හැත්තෑ පස්වෙනි පරිච්ඡේදය

Start from the beginning
                                    

"ඒ කිව්වෙ?"

"අවියි මායි එකසැරයක් ඩේට් කරානෙ. ඒ සැරේ ඌට ජීවිතේ ම එපාවුනාද කොහෙද. පස්සෙ අපි බ්‍රේක් අප් උනා. මගේ තමා වැරැද්ද. කොහොමත් එතන ආදරයක් තිබ්බෙ නෑ. කොහොමත් මේ ප්‍රපෝසල් එක ඕනි උනේ අජීගෙ අම්මට. අපේ ඩැඩීට නෙවේ."

"සීරියස්ලි?.. අම්මා කිව්වෙ ඩේවි- නෑ මොකුත් නෑ ඒකනෙවෙයි ඔයා මේ ප්‍රපෝසල් එකටත් බෑ කියන්න හරිද..? පිස්සු නම් කෙලින්නෙපා අක්කෙ මං උබට කැමති නෑ."

"ඔහොම මූණටම කියනවද ඕයි. හරි හරි. මට තේරෙනවා. මාත් තමුසෙට කැමති නෑ. මගෙ ටයිප් එක වෙනස්."

"එහෙනම් ඇයි මේ ප්‍රපෝසල් එක ගේනකන් බලන් හිටියෙ?"

"පොඩි චිල් එකක් ගන්න. May be.."

"මොන විකාරයක්ද? මාව විහිලුවක් ද ඔයාට?"

"මෙහෙමයි ඉතින් අර එදා ජිම් එකේදි මං ඔයාට හම්බුනා මතකද.. මට ඕනි උනේ ඔයත් එක්ක බීෆ්‍රෙන්ඩ්ස් වෙන්න විතරයි. පස්සෙ මං රයන්ගෙ ඔයාගෙ නම්බර් එක ඉල්ලගෙන ටෙක්ස්ට් කරා මතකද.. තවුසෙනෙ හලෝ මාව දැක්කහම දුවන්නයි, නම්බරේ බ්ලොක් කරන්නයි ගත්තෙ. මට නිකමට හිතුනා මගෙ ඉන්ටෙන්ෂන් එක අනිවාරෙන් misunderstand කරලා ඇති කියලා. මට පොඩ්ඩක් ටීස් කරන්න විතරයි ඕනි උනේ. අපේ ඩැඩී ප්‍රපෝසල් එක ගැන කියනකන්ම මං ඒ ගැන මොකුත් දන්නෙ නෑ."

මං දන්නෙ නෑ සනී කියන්නෙ ඇත්තද බොරුද කියලා. ඒත් සමහරවිට ඇත්ත වෙන්නැති. සනී මේ විදිහට ඕපන් කතාකරන එකම ලොකු දෙයක්. ඒත් මට ඒකි මාව පොඩි එකෙක් ගානට දාලා කතාකරද්දියි මට යකා නගින්නෙ.

"ම්ම්ම්.. එහෙනම් එච්චරයි."

"දැන් ඉස්සරහට අජී මොකද කරන්නෙ? මං ඩැඩීට කිව්වොත් මං අජීට කැමති නෑ කියලා ඒකනායක අංකල් එතනින් නවතියිද?"

මං කල්පනා කළා. ඔව් එහෙම වෙන එකක් නෑ. අම්මලා තව මගුලක් හොයයි. ඒත් මං මොනවා කරන්නද.. මට විකල්පයක් තියනවද.. නෑ..

"මං දන්නෙ නෑ."

"මට පුලුවන් ඕනි නම් අජීට කල්ගන්න උදව්කරන්න. එච්චරයි."

"ඒ කිව්වෙ?"

"මං ඔයාට කැමතියි ඔයා මට කැමතියි වගේ ටික කාලයක් රඟපාන්න පුලුවන්. එතකන් ඉතින් අජීට නිදහසේ ඉන්න පුලුවන්. ඊලඟ ට කරන්නෙ මොනවද කියලා ප්ලෑන් කරන්න පුලුවන්."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now