අපි හැමෝගෙම දෑස් පුදුමයෙන් විශාල උනා..
ඒ අල්මාරිය පිටුපස තිබුනේ දොරක්.. !!

ඒත් නියම පුදුමය ඇතිවුනේ ඒ දොර විවෘත කලාට පස්සේ ..

............❤️💚...........

ඒ දොර විවෘත උනේ රහස් කාමරයකට..
දෙයියෝ සාක්කි.
මුලු කාමරේ පුරාම රූප. 
Xiao zhan ගෙ රූප..

ඊට පස්සේ කබඩ් එකක තිබුනේ ලොකු box files..
2016 ඉදන් මේ වෙන කල් අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම files..
Pre debut era කියලා වෙනම file එකක්..
ඒවායේ තියෙන්නෙ ඒ එක එක අවුරුදු වල xiao zhan ගේ ෆොටෝස් , නිර්මාණ වල තොරතුරු .. මාසෙන් මාසෙට  sub folders හදලා..

මේක මොන වගේ obsession එකක්ද දෙවියනේ .

කාමරයේ එක් පැත්තක තිබුනෙ ලොකු රතුපාට කබඩ් එකක්..
ඒක විවෘත කලාම අපිට දැනුනේ ඇගේ ලේ ටික අයිස් වගේ සීතල වෙන ගතියක් ..

රතු පාට අල්මාරියේ ඇතුල් පැත්තේ සුදු අකුරෙන් ඉංග්‍රීසියෙන් ලියලා තිබුනේ
" Die .. Wang  yibo .. Die.. "
කියලා  ..

අල්මාරිය ඇතුලේ පින්තූර ගොඩක් තිබුනා. ඔක්කොම පින්තූර වල මූණවල් රතු තීන්ත පදාස විදිහට ගාලා විකෘති කරලා තිබුනා. සමහර ඒවා බෙල්ල ලගින් වෙන් කරලා..

ඒවා wang yibo ගෙ පින්තූර කියලා අපි හදුනාගත්තේ අමාරුවෙන් , ඒවා අපිට ගොඩක් හුරුපුරුදු හින්දා විතරයි.

ඇතුලේ චීන අකුරු වලින් හා english වලින් තව එක වාක්‍යයක් ලියලා තිබුනා

" BJYX is real.. Only until yibo is around "
" BJYX ඈත්ත වෙන්නෙ යිබෝ ඉන්න කල් විතරයි.."

තව බොක්ස් ෆයිල් කීපයක් තිබුනා යිබෝගෙ විස්තර එක්ක ..
" Know your enemy " කියලා තමයි ඒ ෆයිල් නම් කරලා තිබුනෙ..

මෙයා obsessive විදිහට xiao zhan ට කැමතියි වගේම යිබෝට  ඒ තරමටම වයිර කරන කෙනෙක් වගේ තමයි පේන්නේ..

හැබැයි yizhan ඇත්ත කියලාත් පිලිගන්න බව තමයි මේ තරම් යිබෝ ගැන තියෙන hatred එකෙන් පැහැදිලි වෙන්නෙ .

" රයන් මේ apartment එක අයිති කාටද කියලා දන්නවද?? "
පොලිස් ඔෆිසර්ස්ලා එක්ක කතා කරලා ආපු wu chang මගෙන් ඇහුවා.

Peng chao ගේ පැමිණීම , ඊට පස්සේ මේ කාමරේ තිබුනු දේවල් එක්ක මටත් ඒ ගැන යම් අදහසක් ඇවිත් තිබුනේ..

මම කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now