Chapter 2

93 26 36
                                    

මෙ ලොකේ තමන් ජිවත් වුන අවසාන බලාපොරොත්තුවත් ගිලිහිලා ගිය දාට මිනිස්සු ජීවිතය අත්හරින්න තීරණය කරනවා...

හැමෝටම දරාගැනීමේ සීමාවක් තියෙනවා..එත් මම එ සීමාව පැනලා තියෙද්දිත් ඉවසන් දරාන ඉදියා..

එකම දේ ආයෙම කැරකිලා ඇවිත් සිද්ද වෙන තැන අපෙ සම්බන්දෙට තියෙන තේරුම මොකද්ද....

හැමදාම එකම විදිහට මම විතරක් අවසානෙදි රිද්දගෙන පැත්තකට වෙද්දි අහේතුකව එයා විසින්ම මවාගත්තු කාරණාවලට නොගැන පෙන උත්තර හොයන් විහින් දුක් විදින එයා ගැන මම මොනවා කියලා හිතන්නද...

එයයි මායි එකම තැන හිරවෙනවා...ඉස්සරහට යන්න අඩියක් තියන්න හැදුවත් ආයෙත් ඉදපු තැනට අපි දෙන්නා කඩන් වැටෙනවා...

මේක මගෙ වැරැද්දක්ද..නැත්තම් එයාගෙ වැරැද්දක්ද...

මම මිනිස්සුන්ගෙත් ඈත් වෙලා එයාව විතරක් ආශ්‍රේ නොකරපු එකද වැරැද්ද...
එයාගෙ යහපත වෙනුවෙන් එයා කැමති අකමැති මොනාද කියලා හරියට හොයලා නොබලපු එකද මගෙ වැරැද්ද...
එයා කැමති මොනවද කියලා දන්නවා වුනත් මම කොහොමද සැරින් සැරෙ එයා අකමැති වෙන දෙවල් අදුනගන්නෙ...

පුලුවන් උපරිමෙන් එයාගෙ හිත රිද්දන්නැතුව ඉන්න මම උත්සාහා කරා..
එයා අකමැති කියලා දන්න හන්දාම මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න පටන් ගත්තා..එත් ඉදලා හිටලා හරි මගෙ කරුමෙට මම කා එක්ක හරි කතා බහ කරොත් එයා අනිවාරෙම් එක දැනගන්නවා...

මට මගේ වැරැද්ද තෙරෙන්නෙ නැහැ..එයා ඇයි එහෙම හැසිරෙන්නෙ කියලා මට තෙරුම් ගන්නත් බෑ..මම දන්න එකම දේ එයා හුගාක් toxic කියලා විතරයි...ඒක over possesive එකට එහා ගිය දෙයක්...

මන් හිතුවෙ එයා මෙහෙම දෙවල් මට කරන්නෙ එයා මට ආදරෙ වැඩි නිසා කියලා..එත්..එයා මට ආදරෙයි නම් නොකලපු වැරදි වලට හරියට හොයලා බලන්නැතුව තනියෙම දෙවල් මවාගෙන මට රිද්දයිද..

එයා කායිකව වගේම මානසිකවත් මාව තුවාල කරා..පිච්චුන කැළැල් අතේ පේන්න තිබුනත් හදවතේ පිලිස්සුනු තුවාල කාටවත් පේන්නෙ නැහැ...

එයාගෙන් මට සමාජජාලාවල වත් ඉන්න අවසරයක් නැහැ..මන් පාවිච්චි කරන්නෙත් එයා යූස් කරලා අහක දාපු ෆොන් එකක්..එකෙත් වට්සැප් විතරයි..වට්සැප් ඉන්නෙත් එයයි මායි විතරයි..කොටින්ම මගෙ අම්මාගෙ නම්බරයක්වත් මන් ගාව නැහැ..හැම දේකම පාලනේ එයා ගාව...මම ඕවාට මුකුත් කියන්න ගියෙත් නැහැ..මොකද මාව අයිති එයාට කියලා මම දොහොත්මුදුන් තියන් භක්තියෙන් හිතාගෙන උන්නා...

නොනිමි-Short story(Zhanyi)Where stories live. Discover now