AMORE🍁❷

266 59 94
                                    

' මම තවදුරටත් තරුණ හා ලස්සන නැති විට ඔබ තවමත් මට ආදරය කරයිද?
මගේ වේදනාව හැර වෙන කිසිවක් නොලැබෙන විට ඔබ තවමත් මට ආදරය කරයිද?
මම දන්නවා ඔයා ඒවි කියලා,
මම දන්නවා ඔයා එහෙම වෙයි කියලා,'
-Young and Beautiful♥︎

කලු පාටින් වැහිලා තියෙන ගම්මානය ලා කහ පැහැයට හැරෙද්දි ග්‍රේසියා දිග ගවුමත් උස්සගෙන ගම මැද්දෙන් දිව ගියේ කළබලෙන්. පාරේදි අතරමඟ මුණ ගැසෙන අයත් නැවතිලා ග්‍රේසියාගේ කලබලේ දිහාවට නෙත් යොමු කරා.

"ග්‍රේසියා මොකද මේ තරම් කළබලෙන්?"

මේරී එහෙමත් නැත්නම් ගම්මානයේ ලොකුම ගොවිපලේ අයිතිකාරිය කිරි බාල්දියත් එක අතකට අරගෙන ග්‍රේසියාගෙන් ඇහුවා. කවදාවත් නැතුව දුවන ග්‍රේසියා ඇයට ගෙනාවේ පුදුමයක්.

"මේරි නැන්දේ ජන්ගූ අද Interview එකකට යනවා. අපේ ගෙදර කිරි ඉවර නිසා මන් මේ පහළ ගොවිපළට ගියා කිරි අරන් එන්න. ගිහින් එන්නම් නැන්දේ"

"අහ්හ් මාත් කොල්ලට සුභ පැතුවා කියන්න"

ග්‍රේසියා හැරෙන්නෙවත් නැතුව මේරීට අත වනාගෙන දිවගියේ ඇයගේ සගයා දැනටමත් පිටව ගොස්දැයි සැකෙන්. මොකද ඇයගේ මේ සගයා වෙනස්ම පුද්ගලයෙක් නිසා. ඇය හිතුවා වගේම ජන්කුක් පඩිපෙළ බැහැලාත් ඉවරයි.

"ජන්ගූ හිස් බඩින් යන්න එපා. මේ මන් කිරි බෝතලේ ගෙනාවා. ඒකත් බීලා නැනී දුන්නු මිදි පාන් එකත් කාලම යන්න"

ග්‍රේසියා කිරි බෝතලේ ඔහු දෙසට දෙන ගමන් හොද විමසිල්ලෙන් ජන්කුක් දිහා උඩ ඉදන් පහළට බැලුවා. කලු පාටින්ම හැඩ වුනු ජන්කුක් ඇත්තටම ගොඩක් කඩවසම්. වෙනද වගේම ඒ ඇස් වල හැඟීම් කිසිවක් නැති වුනත් ඒ පිරිපුන් මුහුණ නම් ගෙනාවේ අමුතු කතාවක්. ඒ අමුතු කතාව තියෙන කඩවසම් මුහුණ ඇයගේ හිත පවා හිරිවැට්ටුවා.

S A L V A T O R E || TAEKOOK Où les histoires vivent. Découvrez maintenant