🖤අනේ මේ එහෙම නම් ඔයාම ගිහින් එක්ක එන්න අනේ සුදු නෝනාගෙ ගෙදර යන්නම් යනවා විනාඩි 30 ක්‌ ඇයි වදේ.

💚 යනවා ඉතිං දැන් " ඕකී ඩියෝව ගත්තා වගේ නෙවයි ඉගිලෙනවා වැදුනොත් කුඩු මෙකී අනික අද පෝය පාරේ කොල්ලෝ වැඩි.

.
.
🌸අඩෝ වැහැලා පැවුවා වගේ නේ බං.
💚 උබලා පන්සල් යන්න බලාගෙන ද ආවේ බං සුදු ඇදලා
😊 ඔව් ඉතිං නැතිව ආයේ යන්න ද බං ගෙදර.
💚දැන් දවල් 1යී නේ බං හවස යමන් 4 ට වගේ මොකෝ කියන්නේ බයික් වලම කන්ද නගිනවා ද පහල තුෂාර අයියගේ ගෙදර දාල පයින් යනවා ද
🌸පයින් යමු බං අපි ලගින්ම ඉන්න කාලේ ජොලියේ ඉමු. මොකෝ කියන්නේ ok ද.

Ok ///
💚වරෙන්කො යන්න තිබීරි ඇලට යමන් සංජිව අයියගේ වත්තේ අන්නාසි ඇති බං " සංජිව කියන්නේ අපේ බබාගෙ යාලුවෙක් මෙකී මේ කොත්තු ඉල්ල ගන්න අන්නාසි වත්ත මුර කරනවා 🤣ඒ අයියා කොරියන් ඉදලා ආවේ සල්ලි පුච්චන්න මෙකී ඌගෙ දත් එකින් එක ගලවනවා බං පව් 🤣 මුලින්ම නම් ලොකු සීන් දැන් නම් අවුලක් නැ තිබීරි ඇල කියන්නේ කුරුණෑගල වැවේන් එන ඇල මාර්ගයක්‌ හැබැයි මේ ඇලේ ගැබුරුම තැන මේක රාජකාලේ හැටියට කුරුණෑගල රජා කරපු රජුගේ ඇතා නැවේ මෙතනලු. අනිවාර්යෙන් බිල්ලක් නම් ගන්නවා රත්තරන් සෙම්බු මිට්ටියක් තමයි තියෙන්නේ. වැඩේ කියන්නේ ඇලේ ගිලුනොත් මිනිය හම්බෙන්නේ එහා පැත්තෙන්. අනේ මන්දා බං දවසක් ඇල හින්දලා බැලුවා ඒ මුස්ලිම් ගැණු කෙනෙක් ගිලිලා මුස්ලිම් අය එකට කේන්ති අරන් තමයි එහෙම කරේ හැබැයි ගල් රෑන විතරයි තිබුනේ එකෙන් උනේ පහුවදා වැස්සා එක දිගටම අවසානේ මුළු ගම යටවෙලා තමයි නතර උනේ. "

🌸මොනාද බං කල්පනා කරන්නේ උබ.
💚නැ බං ඇලේ සීන් එක බං මැරන්නේ මෙහා පැත්තේ මතුවෙන්නේ එහා පැත්තේ නේ එකයි.
😊අනේ මේ මිහිල මගුලක් හිතන්න එපා යකෝ මේ ඇලට යන වෙලේ.
💙 අඩෝ වතුර බං යකෝ පට්ට බොරයි නේ නාන්න නම් බැ බං.
💚 අම්මෝ ඔව් නාන්න නම් නැ අනික වතුර වැඩි බං මේ ටිකේ වැස්ස නිසා හැරිලා ඇති.
🌸 යමන් අන්නාසි කඩාගෙන ගෙදර යමන්  යකෝ වෙලාව යනවා දැනෙන්නේ නැ නේ බං ඇලට ආවම දැන් 3 බං යමන් මේ සංජිව අයියා වෙඩි තියයි බං

💚 මේ වත්තේ බොහෝ
😊අන්නාසි ඇතේ
🌸ඉදිලා නැමිලා බරවෙලා ගෙඩි
💙 අපි ඔක්කොටම ගෙඩි 3 ක්‌ ඇතේ
🌸💚😊💙 වැඩිය කඩන නරක කොල්ලෝ එහෙම නෙවෙයි අපි.
 

Missed heart  💔 Completed 💔Where stories live. Discover now