පනස් තුන්වන දිගහැරුම ~

1.4K 312 287
                                    

චටස්!

" උබත් අප්පෙක්ද යකෝ ! තෝ හිතුවද මාත් තොපි වගේ සක්කිලියෙක් කියලා අහිංසක කෙල්ලෝ විකුනලා හම්බකරන් කන්න ! "

" දෙයියනේ ලොකු පුතේ ! "

මං හිතන්නේ මිනිහෙකුට හැමදේකටම සීමාවක් තිබුනා...ඒත් දේව් සමුද්‍රට කේන්තිය කියන මාතෘකාව ඇතුලේ තිබුන සීමාව ගැන කිව්වොත් උපරිම විනාඩි පහයි...මං ඉවසන්නේ විනාඩි පහයි...ඕනෙම එකෙක් ඉස්සරහ මං ඉවසුවේ විනාඩි පහයි...ඒක මගෙ තාත්තා කියන එකාටත් පොදු වෙද්දි ඌ හෙන ආඩම්බරයෙන් මට ඒ කිව්ව පාහර කතාවත් එක්ක මගේ ඇග ඇතුලේ ඉන්නේ යකා ආවේස වෙලා ගියා...අන්තිමට තාත්තාද ලේද ඥාතිද කියලා බලන්න මට වේලාවක් තිබුනේ නෑ, මොකද මගේ මොලේට කලින් මගේ අත වැඩ කරපු නිසා...

අවුරුදු දාහත ඉවර වෙන්න ඔන්න මෙන්න තිබුන වෙලාවක මගේ අතින් තාත්තාට වැදුන පාරත් එක්ක ඌ ලග තිබුණු වේවැල් පුටුවත් කඩාගෙන බිමට වැටෙද්දි පහන තියන්න මල් කඩන්න ගිය සීයාතාත්තා මල් වට්ටිය බිමට අතෑරලා දාලා ඉස්තෝප්පුව මැද්දේ පලස්තීනෙයි ඊශ්‍රායලෙයි වගේ ගහගන්න මමයි තාත්තයි මැද්දට පැන්නා...

" ලොකු පුතේ...එපා රත්තරනේ ඔය උබේ තාත්තා ! "

" තාත්තා ?! මූ තාත්තෙක්ද ? ආ මූ තාත්තෙක්ද ? තමන්ගේ දරුවගේ වයසේ කෙල්ලොන්ව සල්ලි වලට පිටරටට විකුනන්න හදන මූ කැ* පො*නයා ! මූත් තාත්තෙක්ද ??!! "

" දේව් මං උබේ තාත්තා !! උබ කොහොමද මට අතක් උස්සන්නේ ආ යකෝ !! "

" තෝ වගේ පර බල්ලෙක්ට අත විතරක් නෙවෙයි හු*තෝ මං මන්නේ උනත් උස්සනවා ! "

සීයා තාත්තා මගේ පිටිපස්සෙන් හිටගෙන මගේ බඩ මැදින් අත් දාලා මාව පිටිපස්සට අදිද්දි මටත් දෙතුන් පාරක්ම අත මිටමොලවලා ගහපු තාත්තා මට ඌ මගේ කාගේ කවුද කින්ද මන්දා මතක් කරන්න හදද්දි පාලනය කොහොමත් සම්පූර්ණයෙන්ම පිට ගිහින් හිටිය මං පවු ද පින් ද අදාල නෑ දකුණු කකුලෙන් උගේ බඩට පයින් පාරක් ගහන ගමන් කෑ ගැහුවා...ඒ කෑ ගැහිල්ලට සද්දෙට ඇතුලේ හිටිය ආච්චි අම්මත් රෝද පුටුව තල්ලු කරගෙන සාලට එද්දී මං බලාගෙන අභී විතරක් කිසිම හැගීමක් නැතුව කාමරේ උළුඅස්ස ගාව හිටගෙන අපි දිහා බලන් ඉන්නවා...

~ සමුද්‍ර සිහිනය ~Where stories live. Discover now