AMORE🍁❺

196 46 122
                                    

'රාත්‍රියේදී,මගේ කාමරය තරු එළිය කරන විට,
මම තනිවම වාඩි වී හඳට කතා කරමින්,
ඔබ වෙත යාමට උත්සාහ කරමි.'
-Talking to the Moon♥︎

බේකරියේ පාන් පිළිස්සෙන සුවඳ හැමදාම උදේට වෙනසක් නැතුව අදත් ගම්මානය පුරාම ගලාගෙන ගියා. පාන් වල නැවුම් සුවඳ හැමීමට වහින වැස්සනම් බාධාවක් වුනේ නැහැ. හොදට පදම් වුනු පිටි ටික අනන ගමන් ජන්කුක් කල්පනා කරේ උදේ වුනු සිදුවීම ගැන. හැමදේම හොදින් සිද්ද වුනත් ඔහුගේ හිත ඇතුලේ ප්‍රශ්නාර්ථයක් තවමත් ඉතුරු වෙලා තිබුනා. ඔහු නැවතත් කල්පනා කරේ උදේ සිද්ද වුනු සිදුවීම ගැන.

උදේ පල්ලියෙ ගෙවත්තෙදි කතා කරපු ඒ කෙනා දිහාවට හැරුණු ජන්කුක්ට දකින්න ලැබුනේ ඔවුන් එද්දි ගෙවත්තෙ මල් දිහා බලන් හිටපු පියතුමාව. ලාවට වැටෙන පොදට තෙමෙන ගමන් ඔහු බලාගෙන හිටියේ ජන්කුක්ගේ අමුතු ගැලවුම්කාරයා දිහා. ඒ ඇස් වල තිබුනු හැඟීම කියවන්න අමාරු වුනත් ඒ ඇස් ඇතුලේ ලොකු පසුතැවීමක ලකුණු අඳුරගන්න නම් ඔහුට බැරි වුනේ නෑ.

"ටේහෝන්ග් දෙවියනේ මේ ඔයා"

නැවතත් ඒ නමින්ම ඔහු අමතද්දි ජන්කුක් බැලුවේ ඔහු ළඟින්ම ඉන්න කඩවසම් තරුණයා දිහා. ඒ ඇස් තරහින් දිලිසුනා. හරියට ඊයේ රෑ දුටුව ඇස් වගේ. ලොකු තරහකින් ඒ ඇස් දිලිසෙමින් තිබුනා. පියතුමෙක් ඉස්සරහා ඉන්න නිසා ජන්කුක් අල්ලගෙන ඉන්න කඩවසම් තරුණයාගේ අත අතාරින්න හැදුවා. නමුත් ඔහු සිදු කරේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ තවත් තදින් ඒ අත අල්ලගෙන ජන්කුක්ව ඔහුගේ ළඟට ගත්තු එක.

 ඒ තවත් තදින් ඒ අත අල්ලගෙන ජන්කුක්ව ඔහුගේ ළඟට ගත්තු එක

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
S A L V A T O R E || TAEKOOK Donde viven las historias. Descúbrelo ahora