Chapter 1

142 20 35
                                    

මේ ජිවිතය....
කලකිරිමක්....
හැමදේකම අවසානෙ ඉතිරිවෙන්නෙ කලකිරිමක් විතරයි...
මොහොතක් හිනාවුනොත් වරු ගානක් අඩයි මම...
මන් අහන්නෙ ඇයි එහෙම???..
ඇයි ලබන පුංචි සතුටත් මේ තරම් ඉක්මනින් වාෂ්ප වෙන්නෙ..??

මෙ ලෝකෙ තුලිත වෙලා තියෙන්නෙ දුක හා සතුටෙන්ලු..හරි මම ඒක පිලිගන්නවා..එත් කතරකට දිය බිදක් වගේ සතුට ලැබිලා ගංවතුර ගලනවා වගේ දුක් විදින්න සිද්ද වෙන එක අසාරාදාරණ නැද්ද....

කිසිවක් තාවකාලික නැති මෙ ලෝකෙ මට ඔනී තාවකාලික සතුටක් නම්..
එත් මට ලබාගන්න අමාරුම දේත් ඒකම නම්...
අසරණ මම...මට ඒක තෙරුම් කරලා දෙන්නෙ කොහොමද...??

විදපු දුක් කන්දරාවට අත වනලා සමුදීලාත් මන් ආයෙම වැටෙන්නෙ ඒ හා සමාන දුක් ගොඩකට නම් මේ ජිවිතේ කලකිරීමෙන් පිරුනු එකක් වෙන එක සාමාන්‍යයි...

එකම විදිහට ආයෙ ආයෙ හිත රිදෙද්දි ඔතාගෙන උන්නු වෙලුම් පටිත් හදවත තවත් අල්ලන් වෙලාගෙන ඉන්න බෑ කියලා කෑමොර දෙනවා..

ඉරිතලලා පුපුරලා තිබුන මගෙ හදවත දැන් දැන් කෑලි වලට බිදිලා ගිහින් තියෙද්දිත් ආදරය කියන වෙලුම් පටි හරි අමාරුවෙන් අල්ලගෙන මාව ජීවත් කරවන්න උත්සාහා දරනවා....

හරි අමාරුයි...
තිබුන එකම සැනසීමත් සැරින් සැරෙ වෙනස් වෙවි මාව තලලා පොඩි කරලා දාලා ආයෙත් මුකුත් නොවුන ගානට මන් එක්ක හොදින් ඉන්න හදද්දි දැනෙන පිඩනය දරාගෙන ඉදලම මට අමාරුයි...

ආදරෙයි..ආදරෙයි..කියලා කොච්චර කෑගහලා කිව්වත් වැඩක් තියෙනවද දැනෙන් නැති හදකට......

මන් හිතන්නෙ මගෙ හදවතටත් දැන් ලාදුරු බෝවිගෙන එනවා...

රිද්දන්න පුලුවන් උපරිමෙන් රිද්දලා අවසානෙ සමාවත් එක්ක ආදරෙයි කියන වචනෙ මතුරන්න පුරුදු වෙලා උන්නු එයාට රිදෙන මගෙ හද ගැන නිශ්චියක් නැති වුනත් එක දිගට වැදුන ඊතල පහරවල් වලට සිදුරු වුන මගෙ හදවත දැන් එයාගෙ ආදරනීය සෙනෙහෙවන්ත බස් දැනුනනෙ නැති ගානට හුස්ම අදිනවා...

තැලිලා තැලිලාම මගෙ හිත දැන් කුඩුවෙලා...කෑලි අහුලලා ආපහු හයිකරලා ප්ලාස්ටර් ගැහුවට යතාතත්වෙට ගන්න පුලුවන් වෙයි කියලා මන් නම් හිතන්නෙ නැහැ...

නොනිමි-Short story(Zhanyi)Where stories live. Discover now