ජූවොන්
ඔව් ජූවොන්, මට දැන්ම මෙහෙන් යන්න ඕනෙ. ඒ නිසා මං මගෙ යාලුවට කතා කරාට කමක් නැද්ද මෙහෙට?
ඒත් ඔයාගෙ තුවාල හොඳ නෑනෙ?
ඒක ප්‍රශ්නයක් නෑ. කොහොමත් ඔයා මං ගැන දැනගත්තොත් මාව එලියටම ඇදල දාවි
සුගා හිනාවක් දාන් ඇස් පොඩි කරන් මාර සියුම්ව කතා කරන දිහා කෙල්ල බලන් ඉඳියා. මාරම නපුරුපාට හැන්ඩ්සම් ගතියක් එයාගෙන් පෙනෙද්දි කෙල්ලගෙ හිත අමුතුවට නටන්නගත්තා.
හරි එහෙනම්, ප්‍රශ්නයක් උනොත් එන්න මං බෙහෙත් කරන්නම්.
කෙල්ල හිනා වෙලා පපුවත් අල්ලන් ශේප් එකේ කිචන් එකට ගිහින් ටිකක් වැඩියෙනුත් කෑම හදන්න ගත්ත. යාලුවො එනවලුනෙ කාල ගියොත් එහෙමයි නැත්තං ඒත් එහෙමයි. කෙල්ල එයාටම කියාගත්ත.
ටිකක් දවල් වෙද්දිම වගේ කෙල්ලට ඇහුනෙ ගෙදර ඩෝ බෙල් එක රිං වෙන සද්දෙ.
ඉන්න එනවා!
ලෙහිල තිබ්බ කොණ්ඩෙ ගැටගහගන්න ගමන් කෙල්ල දොර අරින්න දිව්ව. හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ටාර් ගාල දොර ඇරපු කෙල්ල දැක්කෙ ලස්සනට හිනා වීගෙන එතන කොල්ලො තුන්දෙනෙක් ඉන්නව.
හායි!
තුන්දෙනාම එක හඬින් හරියට මොන්ටිසෝරි ළමයි වගේ කියද්දි කෙල්ල උඩ විසික් උනා. එතනිං එක්කෙනෙක් ඇස් හුච්චං වෙලා පේන්නැති වෙන්නම හිනාවක් දාන් හිටිය, අනිත් එක්කෙනා මහ අමුතු පෙට්ටි හිනාවක් දාගෙන හිටිය, එතකොට අනිත් එක්කෙනා හයිය හත්තිය තියන පෙනුමක් තිබ්බට තනිකර කියුට් පෙනුමක් තිබ්බෙ, එයා ඉස්සරහ පොල් දත් දෙක්කුත් දාන් හිනා වෙලා හිටිය.
හ්-හෙලෝ කවුද ඔ-යාල?
අපි ආවෙ යුන්ගී හ්‍යෝං එක්කං යන්න.
යුන්ගි? ආහ් සුගා
2. he is not okay
Start from the beginning