🌙 15

61 10 2
                                    

🔘 Kim sohe pov

මෙතන ඔක්කොම ලස්සනයි උදේම ඉර එලිය මූනට වැටෙන එක තමා ලොකුම අවුල. ඔප්පට කියන්න ඔනේ මෙතන cover කරන්න කියලා. රෑට විතරක් අරින්න පුලුවන් විදිහට. ඇයි ඉතින් අපි උදේ පාන්දර නැගිටින මිනිස්සු නෙමේ නේ. අහ් මගෙ මුලු බෙල්ලම දනවා අප්පා.. මම දූවන් ගිහිල්ලා කන්නාඩියෙන් බෙල්ල දිහා බැලුවා. දෙයියනේ මම ඉන්නේ sport bra එකයි ශෝට් එකයි පිටින් විතරයී. හැම තැනම තද රතු පැල්ලම්.

Sohe - oopss. ඊයේ මෙච්චර දරුනු දෙයක් උනාද ?

බෙල්ල පුරාම බල්ලෙක් උප්ස් නැ නෑ ලස්සන වෘකයෙක් කෑවානේ. ඊයෙ වෙච්ච දේවල් මට ටික ටික මතක් වුනා. මෙහෙමයි සාමාන්‍යයෙන් හැමෝටම ඕවා මතක හිටිනවා. මම කිව්වේ වෘකයන්ට. එයාලව මාක් කරන විදිහ එයාලට සදහටම මතක හිටිනවා. මොකද ඒක ගොඩක් ආදරයෙන් වගේම ගෞරවයෙන් කරන දෙයක්... ඒත් එ කිසි දෙයක් මට මතක නැත්තේ ඊයේ රෑ මන තනිකරම out of control. නැත්නම් මම ඔප්පගෙ tshirt එක කෑලී වලට ඉරයිද කියන්නකෝ..... දෙයියනේ දෙයියනෙ.... ඒවුනත් ඊයේ රෑ ලස්සන memory එකක්. මොකද මම දැන් officiallyම ඔප්පගෙ මේට්. මගෙ මාක් එක දකින ඕනම කෙනෙක් අනිවාරෙන්ම දන්නවා මම ටේ ඔප්පගෙ කියලා.... හුම්ම්ම්

ඔප්පගෙම tshirt එකක්ම දාන් මම පල්ලෙහට එද්දී එයා kitchen එකේ උයනවා. Shirtless මෙයා ඇත්තටම පෘථිවියේ ජීවියෙක්ද ? I mean කොහොමද දෙයියනේ මෙහෙම මනුස්සයෙක් ලස්සන වෙන්නේ. Anyways මෙ මනුස්සයා මගෙ නෙ හුම් එච්චරයී.

Tae - මොනාද කන්න වගේ බලන් ඉන්නේ princess ?

Sohe - ඉස්සෙල්ලාම ඔයාව කන්නද නැත්නම් කෑම එක කනද කියලා බැලුවේ..

Tae - ඇයි ඊයේ රෑ මාව කෑවා මදිද ?

මම මුකුත්ම කියන්නෙ නැතුව මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව බීලා ඔප්පා දිහා හොරෙන් බලලා ඉක්මනට phone එක දිහා බැලුවා. කොහොමද දෙයියනේ මම මූන දෙන්නේ. මගෙ ඇගේ ඉන්න වෘකයා මෙච්චර dirty minded වෙන්නේ කොහොමද ? ඊයේ රෑ හිටියේ මම නෙමේ එච්චරයි

Tae - එක්කෙනෙක්ට ලැජ්ජා හිතිලද ?

Sohe - පිස්සුද මම මේ බැලුවේ ආයෙත් ඔයාව කන්නද කියලා

Tae - යාහ් සෝහී

Sohe - yes dady

මම ඇහැක් ගහලා ඔප්පට එහෙම කිව්වහම පොර confuse වෙලා ගියා. ආව මෙතන මේ අහින්සක මාව ලැජ්ජා කරන්න. හරි හරි මෙහෙමයී මගෙ වෘකයා අහින්සක නොවුනට මම අහින්සක මලක් නේ. මම අපෙ ඔම්මගෙයි අප්පගෙයි චූටී හුරතල් කෙල්ල තාම.

WOLF OBSESSION 🐺Where stories live. Discover now