන් යටටම බල බල හිටියෙ, ඒවා වල යටින් අත්සන් කරලා තියෙන පෑන හැදුව රටත් හොයන සයිස් එකට විමසිල්ලෙන් ඒ ටික බල බල හිටිය නිසා මං අම්මගෙ අතට තට්ටුවක් දාලා කතා කරා .

"අම්මා....."

මං අම්මගෙ කනට කරලා ශේප් එකේ හෙමීට කතා කරේ අම්මා එතකොට මං දිහා බැලුවෙ "ඇයි බබා චූ බරයිද.?" කියලා අහන්න වගේ

"අම්මා මාව හොස්ටල් දාන්නකො"

"බබා Are you sure? ඔයාට තනියෙන් ඉන්න පුලුවන්ද?"

"ඔව් ඔව් අම්මා මං ආසයි අනික exam ඉවර වෙනකන් විතරයිනෙ"

"ම්ම්ම් හරි එනම්"

මෙච්චර වෙලා කරන් ගිය සතර කන් මන්තරේ මීටර් වෙලාද කොහෙද ප්‍රින්සිපල් මගෙ ෆයිල් එක වහලා තියලා කණ්නාඩි දෙක උඩින් අපේ අම්මා දිහා බලලා "මොනාද මිසිස් වීරක්කොඩි පුතා කියන්නෙ" කියලා ඇහුවා

මුලදිම මට තේරුනා මේ බඩ ලොකු කණ්නාඩියට ඕනෙ නැති  සරණ මංගල්‍යයක් නෑ කියලා

You've reached the end of published parts.

⏰ Last updated: May 09 ⏰

Add this story to your Library to get notified about new parts!

Apratyāśit PremWhere stories live. Discover now