"දැන් ඒවට පුරුදු උනොත් හොදයි මොකද ඔයාට මාව කසාද බදින්න වෙනවා අභී අයියේ ඔයත් ඒක හොදට මතක තියාගන්න. අප්පච්චි ඒ ගැන කතාකරන්න තමයි ආවේ. ඒකට කැමති නැති වුණොත් ඒකටත් එයා ලෑස්ති වෙලයි ආවේ."
මාව එතනම නතර වුණා.මොනවද මේ කියන්නෙ. නෑ නෑ ඒක වෙන්න බෑ. මේක වෙන්න බෑ. ඒකියන්නෙ අප්පච්චි පොරොන්දු වුණා කිව්වෙ මේකටවත්ද? නෑ මගෙ අප්පච්චි කවදාවත් මට එහෙම කරන්නෙ නෑ. දෙයියනේ මන් දැන් මොකද කරන්නෙ.මන් හිත හිත ඉද්දි තිසෙන්දි මාව පහුකරගෙන වලව්ව ඇතුළට ගියා.
මන් ඒ පස්සෙන් ගේ ඇතුළට ගියා.යද්දි ඇමතියා ඉදන් ඉන්නවා. අප්පච්චි එක්ක බර කතාවක්. මාත් ගිහින් අප්පච්චිටයි ඇමතියටයි ඉස්සරහ තිබුණ පුටු සැටියෙ ඉදගත්තා. තිසෙන්දිත් මට එහා පැත්තෙන් ඉදගත්තට පස්සෙ ඇමතියා කතා කරන්න පටන්ගත්තා.
"අභිශේක් පුතා දැන් ලස්සන වෙලා කොච්චර කාලෙකින්ද දැක්කෙ. පුතාට මාව මතකයිනෙ එහෙම අමතක වෙන්නෙ කොහොමද නේද?"
කාලකන්නියා , උබේ කටින් මගෙ නමවත් කියන්න එපා. ඒ තරමට අප්පිරියයි මට. දන්නවා මට කොහොමත් උබ වගේ එකෙක් අමතක වෙන්න විදිහක් නෑ කියලා. දැනුත් මගෙ කේන්තියේ උපරිම.මට මුකුත් කරන්න බෑ මෙතන අප්පච්චි ඉන්න නිසා.
මම මුකුත්ම කිව්වෙ නෑ බොරු හිනාවක් දාලා අහක බලා ගත්තා."දැනටමත් පුතා දන්නව ඇතිනෙ මන් ආවේ මොකදටද කියලා.ඉතින් මන් අප්පච්චි එක්ක කතා කරා.මම ආයම කියන්න ඕනේ නෑනේ. කොහොම උණත් මේකට කැමති වෙන එක මේ ගෙදර හැමෝටම හොදයි. නැත්තම් ඉතින් මට කල්පනා කරන්න වෙනවා මොකද කරන්නෙ කියලා."
මොනවද මිනිහො මේ කියන්නෙ. මගෙම ගෙදරට ඇවිත් මටම තර්ජන කරනවද උබ. හිටපන්කො අද තමා උබ මන් කවුද කියලා හරියටම දැනගන්නෙ.කොහොම කිව්වත් උබ වගේ එකෙන් ඉන්න තැනකින් මට වතුර උගුරක් වත් ඕනේ නෑ. මට තවත් නම් කට පියාන ඉන්න බෑ. මන් නැගිටින්න හදද්දිම වගේ අප්පච්චි කතා කරන්න ගත්තා.
"මම කලිනුත් කිව්වනෙ ඇමතිතුමා මගෙ තීරණේ ගැන, ඒ නිසා කලබල කරන්න ඕනේ නෑ. මම හිතනවා ඔබ තුමා මම කියන දේ තේරුම්ගනියි කියලා."
YOU ARE READING
අහිමි මතක (Taekook Nonfanfiction)
Non-Fictionමන් මේ හිතට හරි ආදරෙයි මහත්තයො.ඒත් මන් මේ වලව්වෙ වැඩකාර කොල්ලා.මන් මගෙ මහත්තයට ගැලපෙන කෙනෙක් නෙමෙයි.අනේ මට සමාවෙන්න මහත්තයො. සදහිරු මට උබ කවුරු වුණත් වැඩක් නැහැ.මට ඕනේ උබ විතරමයි.මේ දේවරාජ පොඩිහාමු ආදරේ කරන්නෙ සදහිරු කියන රෝසමලට විතරමයි. අභීශේක්