පස්වන කොටස

Start from the beginning
                                    

"තමුන් ඔය මොකද කරන්නෙ ආ."





මන් ඇහුවට කොල්ලගෙ සද්දයක්වත් නෑ.මට ආපු කේන්තියට මම කොල්ලගෙ කම්මුලට ගැහුවා. මගෙ රෝසමල තමයි මට ඉන්න වටිනම වස්තුව.මන් ඉන්නකොටනම් කමක් නෑ.ඒ කොල්ලා කොහොමද මගෙන් අහන්නෙවත් නැතුව.මන් රෝසමලව මන් ලගට ගත්තෙ කොල්ලා කම්මුල අල්ලන් බිම බලන් ඉද්දි.





"තමුන් මේක හොදට අහගන්නවා.තමුන් ආපහු මගෙ රෝසමලට අතක් හරි තිබ්බොත් මන් නරක මනුස්සයයි කියන්න එපා.හොදයි හොදයි කියලා ටිකක් බලාගන්න දුන්නහම මේ වගේ තැන් වලත් එක්ක එනවද ආ.මගෙ දරුවට මොනවහරි වුණොත් තමුන්ව මම ඉතුරු කරන්නෙ නෑ.කාගෙ දරුවද තමුන් මෙහෙම තැන් තැන් වල අරන් යන්නෙ ආ.තමුන් මේ වලව්වෙ වැඩ කාරයෙක් වුණාට මගෙ දරුවා එහෙම නෑනේ.ඒ නිසා ආපහු තමුසෙ මගෙ දරුවව බලාගන්න ඕනේ නෑ.දැන් මෙතන මොකෙද්ද වගේ බලන් ඉන්නෙ නැතුව යනවා යන්න."





මට ඇත්තටම කේන්තියි.මන් ආපහු රෝසමලව එක්කන් වලව්වට එන්න ආවා.
ඒත් එක්කම රෝසමල මට කතා කරලා කිව්වෙ වෙනම දෙයක්.





"දැදා නැගිත්තද? ඒත් තදූ පව් දැදා. ඇයි උයා එයාත ගැවුවෙ. ලිදෙනවා ඇති තදූත.දැදා උයා ඊයේ දොයියන් ඉද්දි උයා නගිත්තෙ නා කීලා තදූනම් උයාත ගහව්වෙ නා.එයා උයාත කිශී එහෙකුත් දුන්නා.ඒත් උයා ඇයි එයාත ගහව්වෙ.කිශී දෙන්න හොද නෑද ඒ නිතාද උයා සදූත ගහව්වෙ."





මොකද්ද ඒ කතාවේ තේරුම ගැහුවෙනෑ, එතකොට කි..කිස් මො..මොනවද මේ රෝසමල කියන්නෙ.ඒ කොල්ලවනම් මට තේරුම් ගන්නම බෑ.මොන විකාරයක්ද මේ. ඇයි මට ඒ කොල්ල පව් කියලා හිතෙන්නෙ.මට ඒ වෙලාවේ එහෙම පව් කියලා හිතුනෙ නෑනේ.සමහර විට රෝසමල කිව්වනිසා වෙන්න ඇති.මට මොකද කවුරුවත් අඩපුවහම එයා සෙල්ලන් කරන්න හැදුවෙ මේ දේවරාජ පොඩි හාමුගෙ ජීවිතේ එක්ක.






___________________________________________





සදහිරු pov:


පුංචි බේබිව එක්කන් පහළට යන්න හිත නොදුන්නත් මම පුංචි බේබිවත් එක්කන් පහළට ගියේ පහළ ළිදට පොඩ්ඩක් එහයින් තියන ඇළේ මාළු බලන්න ඔන්නෙමයි කියලා පොඩ්ඩ අඩපු නිසා.පස්සෙ මාළුත් පෙන්නලා එනකොට ළිං පඩිය උඩ ඉදගන්න කියලා යනකොටම මට මතක් වුණේ පුංචි බේබි මන් අතේ නේද කියලා.ඒක පුරුද්දකට ගිහිල්ලා මට. පස්සෙ පුංචි බේබිව අරන් ගිහින් හාමිනේට දීලා පහළට එනවා කියලා හිතාගෙන උඩට යන්න හැරෙද්දිම සුදු බේබි එකපාරටම මන් ළගට ඇවිත් මොකද කරන්නෙ කියලා ඇහුවා. මට එකපාරටම වුණේ මොකද්ද කියලා හිතාගන්න බැරිවුණ නිසා උත්තර දීගන්න බැරි වුණා.



අහිමි මතක (Taekook Nonfanfiction)Where stories live. Discover now