" මම දන්නවා ඒක.. කලබල වුනාට මට සමාවෙන්න.. ඔයාගේ එක්සෑම් ඉවර වෙනකන් ඉන්න මම ක්ලාස් නවත්තනවා.. "

" ක්ලාස් නවත්තන්න ඕනි නෑ.. එක්සෑම් ඉවර වුනාම මම ඔයාගේ ලමයෙක් නෙවෙයිනේ.. එතකොට ඔයාට අයිතියක් තියේනේ ඔයා කැමති කෙනෙක් එක්ක ඉන්න.. "

" ඔව් ඒක ඇත්ත.. ඒත් මට ඕනි වැඩ අඩු කරන් ඔයා එක්ක නිදහසේ ඉන්න.. මට ඔයාව මැරි- "

" අභී!! ඔයා මාව මොකක් කරනවා කිව්වා ??? අභී ඔයා මේ දැන් මට ප්‍රපෝස් කරා හා සමානයි හොදේ.. "

" අනේ මේ නිකන් ඉදහන් මට බෑ තවුසෙව බදින්න.. මම කිව්වේ නිදහසේ ඉන්න ඕනි කියලා.. ඔය බදින වැඩ කරදරයි.. අනික තාම යාලු වෙලත් නැතුව බදින්න කතාව "

අභී කපටියා.. කටින් පිට වෙච්ච වචන මගාරින ලස්සන.. නොකිව්වත් මූනට මමත් දන්නවා ඒ හිත හොයන්නේ මාව කියලා.. ඉස්සර නොදැනුනත් මට දැන් දැනෙනවා ඒ හිතේ මන් වෙනුවෙන් ආදරේ පිරිලා ඉතිරිලා යනවා කියලා.. මම එයා කියවන මැද්දෙන්ම ඒ තොල් දෙකේ හාදුවක් තිබ්බා..

මම එයාට ආදරෙයි.. පිස්සු හැදෙන්න තරම් ආදරෙයි..  වයස 30කටත් කිට්ටු වෙන්න වුනාට එයා තාම මටත් වඩා පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ.. ආදරේ හිතෙනෝ අප්පා...

මම තවත් හාදු කෝටියක් විතර ඒ මූනෙයි තොල්වලයි ඇස් වලයි නලලෙයි තිබ්බා..

" මොකෝ මේ හුරතල් වෙන්න එන්නේ.. මොනාද හිතේ තියන් ඉන්නේ.."

" මට අද අරක කරන්න ඕනි.. "

" කැහ්.. කැහ්.. යකූ කෙලත් හිර වුනා.. "

" ඇයි මේ බයවෙලා "

" බය වෙන්නේ නැතුවද ඉබලා ඉබලා තවුසේ ඕම කියද්දි.. අනේ මල්ලී මට අතවර කරන්න එපා... "

" පල යන්න කැහැට්ටා.. මට ඕන්නෑ තවුසෙගේ ඕක.. මන් අලුත් සර්ගේ එක ඉල්ලගන්නවා "

" අලුත් සෑර්ගේ ඇටේ එහෙම එල්ලෙනවා ඇති යාර ගනන්.. මොකෝ ඒ තරම් වයසයිනේ.. "

" ඊයා අභී... "

" ඉතින් ඇත්තනේ.. මම කිව්වනේ තවුසෙට මම හොයලා බැලුවා කියලා.. ඒ නාකි මිනිහාට මුනුබුරො මිනිබිරියොත් ඉන්නවා.. ඉතින් ඒකාගේ එකනම් උබට තියෙන විසේට මදි බබා.. "

HEY, HANDSOME Where stories live. Discover now