Chapter 3

85 19 36
                                    

" මොකෝ දැන් තත්වෙ.."

" ශේප්...දැන් එයාට මාව ටිකක් හුරුයි..එත් ලොකුවට නැහැ..මන් එයා ගාවදි හුගාක් පරිස්සම් වෙනවා බන්..හොද දේකට කියලා වුනේ මන් නැති වෙලාවට එයා මාව හොයපු එක.."

" හ්ම්..ඒක නම් හොද ආරංචියක්..බාප්පා නම් උබ ගැන හෝප්ස් තියාගෙන ඉන්නෙ අහස උසටම..කොහොම හරි හොද කරයි කියලා තමා එයා කියන්නෙ...ඒක නෙමෙයි උබ මේ ලගින් ගෙයක් ගත්තාද.."

"ඔව් ලගදි ගත්තෙ..මට එයාව අරන් යන්න ඕනි.."

"මොකක් පිස්සුද උබට..උබ දන්නවනේ මේකේ තියෙන බරපතල කම..තාම උබට එයාව හරියට කන්ට්‍රොල් කරගන්නත් බැහැ.."

" එයා හොද වෙනවා නම් මම ඒ රිස්ක් එකක් ගන්නවා..මන් දැනටමත් පර්මිශන් ගත්තා..තව දවස් දෙකකින් මම එයාව එක්කන් යනවා..මන් හැමදෙයක්ම ලෑස්තිකරා..චෙක් කරන්න මෙහේට අරන් එන්න ඔනි වෙන එකක් නැහැ..මන් එ හැම දෙයක්ම ගෙදරට ගෙන්න ගත්තා..."

"අනෙ මන්දා බන් මටනම් උබව තේරෙන්නෙ නැහැ..උබ එදා ඉදලාම කරන්නෙ ගස් යන වැඩනෙ..නර්ස් කෙනෙක්ව හරි අරන් පලයම්.."

" අපි දෙන්නා විතරක් ඉදියම හොදටොම ඇති..මන් තාත්තාගෙන් ඔෆිසර්ස්ලා හතර දෙනෙක්ව ගාඩ් එකට දැම්මා..ඉදිරි මාස ටිකේ මගෙ සම්පූර්න අවදානය තීන්නෙ එයාට..."

මීට සතියකට කලින් මම එයා ගාවට යන්න තීරණේ කරා..මුලදි නම් එයා මාව දැකපු තැන එරෙව්වා..පපී පැටියෙක් වගේ..මේ සතිය ඇතුලෙ එයාට ක්ලෝස් වෙන්න මන් ලොකු කට්ටක් කෑවා...

මන් ලගට එන්න හදනකොට එයා කෑගහගෙන දුවන්න ගන්නවා..නැත්තම් ලග තියෙන දේකින් මට ගහනවා..අනික හොදම දෙ එයා ඩයිරි එක කලිසම අස්සෙ ඔබාගෙන ඉදපු එක..මට ගහන්න බඩු උස්සන් එද්දි සැරින් සැරෙ කලිසම අස්සෙ තිබුන පොත ලිස්සලා බිමට වැටුනා..

පොත ඇහිදලා දෙන්න ගිහින් මන් දෙපාරක්ම පොතෙන් කෑවා..එයා මට කෑගැහුවෙ අමුතු නමක් කියලා.."ස්වෑ..ස්වෑ.."හරියට පැහැදිලි නෑ ඒක..

එයා හැමතිස්සෙම හිතුවෙ මම ලගට එන්නෙ ඩයිරි එක උස්සන් යන්න කියලා...එයාට කොච්චර තෙරුම් කරන් මේ කොල්ලා ඇහුවෙම නෑ..එයාගෙ බෙඩ් එකට ටිකක් දුරින් ටේබල් එකක් බලෙන්ම දාගෙන දවසෙම එයාගෙ වැඩ දිහා බලන් ඉදියා..මන් එයා දිහා බලනකොටනම් කොල්ලා මීක් නෑ..මන් අහක බලාගද්දි නම් එයා මට දිව දික් කරලා ඇද කරනවා දැකපු නර්ස් කෙනෙක් මට ඇවිත් කිව්වා...

නොනිමි-Short story(Zhanyi)Tahanan ng mga kuwento. Tumuklas ngayon