පව්ලේ වැඩිමල් ළමයා වෙනවා කියන්නේ ටිකක් සංකීර්න දෙයක් මට අනුවනම්.ගෙදරම පාලනේ කරන ගෘහමූලික තනතුරේ ඉන්න තාත්තා කෙනෙක් නැති උනාම පව්ලේ පලවෙනි ළමයට වගකීම් ගොඩයි කියලා අම්මා මට‍ කියලා තියෙනවා. මං පුංචි කාලේ අම්මා කියුව ඒ වචන පුළුවන් විදියට මට‍ තේරුම් ගන්න හැකි උනා.අම්මා තාම ඉගෙන ගන්න නිසා නංගි මල්ලි බලාගන්න එක සම්පූර්ණ මගේ වගකීමක් උනා. මට උනා එයාලට අම්මා කෙනෙක් වෙන්න පොඩි වයසින්ම.මන් ඒ වගකීම හරිහැටි සිද්ද කරාද කියන්න මන් දන්නේ නැහැ නමුත් මන් පුළුවන් තරම් උපරිමෙන් එයාලව බලාගන්න මගේ ජිවිතේම කැප කරා.මගේ වයසේ අනිත් ලමායි තමන්ගේ සැප පහසු කලාපේ සතුටින් ඉන්නකොට මට සිද්ද උනා ගෙදර අය වෙනුවෙන් මහන්සි වෙලා හැමදේම ඉගෙනගන්න. කෑම හදන්න, රෙදි හෝදන්න, ගෙවල් අතුගාන්න වගේ හුගක් දේවල් මන් ඉගෙන ගත්තා. අද වෙනකොට මගේ ජිවිතේ පහසු වෙන්න එකත් එක් කාරණයක්.

මට අව්රුදු 10 ක්‌ උනහම අපිට ජිවිතේ විබහග වලින්  එන පලවෙනි කඩයිමෙන් ලකුණු 168 ක්‌ අරගෙන අලුත් ඉස්කොලෙක්ට යන්න වාසනාවක් හම්බුනේ එතකොට. මගේ පුංචි හිතට ඒ කලේ හිතුන එකම සිතිවිල්ල, "ඔව් දැන් මට හම්බෙන්න යන්නේ අලුත්ම ජිවිතයක්." කාලෙකට පස්සේ මං ඒ හේතුව නිසා හිනා උනා.මට අවස්ථාව හම්බුනා මද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙන්න. ඔව් මං හිතුව හරි. මට‍ වෙනස්ම විදියේ දිව්‍ය ලෝකයක් වගේ ලස්සන ලෝකයක් ඒ තුලින් දකින්න පුළුවන් උනා. ලංකාවේ විශ්ව විද්‍යාලයක් වැනි ආකල්ප හිතට දවසින් දවස ඇතුළු කරන පාසලකට යන්න ලැබීමම කෙතරම් වාසනවක්ද? එත් මට එහෙන් හොයාගන්න අමාරුම දේ උනේ යාලුවෝ.අව්රුදු දෙක තුනක් හ‍රි හමන් යාලුවෙක් නොහිටපු මට කෙනෙක්ව හම්බුනා. ඔව් අපි හොදම යාලුවෝ උනා.මං හිතන් හිටියේ ඒම.අපි අව්රුදු දෙක තුනක් එහෙම ඉදලත් එයාටම විතරක් ආවේනික උන හේතුවක් නිසා ඇය මාව ඇගේ ජීවිතෙන් අය්න් කරන්න ගත්තා.ගෙදරින් ලැබුන පාළුව මකාගන්න මට හිටපු කෙනාත් හේතු විරහිතව මගේන් ඇත් උනා.ඒ ටික කාලෙකට පස්සේ මට හම්බුනා මං වගේම මට ආදරේ කරන සහෝදරියක්. අද වෙනකොට ඒ යාලුකමට අව්රුදු 14 කටත් එහා. මගේ ජිවිතේ මට දැනුන අනාරක්ෂිත හැගීම් හැම එකක් ඇතුලෙම මං දැක්ක ආරක්ෂිතම හැගීම ඇය.ගෙදරින්, සමාජයෙන් ලැබුන අනවශ්‍ය පීඩනය ඇතුලේ ජිවිතේ අත්හරින්නේ නැතුව ජිවත් වෙන්න ඇය මට කියලා දුන්නා.මම හුගක් සමාජයට විවර නොවන පුද්ගලයෙක්.හිතා මතා සිදු උන වරදක් නැතත් මට සිද්ද උනා නිවසේ අයගෙන් දරාගන්න බැරි විදියේ කතා අහන්න.මගේ ජිවිතේ කිසිම දවසක මට පව්ලකින් ලැබෙන්න ඕන ආදරේ ලැබුනේ නැහැ.මගේ සහෝදරයන්ට ඒ ආදරේ නම් අඩුවක් උනේ නැහැ. ඇතැම් වෙලාවට ඒ ආදරේ නොලැබෙන්නත් හේතුව අම්මා හැමදාම කියන විදියට මං තාත්තා වගේ නිසාද කියලත් සිතුනු වාරනම් අනන්තයි.මට‍ මගේ ජිවිතේ නැති කරගන්න පවා අදහස් ඒ කාලේ ඇති උනා.ගොඩාක් දුර‍ට ඒ අදහස් මගෙන් ගිලිහිලා ගියේ මගේ යාලුවා දිවා රෑ නොබලා ඒ හැමදෙයක්ම අහන් ඉදලා "අත්හරින්න එපා හැමදේම හොද විදියට වෙයි "කියලා කියපු නිසා වෙන්නැති.

Luck ☘️🖤Место, где живут истории. Откройте их для себя