හැම මනුස්සයාම බලාපොරොත්තු වෙන්නෙ ගෙවෙන ඊලග තප්පරේදිත් සැනසීමෙන් හුස්ම ගන්න...
සැනසීම......
ඒ අකුරු හතර....
කාට හරි පුළුවන්ද සැනසීම කියන්නෙ මොකද්ද කියලා හරියටම කියන්න....නැ මන් දන්නෑ...
මට දැනෙන්නෑ....
සැනසීම...
මොකද්ද ඒක....මන් දැනගන්නෙ කොහොමද...
තේරෙන දා පටන් මම උන්නෙම ගිනි පෝරනුවක් ඇතුලක නම්....ගිනි ජාලා මැද්දෙත් මන් බලාන ඉදියා සීතල හුලගක් හමන් ඇවිත් මේ දුක් ගින්න නිවලා දානකම්..
ගිනිපුපුරු හමේ ඇලිලා පිච්චෙද්දිත් මන් බලාපොරොත්තු වුනා දවසක මේ ගින්න නිවෙයිනේ කියලා..
මන් මාවම දරාගත්තේ දවසක මේ ගින්නෙන් ගැලවෙන්න පුලුවන් වේවි කියන චේතනාව නිසා....ඒත් ඒ දවසක කියන දවස මට උදා වුනාද......
එහෙම දවසක් මගේ ජිවිතේට ආවාද...මන් හිතන්නෙ නැහැ...
එහෙම දවසක් මෙ ජිවිතේ ඇතුලේ තිබුනානම් අදටත් මම සැනසීම කියන්නෙ මොකද්ද කියලා නොදැන ඉන්න විදිහක් නැහැ....මෙතුවක් කාලයක් පුරාවටම මන් මාවම රවට්ටගෙන..
වෙන අයගේ යහපත ගැන හිතලා මන් මාව අතෑරියා...
මන් කොච්චර පව්ද...
එ මිනිස්සු මට කොයිතරම් නම් වෙනස්කම් කරත් අනේ එක හොදක් හරි තියෙනවනෙ කියන පදය අල්ලන් මන් මාවම නටවලා..ලය පුපුරලා ලෙ වැගිරිලා යනකනුත් මවාපෑම් අභියස මන් මාවම මරාදාලා...
හොදින් ඇස් ඇරලා බැලුවානම් ඕනම මෝඩයෙක්ට තේරෙනවා..එයාලා මට කරේ අසාදාරනකම් විතරයි කියන්න...
හැම අතින්ම ආදරෙ හොයන්න ගිහින් තැලිලා පොඩිවෙලා මට දැන් තෙහෙට්ටුයි...
දරාගෙන ඉදලම මට හරි වේදනයි...
මෙ ජිවිතේ කිසිම මනුස්සයෙක් ගාව මන් හොයපු සැනසීම තිබුනේ නෑ..එ හැමෝම කරේ මාව යොදාගෙන එයාලාගෙ වාසියට යොදව ගත්ත එක..ඒවා පෙනි පෙනිත් මම අන්දයෙක් වගේ ජිවත් වෙලා..මන් එතනදි මාවම රවට්ටගෙන..
ලෙයින් වදාපු දෙමව්පියන් පවා මාව ලංකරගත්තේ එයාලගේ ඕනෑ එපා කම් වලට විතරයි..ඕන වෙද්දි ලගට අරන් එපා වුනාම අතෑරලා දැම්මා..
BẠN ĐANG ĐỌC
නොනිමි-Zyanyi Short story(complete)
Fanfictionසැකය කලු දුමාරයක්...... ආදරය අතරට සැකය ආව තැන එ කලු දුමාරෙන් අපි සියල්ලෝම විනාස වී යනවා..